(චන්දන ප්‍රනාන්දු සහ රවින්ද්‍ර ලියනගේ )
බලපත්‍ර නොමැතිව විදේශිය මත්පැන් බෝතල් 75 ක් නයිනමඩම ප්‍රදේශයේ නිවසක තබා ගැනිම සම්බන්ධයෙන් එම නිවසේ හිමිකරු අද (25) සැකපිට අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය පවසයි.
නිවසක විදේශිය මත්පැන් තොගයක් අනවසරයෙන් තබාගෙන ඇති බවට ලැබුණු තොරතුරක් මත මාරවිල අධිකරණයෙන් ලබාගත් සොදිසි වරෙන්තුවක් මත සිදුකළ පරික්ෂාවකදි මෙම මත්පැන් තොගය සොයාගත් බව පොලිසිය කියයි.
මෙම තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 10 ක් පමණ විය හැකි බව පොලිසිය කියයි.
සැකකරු කාලයක සිට තම මිතුරන්ගෙන් හා නැදැයන්ගෙන් තෑගි ලෙස ලැබුණ මෙම මත්පැන් බෝතල් එකතුවක් ලෙස තබාගෙන ඇති බවට තොරතුරු හෙළි වු බව පොලිසිය පවසයි.
සැකකරු මෙම මත්පැන් අලෙවි කර ඇත්දැයි සොයා බැලිමට පරික්ෂණ ආරම්භ කර ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මටත් මෙහෙම ලොකු ගාණක එකතුවක් තිබ්බා. පස්සේ මම ඔක්කොම බීල ඉවර කලා. මටත් මෙහෙම වෙයි කියල හිතුණු නිසා. වෙන රටවල තමන්ට කැමැති දේ එකතු කරන්න පුළුවන් අවභාවිතයකින් තොරවයි... මෙහෙම දේවල් කරනවට වඩා පොලිසියට වැඩ තියෙනවා. අපේ රටේ මෙහෙම දේවල් කරන්නේ මේවාට ඔත්තු දෙන්නේ නීතිය රකින්න නෙවෙයි, ඉරිසියාවට. තමන්ට නැතිව අනිකාට තියෙනවා බලන් ඉන්න බැරි කමට...
අපෝ අපේ ලංකාවට වෙච්චදෙයක්. තමන්ගේ ගෙදර තමන්ට අයිතියක් දෙයක් තියා ගැනීමට හිරේ යන්න වෙනවා. විකිනුවනම් වැරදි එත් තියාගන්නත් අවසර ඕනද? දියුණු වෙන රටක් දියුණු රටක වෙනස. මෙහෙට වෙලා ඉන්න එක හොදයි වගේ දැන්නම්. මෙහෙ තියෙනවා ඕනතරම් විස්කි ගන්න පුළුවන් තියාගන්න පුළුවන් කවදාවත් පොලිසිය පනින්නැහැ එත් කෑවා නම් බිව්වනම් රණ්ඩු බැ නිතිය එක කවදාවත් දුෂණයක් අහලවත් නැ මෙහෙ
මේක නම් පුදුම දෙයක්.. අැයි මිනිසුන් ඔවුන්ගේ අයිතීන් රැකගන්නේ නැත්තේ? ඇයි මේවාට නීතිමය පසුබිමක් නැත්තේ?