(බී.ජී. චතුරංග)
පොලිසිය පසුපස හඹා ඒම නිසා අධික වේගයෙන් ධාවනය කළ ගවයන් පැටවූ ලොරියක ගැටී රාජකාරියට යමින් සිටි එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු අද (26) මිය ගොස් ඇත.
වව්නියාවේ සිට ජා ඇල ප්‍රදේශයට ගවයන් ප්‍රවාහනය කරමින් තිබූ එම ලොරි රථය පොලිස් අණ නොතකා ධාවනය කිරීම හේතුවෙන් ඒ පසුපස පොලිස් ජිප් රථයක් ලුහුබැඳ තිබිණි.මේ හේතුවෙන් කලබලයට පත්වූ ලොරි රථයේ රියදුරා අධික වේගයෙන් රිය ධාවනය කර ඇති අතර වේගය පාලනය කර ගැනීමට නොහැකිව නොච්චියාගම සිට අනුරාධපුර නගරය දෙසට ගමන්කළ එම යතුරු පැදියේ ගැටී පෙරලී ගොස් තිබිණි.
එහි සිටි ගවයන් 18 දෙනකු පමණ මුදාහැරීමට ගම්මුන් පියවර ගෙන තිබුණි.එක් ගවයෙකුගේ පාදවල අස්ථි බිදී බරපතල තුවාල ලබා සිටි බවත් අපරික්ෂාකාරිව ලොරි රථය පැදවූ රියදුරා ඇතුළු දෙදෙනකුට ගම්මුන් බරපතල තුවාල සිදුවන තුරු පහරදී තිබූ බවත් ඔවුන් රෝහල් ගතකළ බවත් පොලිසිය පවසයි.
එම පහරදීමට සම්බන්ධ බව කියන තරුණයන් දෙදෙනකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබූ අතර කලහකාරි ලෙස හැසිරුණු තවත් තරුණයන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර පොලිසිය පරික්ෂණ සිදුකරයි.
මෙම අනතුර සිදුවන අවස්ථාවේ ලොරි රථය පිටුපසින් ලුහුබැද පැමිණි පොලිස් මෙහෙයුම් අංශයේ නිලධාරින් දෙදෙනා අනතුර සිදුවන අයුරු දැක ජීප් රථය හරවාගෙන නැවත පොලිසියට ගමන් කිරීමේ චෝදනාවට ඔවුන්ගේ වැඩ තහනමට ලක්කිරීමට උසස් පොලිස් නිලධාරින් කටයුතු කර තිබුණි.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ උතුරු මැද පළාත් සෞඛ්‍ය විගණන ඒකකයේ සේවයේ නියුතුව සිටි ජේ.ඒ ජයනී ස්වේතා ජයකොඩි (32) සහ නොච්චියාගම අඹගහවැව විද්‍යාලයේ ගුරුවරියක වූ ජේ.ඒ සමාධි නවෝද්‍යා ජයකොඩි (29) යන දෙදෙනාය.
මෙම අනතුර සිදුවීමට පෙර අදාළ ලොරි රථය කැබ් රථයක ද ගැටී ඇත.
අනතුරෙන් බරපතල තුවාල ලැබූ එක් තරුණියක් එම ස්ථානයේම ජීවිතක්ෂයට පත්වී ඇති අතර අනෙක් තරුණිය අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබේ.කැබ් රථයේ රියදුරාද අනතුරෙන් බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම නිලධාරීන් දෙන්නෙක් නේ. හරි නං තුවාල වෙච්ච අයව රෝහලකට යවන එක කරලා, රාජකාරි කටයුතු කරන එක තමයි කරන්න තිබ්බේ ....
මෙම පොලිස් නිලධාරින් දෙදෙනාට වෙනමම රාජකාරියක් තිබෙන්න ඇති. ඔවුන් කිසිසේත්ම පොලිසියට සුදුසු නැත.
පොඩි ඉවක් දැනිලා, පුංචි පහේ ඉල්ලමක් ගරාගන්න ලුහුබඳින්න ඇති. වැඩේ ගැස්සුණු තැන රාජකාරිය අමතක කරන්න ඇති. මේ දෙන්නා ඉල්ලම පසුපසම නොයා, හරියට රාජකාරියේ යෙදුනා නම් ජීවිත දෙකක් බේරාගෙන, හරකුන්වත් මුදාගෙන, ගුටි පුජාවත් වළක්වාගෙන , තරුණයින්ට නීතිය අතට ගන්නට දෙන්නේ නැතිව වලක්වා ගැනීමටත් හැකිවෙන්න තිබුණා.
ලොරියේ රියදුරාට අනිවාර්යයෙන් වසර 30 කට වැඩි සිරදඩුවමක් ලබාදිය යුතුය. හිතාමතාම ලොරිය අධිවේගයෙන් ධාවනය කර ජිවිත 2ක් විනාශ කර ඇත. ඇප නොදිය යුතුයි.
අනේ පවු කියනව හැර වෙන මොනව කියන්නද.
මෙම රාජකාරියේ යෙදීසිටි පොලිස් නිලධාරීන් දෙදෙනා , රාජකාරිය නොසලකා හැරියාට වෙනම නීතිමය ක්‍රියාමාර්ග ගතයුතු අතර , මෙමෙ සිද්ධියට මැදිහත්වී , අනවශ්‍ය විදියට කලහකාරී ලෙස හැසිරී පොලිසියේ රාජකාරිය කිරීමට ගිය අයවලුන් හට වෙනම නිතිය ක්‍රියාත්මක කල යුතුයි .
පාරේ නීති විරෝධී ලෙස ධාවනය කරන්නන් හා නීති විරෝධී ක්‍රියාවල නිරත වෙන්නන් නිසා සාමාන්‍ය ජනයාට අතිශය භයානක අනතුරු වලට මුහුණ දෙන්න සිදුවී ඇති කාලයක් මේ උදාවෙලා තියෙන්නේ. මේ අනතුරින් මියගොස් තිබෙන්නේ අහිංසක උපාධිධාරිනියන් දෙදෙනෙක්. අවිවාහක ඔවුන් ජීවිතයේ මොනතරම් බලාපොරොත්තු පුරවාගෙන ඉන්න ඇතිද? ඔවුන්ගේ දෙමවුපියන් නෑදෑයන් ඔවුන් ගැන කොතරම් බලාපොරොත්තු තියන්නට ඇතිද? උපාධිධාරී ඔවුන්ගෙන් සමාජයට කොතරම් සේවයක් ලබාගත යුතුව තිබුණද? හරක් හොරෙකුගේ නොපනත් කමකට ඔවුන් නිකරුනේ බිලි වෙලා. මේ රටේ සාමාන්‍ය, නීති ගරුක මිනිසාට ජීවත්වීමේ අයිතිය නැතිද? හරක් හොරාට හරකා මරණ එකත්, මිනිසෙක් මරණ එකත් වෙනසක් නෑ. මෙවැනි තමන් කරන රැකියාවට වගකීමක් නැති රියදුරන්ට ප්‍රමාණවත් දඬුවම නැවත රියපැදවීමට තහනම් කිරීමයි. නීති ප්‍රමාණවත් නැත්නම් නව නීති සම්පාදනය කල යුතුයි. අවට මහජනයා මෙවැනි රියදුරන්ට විරුද්ධව නීතිය අතට ගැනීම සාධාරණීකරණය නොකිරීමට නම් ප්‍රමාණවත් දඬුවම් නීති පද්ධතියේ තිබිය යුතුයි. මෙම රියැදුරාට පහරදීම හෙළාදකින අය වගකීම් විරහිත රියදුරන් දිරිගන්වා අහිංසක ජීවිත වැනසීමට උදවු කරනවා.
මිනිසෙකු රියදුරු අසුනක හිඳ ගන්නාවිට තමන්ගේ ජීවිතයත්, අනුන්ගේ ජීවිතත් ආරක්ෂා කරගෙන තමන්ගේ ගමන යාමට සූදානම් නම් පමණක් අසුන් ගත යුතුයි. එසේ නොකරන හැම රියදුරාම අපරාධකාරයෙක් ලෙස නීතිය ඉදිරියේ සැලකිය යුතුයි. ප්‍රවාහන අමත්‍යංශය, මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය, ජාතික ගමනාගමන කොමිසම මේ පිළිබඳව ඉක්මන් පියවර ගත යුතුයි.
අපරාදේ... උගත් අහිංසක ළමයි දෙන්නා "හොදට මතක තියා ගන්න, අවි ගත්තෝ අවියෙන් නැසෙනවා වගේම මෝටර් බයිසිකල් ගත්තෝ මෝටර් බයිසිකලයෙන්ම නැසේ " එම නිසා මෝටර් බයිසිකලයක් දන්නා කියන කෙනෙකුට අරන් දෙන්නවත්, හතුරෙකුටවත් අරගන්න කියන්න වත් එපා, පහසුයි ලාභයි, කාර් එකක් ගන්න බැරි කම වුණාට බයානක කම, ඕව ගත්තම ගමේ ගොඩේ යන්න හිතුවට මහා පාරේ යන්නම වෙනවමයි.. එම නිසා එපා එපා එපාමයි, දිගු කලක් ජීවත් වීමට පයින්ම යමු. " හාද? "