(විනීතා එම් ගමගේ)
ගාලූමුවදොර සිට ඩී. ආර්. විජයවර්ධන මාවත තෙක් ඇති සියලූ පැල්පත් කඩා ඉවත් කිරීම නොවැම්බර් 7 වැනිදා ආරම්භ කරන බව මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.
බේරේ වැව වටා අලංකාර ලෙස සකස් කිරීමට කටයුතු කරන බව කී අමාත්‍යවරයා මේ අනුව ඉවත් කරන සියලූ දෙනාට නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ගෙවල් ලබාදෙන බව ද කීය.
එමෙන්ම කොල්ලූපිටිය සිට දෙහිවල දක්වා වෙරළ තීරය සංවර්ධනය කරන බව ද කී ඔහු වරාය නගරයට පහළින් සංචාරක ආකර්ෂණය ඇති කෙරෙන මැරීනා නගරයක් ඉදිකෙරෙන බවත් මේ කටයුතු සඳහා ශක්‍යතා අධ්‍යයන සිදුකරමින් සිටින බවත් කීය.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ මාධ්‍යවේදීන් සමග අද(25) පෙරවරුවේ වරාය නගරයේ කළ සංචාරයක දීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනවසරයෙන් පන්සල විසින් ඉදිකළ වැව අයිනේ තියෙන විශාල මෙලෝ රහක් නැති බිල්ඩිමත් ඉවත් කලොත් හොඳයි, වාස්තු විද්‍යාත්මකව මෙවැනි වැදගත්කමක් ඇති මෙම වැව අයිනේ ඉදිකරන්න සුදුසු බිල්ඩිමක්ද මේ? වෙන රටක නම් මෙවැනි ස්ථානයක කුමන නිර්මාණයක් කරයිද?
ඔබගේ සැලැස්ම අනුවම මෙය කරන්න. ඡන්ද ගැන බල බලා රටේ අනාගතය තීරණය කරන එක අප අපේක්ෂා නොකරමු. එම නිසා මරිනා නගර සැලැස්ම සහ බෙරේ වැව වටා සිටින පිරිස් ඉවත් කිරීමට සැලසුම ක්‍රියාත්මක කරන්න.
මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා හදන්නේ ලංකාවත් සිංගප්පුරුවක් කරන්න වගෙයි...!
අනේ දැනටම හදලා ඉවරයිනේ සෙල්ලම් ගෙවල් වගේ... ෂෝක් අනේ ඔයා...
මේක හොඳ වැඩක්. "ඔහේ සත් ක්‍රියාවෙන් අවංකව කරනවා යන්න" අප සිතන අතර මෙය ඡන්දය බලාගෙන කරන්නේ නම් එහි ප්‍රතිඵල හොඳින් දැකගත හැකිවනු නියතය. කෙසේවෙතත් ලොකු මන්දිර වැනි ගෙවල් වල සිදුවෙන නොයෙකුත් නරකාදි වැඩ මෙම පැල්පත් අශ්‍රිතව ද කිසිඳු අඩුවකින් තොරව සිදුවන බව ප්‍රසිද්ධ රහසකි.
සැලැස්ම හොඳයි... නමුත් මේ දවස්වලට ඒ පැත්තේ ගමනක් බිමනක් යන අය පාරවල් අවහිරකරන්න උද්ඝෝෂණ බලාපොරොත්තුවෙන් එන්න.
අර දියවන්නාවේ මැද හදල තියන එක අවසර ඇතුව උනත් කිසිම කිසිම වැඩකට නැහැ. අපේ සල්ලි නාස්ති කලා මදිවට තවත් නාස්ති වෙනවා. අන්න ඒක ගැනත් හිතල බැලුවනම්.
ඔබතුමා කියන දේ කරන ඇමතිවරයෙක් නිසා අපට යම් කිසි බලාපොරොත්තුවක් තියෙනවා. මුඩුක්කු වෙනුවට හොඳ නිවාස පද්ධතියක් ඉදි කරමු. කොළඹ සිට කෝට්ටේ දක්වා විදුලි බලයෙන් දුවන බස් රථ සේවයක් අරඹන්න. කැළණි ගඟ දෙපස සුද්දකොට උද්‍යාන සහ හෝටල් ඇතුළු වෙනත් පහසු කම් ඇති කරන්න. වෙනසකට මුල පුරමු.
පැල්පත් වල ඉන්න මිනිසුන්ගේ සිහිනය උදේට (බාගෙට) කෑවට පස්සේ දවල්ට කන්නේ කොහොමද කියන එක.
මේ පැල්පත් අටවාගෙන ජිවත් වෙන්නේ අනවසරෙන් හා රටේ නීතියට පටහැනිව නම් උචිත ක්‍රියා මාර්ගයක් ගැනීම රජයේ කාරියකි. මේ පැල්පත් අද වෙනකම් තිබුනේ දේශපාලකයන් වරදිනි. චන්දය ලබාගන්නට කෑදර කමිනි.
කටින් හිටවන බතල පොළවේ හිටවපු බතල වලට වඩා හොඳින් අල බහිනවා. හිටෙව්වේ කටින් උනාට (දුප්පතාගේ) වැලත් මැරෙනවා. (පොහොසතාගේ) අලත් බහිනවා. මේ ජවනිකා එක සංදර්ශනයකින් කෙළවර වන්නේ නැහැ.
ඔය පැල්පත් වාසීන්ට නිවාස දුන්නට, ටික කලක් යනකොට ඔවුන් අායෙත් ඇවිත් මෙහේ පදිංචි වෙනවා.