(නිශාන්ත කුමාර)
මීගහකිවුල තල්දෙන මාලිගාතැන්න වෙල්යායේ ඉකුත් 21 වැනිදා පෙරවරුවේ ගිලා බැසීමක් සිදුවූ ස්ථානයට කිලෝමීටරයක් පමණ ඈතින් පිහිටි තල්දෙන යහලතැන්න වෙල්යායේ කෙත් ඇළක් සමීපයේ ද ඊයේ සවස 5.00 ට පමණ විශාල ගිලා බැසීමක් සිදුවී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
එම ස්ථානයේ තණකොළ කමින් සිටි ගවයෙකු හිටි හැටියේම කෑ ගසන හඩ ඇසී එහි දිව ආ පිරිසක් මෙම ගිලා බසීම දැක ඇති අතර වළ තුලට ඇද වැටී සිටි ගවයා ගොඩගැනීම සදහා ඔවුන්ට මහත් පරිශ්‍රමයක් දැරිමටද සිදුව ඇත.
මෙම ගිලා බැසීම සිදුවු ස්ථානයේ අඩි 6-10 ක පමණ විෂ්කම්භයෙන් යුත් වළක් මතුවී ඇති අතර දෝනාවක් සේ පැත්තකට විහිදී ගිය වළෙහි ගැඹුර කොතෙක්දැයි කිව නොහැකි බවත් ඇළ මාර්ගයේ ගලා එන ජලය වළට වැටී අතුරුදන්වන බවත් ගම්වාසීහු පැවැසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම විනාශය පටන් ගත්තේ මහින්දනේ ඒක නිසා විමල්ට මේවා පෙනෙන්නේ නැහැ ඌ එල්ලිලා ඉන්නේ බිල්ලෝ මවන උතුරු දිසාවට මේකා මොනවා කරන්නත් රටක් ඉතුරු වෙන්න ඕන නේ...... මුළු මධ්‍යම කදුකරයම අද පහළට එන දවස අත ළඟ බව පෙනෙනවා ඒවාට කතා කරන්න ඉන්නේ ජවිපෙ පමණයි.... අනෙක් උන් ඒවි මහා ජනයා විනාශ වූ දවසට මල්වඩම් අරගෙන සෝකය පල කරන්න රූපවාහිනී චැනල් සමග බොහොම හැගීම් බරව ජනතාව ඉදිරියේ පෙනී සිටීවි...
රටේ පාලකයෝ අධර්මිෂ්ඨ වුණාම, දුෂිත වුණාම මේ වගේ දේවල් සිද්ද වෙනවා...
2015 ඉඳලා මුලු රටම ගිලාබහින එකේ ඕක මොකක්ද?