(චන්ද්‍ර සේන ගමගේ)

බන්ධනාගාර ගතව සිටින බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර මහතා අද(25) පෙරවරුවේ තංගල්ල රෝහලට ඇතුළත් කරනු ලැබීය.

උපාලි කොඩිකාර මහතා රෝහල් ගත කරනු ලැබ ඇත්තේ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා වුවද වෛද්‍ය පරීක්ෂණ කරනු ලබන වෛද්‍ය වරයා අද රෝහලේ නොමැති වීමෙන් එම පරීක්ෂණය සිදු කිරීමට නොහැකි වි තිබේ. හෙට(26) දිනයේදී නැවත කොඩිකාර මහතා රෝහල් ගත කිරීමට නියමිතය.

හම්බන්තොට උද්ඝෝෂයේදී අත් අඩංගුවට පත් පුද්ගලයන් 32  ගේ සුව දුක් බැලීම සදහා අද (25) දින පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන, ගාමිණී ලොකුගේ හා සිසිර ජයකොඩි යන මන්ත්‍රීවරු පැමිණියහ. රැදවියන් ගේ සුව දුක් විමසීමෙන් අනතුරුව ඹධ්‍යයට අදහස් දැක් වූ බන්ධුල ගුණවර්ධන  පැවසුවේ බන්ධනාගාර ගතව සිටින රැදවියන් මිනිසෙකුට ජීවත් වීමට තරම් නුසුදුසු පරිසයක සිටින බවයි. තංගල්ල බන්ධනාගාරයේ පවතින තද බදයත් අඩු පහසු කම් නිසාත් රැදවියන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බවත් ඔහු කීය.