අධිකරණයට අපහාස කරමින් කළැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අද(25) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටියේය.
ඒ ඔහුට එරෙහිව ගොනු කර ඇති පෙත්සමක් අද බුවනෙක අළුවිහාරේ මහතා ඇතුළු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේ දීය.
පසුගිය 12 වැනි දා පෙත්සම කැඳවු අවස්ථාවේදී විනිසුරුවරුන් විසින් නියෝජ්‍ය අමාත්‍යවරයාට අදදින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කෙරිණි.
අද නඩු විභාගයේදී රංජන් රාමනායක නියෝජ්‍ය ඇමැතිවරයාට නොවැම්බර් 21 වැනි දා නැවත අධිකරණය හමුවේ පෙනී සිටීමට නියෝග කෙරිණි.
පසුගිය අගෝස්තු 21වැනිදා මාධ්‍ය හමුවකදී බහුතරයක් නීතිඥයින් දූෂිතයින් බවට ප්‍රකාශ කළ බව කියමින් මෙම පෙත්සම ගොනු කරනු ලැබ ඇත.
(ඡායාරූප-ඉෂාන් සංජීව)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද නඩුකාරයෝ ඔච්චරම නඩු කල් දමන්නේ, නීතිඥයන්ට ගෙවන ගාස්තු වැඩි කරන්න ද ? මොකද තීන්දු දෙන්න ඔච්චරම ඇඹරෙන්නේ , රස්සාව හරියට දන්නේ නැද්ද ? නඩු කල් දමන ගානේ පැමිනිල්ලයි විත්තියයි දෙකම නීතිඥයන්ට ගාස්තු ගෙවන්න ඕන. හරිම අකාර්යක්ෂම තැනක්, රටේ මිනිස්සුන්ගේ කාලයත් මුදලත් දෙකම විනාශ කරනවා. පැමිණිල්ලකට වුනත් සාධාරණයක් කරගන්න අවරුදු ගානක් උසාවි බඩගාන්න ඕන .
අර තහනම් කරපු චිත්‍රපටියේ කතාව කියෙව්වා නම් රන්ජන්ගේ කතාව ඔප්පු වෙනවා. ඒ වගේම හිටපු අග විනිසුරුතුමෙකුත් ප්‍රසිද්ධියේ පිළිගත්තා නේද ඔහු බලපෑම් නිසා දුන්න සමහර තීරණ වැරදි බව....
රන්ජන් රාමනායක කියන මේ චරිතය සැබෑ ජීවිතයේදීත් රඟපාන්න දක්ෂයෙක්. මේ වගේ මිනිස්සු පාර්ලිමේන්තු යවපු අයට ගහන්න ඕනෑ. මේකට තමයි පොර වෙන්න හදනවා කියන්නේ.
නඩු කල් දැමීම වරදක් නොවේද? ඒ අනුව නඩුකාරයින් වන්චනිකයන්ය හෝ වැඩ බැරි අය වේ. මේ රටේ ඇතැම් නීතිඥයන් වන්චනිකයන්ය. අය කරන මුදලට රිසිට් පතක් දෙනවද? බස් කොන්දොස්තර ටිකට් දෙනවා. ඇත්ත කියපුවම නඩුද? රන්ජන් වීරයකි, ඔසවාගෙන යායුතු පුත්ගලයෙකි. නොවැම්බර් 21දා ට සංවිධානය වී කර පිටින් ගෙනියන්න.
ධම්මික මොකක්ද රන්ජන් රාමනායක පාර්ලිමේන්තු යවපු අයට ගහන්න ඕනෑ කියන්නේ? ඊට කලින් ගහන්න ඕනෑ ඔයාලා වගේ මෝඩ අදහස් දරන මිනිසුන්ට.., ටිකක් කල්පනා කරලා බලන්න රන්ජන් හරිද වැරදිද කියලා, මොනවා වුණත් රන්ජන් බයනැතුව කතා කරනවනේ...
මෙවන් පුද්ගලයෝ පාර්ලිමේන්තු යවපු අයටයි නඩු දමන්න ඕනේ.
රන්ජන්ට අපි සහයෝගය දිය යුතුයි.
ධම්මික, සිරා, මොකද භූමිතෙල් ගෑවුණු ගැරඬියා වගේ දඟලන්නේ? මෙතන ගැරඬි හැව අරින්නේ නැතිව හුඹහ ඇතුලට වෙලා ඉන්නවා. කොහේවත් ඉන්න ගැරඬින් පෙනේ පුප්පන්න හදනවනේ මෙතන...
සුනඛයින් බහුලව ඉන්නා රටක බල්ලන් වෙනුවෙන් සංවිධාන ඇති නමුත් මිනිසුන් වෙනුවෙන් ප්‍රබල සංවිධාන නැහැ. ඉතින් බලු සංවිධාන වලට එරෙහිවෙන්න මනුස්සයෙකුට පුළුවන්ද?
රංජන් රාමනායකට ජය වේවා!
මට එක දවසක් කෙනෙක් මුනගැහුණා උසාවියකදී. එයා අවුරුදු 15 ඉඩම් නඩුවකට එනවලු. පියාගේ නඩුවක්, පියා මියගිහින් දැන් පුතත් නඩුවට එනව වසර ගණනක්. ඒ හොර පෙරකදෝරුවන්ගේ දික්ගැස්සීම නිසා. රන්ජන් හරි. ලංකාවේ නඩු වවාගෙන කනවා. මට අත්දැකීම් තියෙනවා.
ලංකාව නිදහස ලැබීමෙන් පසු අපි වලපයට ගියේ ඇත්ත කතාකරන මිනිසුන්ට නිසි තැන නොලබුනු නිසයි. බොරුව කතාකරන මිනිසුන්ට අත්පුඩි ගහලා විසිල් ගහලා කරේ තියාගෙන යන්නේ. අපේරටට කවදාවත් ගොඩ එන්න බැහැ. රන්ජන් ඔබ ඇත්ත කතාකලා. ඔබට ජයෙන් ජය.
රන්ජන් වගේ හැමකෙනෙක්ම කෙලින් කතා කළානම් තමයි හොඳ...
රටේ උගත් වැදගත් මිනිස්සුන්ට කතා කරන්න දන්නේ නැති නළු බට්ටෙක්. ශ්‍රී ලංකා නීතීඥ සංගමය මේ නඩුව වෙනුවෙන් මුනිවත රකින්නේ මොකද කියලා හිතාගන්න අමාරුයි. නීතීඥ මහත්තුරු ඉඩම් නඩු කල්දාගන්නේ පැමිණිලිකරුට එ්කෙන් යම් වාසියක් අත්කර දෙන්නයි. ඒක එයාලගේ වෘත්තීයයි.
සුමිත්, පුෂ්පකුමාර, ඔයාලට එතුමාගේ බී.එම්.ඩබ්ලිව්. එක විකුණපු සල්ලි වලින් මස් කට්ටක් වත් අරන් දුන්නද?
රන්ජන් නියෝජ්‍ය ඇමති තුමා නිවැරදිය . ජයශ්‍රී මහබෝ සමිදුන් වැඩ හිඳින භුමියේ වයසක අම්ම කෙනෙක් අනවසරයෙන් අඹ ගෙඩි 3 කඩා ගත්ත කාරණාව සානුකම්පිතව බලන්න තිබුන නේද .හිරගෙදර නොයවා .කුට ලේකන හදල මොටරථ බද්ධ කරලා රජයට වංචා කරපු ඇමති වරයෙක් නිදොස් කොට නිදහස් .... ධම්මික , සිරි ,පවන් නළුවා ඔබලාට කරුණු කාරණා වැටහෙන්න තව කල්ගතවෙයි.