(නිමල කොඩිතුවක්කු)
නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය මගින් ජාතික සමගිය සහ සංහිදියාව ගොඩනැගීමට ඇති ඉඩකඩ සම්පූර්ණයෙන්ම ඇහිරෙන බවත් තමන් මේ ක්‍රියාවලියට සම්පූර්ණයෙන්ම විරුද්ධ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ අද(25) පැවසූහ .
එමෙන්ම ඒ සම්බන්ධ පාර්ලිමේන්තු ඡන්ද විමසීම්වලදී තමන් එයට එරෙහිව ජන්දය ප්‍රකාශ කරන බවත් උන්වහන්සේ අවධාරණය කළහ.
ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ පැවති ශ්‍රී ලංකා ජාතික මහා සභාවේ මාධ්‍ය හමුවකට අද (25) එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවසූහ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්ථාව විසංවාදී ලියවිල්ලක් බවත් ඉන් රට සම්පූර්ණයෙන්ම අවුල් ජාලයක් වන බවත් රතන හිමියෝ එහිදී වැඩිදුරටත් පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"එන එන විදිහට ගස උළුවස්සා" කිව්වලු
මේච්චර පරක්කු වුණේ මොකද හැබෑටම?
වැල යන අතට මැස්ස කිව්වලු. රතන හිමියෝත් මොනවා හරි නොකීවොත් එ්ක අඩුවක්නේ..., හැබැයි ඉතින් අනිත් සංඝයාවහන්සේලාට වඩා රතන හිමියෝ පාර්ලිමේන්තුව ගැන සහ ව්‍යවස්ථාව ගැන මොනවා හරි දන්නවා.
විරුද්ධ වෙන තරමට නොව ලැබෙන්නේ.. තව සැප වාහනයක් .... මාලිගාවක්...
ඔබවහන්සේ විරුද්ධ වෙන්නේ කෙටුම්පතේ තිබෙන කුමන කරුණුවලටද ? කියල අපිටත් පැහැදිලි කරන්න පුලුවන්ද ?
ගිලෙන නැවෙන් මීයන් එලියට පනින්නේ ඒ කිට්ටුව තවත් නැවක් නවත්වල තියෙනවද කියල බලලයි. මීයොත් එකයි පාර්ලිමේන්තු කට්ටියත් එකයි.
කෙටුම්පතේ තිබෙන ශ්‍රී ලංකාවට අහිතකර කරුණු ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න බැරිද ? අපිටත් දැනගන්න ,සමහරු කියනවා එක හොඳලු. එකේ තිබෙන්නේ අපට දීපු චන්ද පොරොන්දුලු තවත් පුද්ගලයන් කියනව මේක කලොත් ඊළම දුන්න හා සමානලු මේක හරිම ප්‍රහේලිකාවක්.
ලංකාවේ වැඩිපිරිසක් තේරුමක් නොමෙතිකමින් අලුත් ව්‍යවස්ථාවෙන් රට බෙදී යනවා කියමින් බෙරිහන් දෙන පුද්ගලයන්ගේ ප්‍රකාශ වලට රැවටිලයි ඉන්නේ . ඔය එක පුද්ගලයෙකුවත් පැහැදිලි කරදෙන්නේ නෑ මෙම ව්‍යවස්ථාවේ මොන වගන්තියෙන්ද රට බෙදී යන්නේ කියා .. රාජපක්ෂලා යුද්දය දිනුවා කියමින් පරම්බබා හිටිය මිසක් දේසපාලන විසඳුමක් කරා ගියේ නොමැතිකමින් තමයි මේ ප්රශ්නය නොවිසදුනේ ...
හොදයි හොදයි
ඔයාල කරගෙන යන්න,අපි විරුද්ධ වෙන්නම් ;) අහෝ දෙව්දත් නොදිටි මොක්පුර !
මේ තවත් සටන් දියාරු කරන උපක්‍රමයක්. සටනට එකතුවෙලා සටනේ කණ්ඩායමක නායකයෙක් වෙලා එ්කට යනවා. අවසාන සටනේදී ඒ කණ්ඩායමත් අරන් වෙනත් මගක ගිහින් සටන පරද්දවනවා. මේවා ගැන ජනතාව දැනුවත් විය යුතුයි.
කෙටුම්පත ප්‍රසිද්ධ කරන්න , එතකොට අපිට මේ ප්රශ්නය තේරුම් ගන්න පුළුවන් නැතුව අරය කැමති , මෙයා අකැමති කියල කිවුවට වැඩක් නැහැ...
ඔබවහන්සේ ඔය කියන ව්‍යවස්ථා දැක්කද? වෙබ් එකට දාන්න අපිටත් බලන්න.