(ජයන්ත සමරකෝන්)
මහරගම පිළිකා රෝහලේ ඇතැම් වාට්ටුවල බළලුන් ළැඟුම් ගෙන සිටීම නිසා එහි ප්රතිකාර ලබන තමන් අපහසුතාවයට පත්ව ඇතැයි රෝගීහු පවසති.
ඇතැම් බළලුන් දිවා රෑ දෙකෙහි මෙම වාට්ටුවල ඇඳන් යට පවා සිටීම නිසාත් එම බළලුන් අවට අපිරිසිදු කිරීම නිසාත් තමන් දැඩි අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇතැයි එම රෝගීහු කියා සිටිති.
මේ සම්බන්ධයෙන් මහරගම පිළිකා රෝහලේ අධ්යක්ෂ ඩබ්.කුමාරසිරි මහතාගෙන් කළ විමසීමකදී කියා සිටියේ රෝහල ගම්බදව පිහිටා තිබීම නිසා අවට ගෙවල්වල සිටින බළලුන් මෙසේ රෝහලට පැමිණි බවත් එසේ නමුත් එම බළලුන් ළැඟුම් ගෙන සිටියේ දැනට රෝගීන් නොමැති අත්හැර දමා ඇති වාට්ටුවක පමණක් බවත් ය.
එසේම මේ වනවිට එහි සිටි බළලුන් ද ඉවත් කිරීමට කටයුතු කර ඇති බවත් දැනට බළලුන් නිසා රෝගීන්ට කිසිදු අනාරක්ෂිත බවක් හෝ සෞඛ්යාරක්ෂාවට හානියක් හෝ ඇතිවී නැතැයි ද රෝහල් අධ්යක්ෂවරයා කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලල්ලු බල්ලෝ ඇති කරන අයට ඒ සම්බන්ධව දැඩි නීති රීති දාලා අයාලේ යන බලල්ලු බල්ලො මරලා හරි ඉවර කරන්න ඕනෑ. දඩාවතේ යන බල්ලෝ රෝහල්වල පාසල්වල පාරවල්වල මිනිස්සුන්ට හරිවදයක්. බලධාරීන්ට පේන්නේ නැත්තේ ඒ ඔක්කොම වාහනවලනේ යන්නේ. අනෙක බල්ලොන්ගේ අයිතිවාසිකම් ගැන කථාකරන අයත් සියලුදේනා යන්නේ වාහනවල. ඒ අයට ඒ අයගෙන් කරදරයක් නැහැ. දුප්පත් මිනිස්සුන්ට තමයි ඒ අයගෙනුත් කරදරේ.. මේ නිසා රටකරවන ඇත්තෝ මේ ගැන හිතල බල්ලෝ බලල්ලු මරල හරි පොදුස්ථානවලදි ඇතිවන කරදර නැති කළ යුතුයි.
අධ්යක්ෂක තුමා එහෙම කිව්වට පූසෝ ඉන්න හොඳ නැහැ ඉස්පිරිතාල වල .
ඔය රෝහලේ පිවිසුම දෙපැත්තේ මහපාර අල්ලාගෙන දාල තියෙන අනවසර කඩටික ඉවත්කරන්න.
බළල්ලු කිව්වොත් මිනිස්සු ඔක්කොම මරල ඒ ගොල්ලන්ගේ අයිතිවාසිකම් රැකදෙන්න කියලා මොකද වෙන්නේ? මිනිසුනේ තේරුම් ගන්න මේ ලෝකය මිනිසුන්ට මෙන්ම සතුන්ටත් අයිතියි. මොලයක් සහ බලය තියන මිනිසා බුද්ධියෙන් අඩු සතුන්ගේ අයිතිවාසිකම් රකිමින් සහයෝගයෙන් ජීවත් වෙන්න කටයුතු කලයුතුය.
රෝහලට ටිකක් දුරින් මීයන් බෝ කළා නම් හරි.