(සිතුම් චතුරංග)
වවුනියාව අවුසදපිටිය ප්‍රදේශයේදී කොළඹ සිට යාපනය බලා ධාවනයවූ සීඝ්‍රගාමි දුම්රියේ ගැටීමෙන් පාසල් සිසුවකු (17) අද (25) මියගොස් ඇතැයි ඊරට්ටපෙරියකුලම පොලිසිය පවසයි.
ජංගම දුරකතනයේ ශ්‍රව්‍ය උපකරණ භාවිතා කරමින් සිංදු අසමින් එම සිසුවා දුම්රිය මාර්ගයේ ගමන්කරන අවස්ථාවේදී පසුපසින් පැමිණි දුම්රියේ ගැටී ඇති බව පොලිසිය පැවසීය.
මෙලෙස මියගොස් ඇත්තේ වවුනියාව ප්‍රදේශයේ පාසලක උසස්පෙළ කලා අංශයෙන් ඉගෙනුම ලැබූ පාසල් සිසුවෙකි.
අනතුරින් පාසල් සිසුවා එම ස්ථානයේදීම මියගොස් සිටි අතර දුම්රිය සේවකයින් විසින් සිරුර වවුනියාව දුම්රිය ස්ථානයට රැගෙන එනු ලැබීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම කණගාටුදායක සිදුවීමක්, මේ දරුවාගේ මාරය මොබයිල් එක වෙයි කියලා හිතන්න තරම්වත් මේ දරුවා හිතන්න නැතුව ඇති ... මේක අනික් දරුවන්ටත් හොඳ පාඩමක් වෙයි.
දැන් ඉන්න තරුණ පිරිස හිතාගෙන ඉන්නේ මොබයිල් එක නැත්නම් ජීවිතේ නෑ කියල
මා පදිංචි රටේ මෙවැනි මරණයක් සිදුවූ විට දේහය මහජන ප්‍රදර්ශනය සඳහා මහ පොලොව මත තබන්නේ නැත. එය මළගිය පුද්ගලයාට කරන අවමානයක් හැටියටයි සලකන්නේ. අනතුර සිදුවූ විගසම පොලිසිය පැමිණ, ගිනි නිවන හමුදාවේ ගිලන් රථයක් ගෙන්වා එමගින් සිරුර ලඟම තිබෙන රෝහල වෙත යවනවා, පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා. ඒ අතර පොලිසිය සිය පරීක්ෂණ කටයුතු කරගෙන යනවා. ඒ සඳහා මළ සිරුර ඔවුන්ට අවශ්‍ය නැත ! වසර ගණනාවක් තිස්සේ දුම්රියෙන් ගමන් කල මා මෙවැනි මාරාන්තික අනතුරු කිහිපයක්ම දැක තිබෙනවා. වරක් එවැනි මළ සිරුරක් දුම්රිය මග අසල පොල් අත්තකින් වසා තිබෙනු දුටු බොහෝ අයගේ දෑසට කඳුළු පිරුන හැටි මට තවමත් අමතකවී නොමැත !