(මනෝප්‍රිය ගුණසේකර)
මොහොමඩ් සියාම් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන අත්අඩංගුවට ගැනීමට යද්දී ඔහු කළ තර්ජනය නිසා තමාගේ සහ තම අඹුදරුවන්ගේ ජීවිත බිළිබඳ බියක් ඇති වූ බව රහස් පොලිසියේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානී අබේසේකර මහතා කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ අද (25) පැවසීය.
‘‘සර්, අත්අඩංගුවට ගන්නවා කියා හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට දැනුම් දුන් අවස්ථාවේදී අරෝවක ස්වරයෙන් කතා කළ ඔහු ‘ශානී, මං මිනී මරුවෙක්. මං හැමදාම ඇතුලේ ඉන්නේ නැහැ. මං එළියට ආවාම කරන දේ බලාගනින් යනුවෙන් කී අවස්ථාවේදී මා සහ මගේ අඹු දරුවන්ගේ ජීවීත පිළිබඳ බියක් ඇති වුණා‘‘ යැයි ශානි අබේසේකර මහතා කීවේය.
ශානි බේසේකර මහතාට තර්ජනය කිරීම පිළිබඳ නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා මහතාගේ මෙහෙයවීම යටතේ සාක්කි දෙමින් රහස් පොලිසියේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ශානී අබේසේකර මහතා මෙසේ ද කීවේය.
‘‘ 1996 වසරේදී උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස පොලිසියට එක් වූ මා මේ වන විට රහස් පොලිසියේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරනවා. මෙම නඩුවට අදාළ සිද්ධිය වු 2013 ජුනි මාසය වන විට රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරීවරයා ලෙස කටයුතු කළා. 2013 මැයි මස 22 වැනිදා බම්බලපිටියේදී මෙහොමඩ් සියාම් නමැත්තා පැරගෙන ගොස් ඝාතනය කළ බවට පැමිණිල්ලක් ලැබුණු අතර පොලිස්පතිවරාගේ නියෝග මත ඒ සම්බන්ධ පරීක්ෂණ මා යටතට පත් කළා. ඒ වන විට මෙම සිද්ධිය පිළිබඳව බම්බලපිටිය හා කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් පරීක්ෂණ සිදු කර ක්‍රිෂාන්ත විශ්වරාජ් කෝරලේ හා මොහොමඩ් ෆවුස්ඩීන් නමැති සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණා.
අපි පරීක්ෂණ ආරම්භ කළ පසු බස්නාහිර උතුර ප්‍රදේශය බාරව කටයුතු කළ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා යටතේ සේවය කළ උප පොලිස් පරීක්ෂක ලක්මිණ බමුණුසිංහ, කොස්තාපල්වරුන් වන සනත්චන්ද්‍ර, සංජීව සහ කැලූම් අපි අත්අඩංගුවට ගත්තා. අපි මේ සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරද්දී මෙම අපරාධයට හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඔහුගේ පුතා වන රවි`දු වාස් ගුණවර්ධන සම්බන්ධ බවට තොරුතුරු හෙළි වුණා. මා මේ බව හිටපු පොලිස්පති ඉලංගකෝන්, රහස් පොලිසිය බාර නියෝජ්‍ය පොලිස්පති රවීන්ද සෙෙවිරත්න, රහස් පොලිසියේ අධ්‍යඬ ගාමි‚ මතුරට, පොලිස් අධිකාරීවරුන් වන රණවක සහ ප්‍රියන්ත චන්ද්‍රසිරි යන මහත්වරුන්ට දැනුම් දුන්නා.
ඉන් පසු රහස් පොලිසියේ අධ්‍යඬ ගාමිණී මතුරට මහතාගෙන් මට ලැබුණු උපදෙස් වලට අනුව මොහොමඩ් සියාම් ඝාතන සිද්ධිය පිළිබ`දව ප්‍රකාශයක් ලබා ගැනීමට මා නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා කැඳවනු ලැබු අතර 2013 ජුනි මස 10 වැනිදා දහවල් 11.00ට පමණ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට පැමි‚යා. එතැන් සිට ඔහුගේ ප්‍රකාශය සටහන් කරගත් අපි රාත්‍රී 9.15ට පමණ එය අවසන් කොට එම ප්‍රකාශය ඔහුට කියවීමට ලබාදීමෙන් අනතුරව රාත්‍රී 9.45ට පමණ මොහොමඩ් සියාම් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සර්, අත්අඩංගුවට ගන්නවා කියලා මා දැනුම් දුන්නා.
ඒ අවස්ථාවේදී නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඔහු ඉඳගෙන සිටි පුටුව එකපාරටම පස්සට දාලා නැඟිට්ටා, පසුව ඔහු කතා කොට ‘මට තේරුණා උඹලා මට මේ වැඩේ කරනවා කියලා. හැබැයි හැමදාම උඹලට මාව මේක ඇතුලේ තියාගන්න බැහැ. ශානි මං මිනී මරුවෙක්, මං එළියට ගියදාට උඹලට කරන දේ බලාගනිල්ලා‘ කිව්වා. ඒ වේලාවේ එතැන ප්‍රධාන පොලිස් පරීඬකවරුන් වන රන්ජිත් මුණසිංහ, දිසානායක, පොලිස් පරීඬක නිශාන්ත සිල්වා උප පොලිස් පරීඬක උපාලි හා ප්‍රේමතිලක යන නිලධාරීන් සිටියා. මේ තර්ජනය කිරීමෙන් අපිට මරණය හෝ බරපතල තුවාල සිදුකරන බව හැඟී බියට පත්වුණා.
ඒ වන විට කාලයක් මා පොලිස් සේවයේ යෙදී සිටියත් කිසිමදාක මෙවැනි අත්දැකීමකට මුහුණ දී තිබුණේ නැහැ. ඒ වන විට විවාහකයෙකු වන මා දරු දෙදෙනෙකුගේ පියෙක් මා නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචිව සිටියත් මට කිසිම ආරක්ෂාවක් තිබුණේ නැහැ. මෙම සිද්ධිය වන තුරු මා වාස් ගුණවර්ධන මහතා සමඟ කතා කොට තිබුණේ නැහැ. ඔහු මා සමඟවත්, මා ඔහු ස`මගවත් තරහක් තිබුණේ නැහැ.
කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් අසන ලද ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් රහස් පොලිසියේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානී අබේසේකර මහතා මෙසේද කීය.
‘මට තේරුණා උඹලා මට මේ වැඩේ කරනවා‘ කියලා නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා කියන අවස්ථාව වන විට ඔහු අත්අඩංගුවට ගන්නා බව ඔහුට දැනුම් දී තිබුණා. ඔහුට එරෙහි චෝදනාවන්ද ඔහුට කියවා දී තිබුණා.
ඔහු මගේ නම කීම තුළින් මට විශේෂයෙන්ද එහි සිටි නිලධාරීන්ටද ජීවීත තර්ජන එල්ල වුණා. වාස් මහතා මට මේ තර්ජනය එල්ල කළේ ‘මෙම චෝදනා සම්බන්ධයෙන් සර්, අත්අඩංගුවට ගන්නවා කියා නී පසුවයි‘ ඒ වේලාවේ ඔහු එසේ කීවේ හිත් වේදනාවකින් නෙමේ, යම් අරෝවකින් බව මට වැටහුණා. ඒ වන විටත් නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ ක්‍රියාවන් අපි දැනගෙන සිටි නිසා ඔහුගේ තර්ජනය ගැන මා තුළ බියක් ඇති වුණා.
විනිසුරු ගිහාන් කුලතුංග මහතා. ඒ වන විට ඔබ සහකාර පොලිස් අධිකාරීවරයෙක් මෙම විත්තිකරු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් නේද?
පිළි. ඔව්.
විනිසුරු ගිහාන් කුලතුංග මහතා. එතකොට කනිෂ්්‍යඨ නිලධාරීයෙන්ට පුළුවන්ද ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් අත්අඩංගුවට ගන්න?
පිළි. අපරාධ නීතීය යටතේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගෙන් ප්‍රශ්න කිරීමට හෝ ඔහු අත්අඩංගුවට ගැනීමට කනිෂ්ඨ නිලධාරීයෙකුට හැකියාව සහ බලය තියෙනවා. නමුත් විනය පරීඬණයකදී පොලිස්පතිවරයා විසින් බලය පැවරීමක් කළේ නැත්නම් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගෙන් ප්‍රශ්න කිරීමට හෝ ඔහු අත්අඩංගුවට ගැනීමට කනිෂ්්‍යඨ නිලධාරීයෙකුට හැකියාව සහ බලය ලැඛෙන්නේ නැහැ. එවැනි අවස්ථාවක ජ්‍යෙෂ්ඨ නිලධාරියාට සමාන හෝ ඊට වඩා වැඩි ෙජ්්‍යෂ්ඨත්වයකින් යුතු නිලධාරියකුට පමණයි අදාළ නිලධාරීයාගෙන් ප්‍රශ්න කිරීමට හැකියාව තියෙන්නේ.
වැඩිදුර විභාගය ලබන 27 වැනිදා තෙක් කල් තබන ලදී.
පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා මහතා පෙනී සිටියේය.
විත්තිකරු වෙනුවෙන් නීතීඥ ෆවුමි මොහොමඩ් මහතා සහ හරිත් හෙට්ටිආරච්චි සමඟ නීතීඥ අජිත් පතිරණ මහතා පෙනී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් ඳෙපාර්තුමේන්තුවෙ හිටපු දක්ෂ නිලඳාරියෙක්. ඒත් ඔහුගේ පවුලේ අය නිසා ඔහුගේ සේවය අපට අහිමි වුණා. කණගාටුයි!
පොලිසියේ ලොක්කෙක් වන මොහු මෙච්චර බයනම් සාමාන්‍ය මිනිස්සු වන අපි රටහැර යන්න ඕනෙනේ ? නිකන් සුරඟන කතා කියන්න එපා , ලංකාවේ දේශපාලකයෝ සහ පොලිස් කාරයෝ කටක් ඇරියොත් කියන්නේ ම බොරුවක් රග පාන්න හරිම දක්ෂයන් , ග්‍රාමසේවක කෙනෙක් තර්ජනය කල කියල ඇමෙති කෙනෙකුත් හොඳට බයට සහ කණගාටුවට පත්වෙලා අගහරුවාදා ,
අනුර ඉලන්කෝන් එයා කුලියට මිනි මරන්න තමා දක්ෂ වුනේ.
පොලිස් ඳෙපාර්තුමේන්තුවෙ සිටින දක්ස අවංක විනිවිද බවයෙන් කටුතු කරන නිලදාරියෙක්. ඔබට දීගසිරි !
මේ මැරුණු කෙනාව මරන්න මුලින්ම කුමන්ත්‍රණය කලේ ක්‍රිශාන්ත කෝරලේ සහ මොහමඩ් පෞස්දින්. ඒ දෙන්න තමි ඒ අහින්සකයව ගෙනිහින් මොඋන්ට බාරදුන්නේ. ඒ අපරාධ කරුවන්ට ලැබුණු දඩුවම ගැන දැනගන්න කැමති.
දැන් රටේ ප්‍රශ්නේ , හදිසියෙන්වත් හමුදාවක මිනිමරපු කෙනෙක්ව මේ විදියටම අත්අඩංගුවට ගත්තම රණවිරුවෝ දඩයම කියා සංඝයාවහන්සේලා සහ විපක්ෂය කෑගහනවනේ . මේ කාරණය නිසා ඔය වාස් ගුණවර්ධනට වඩා භයානක හමුදා අපරාධ කරුවන් තාමත් නිදැල්ලේ .
එදා පෙන්නුවේ රටේ කාගේ අවනීතියද ? රාජපක්ෂලාගේ අවනීතිය එදා උන්ගේ මිනී මැරුම් සේරම කලේ අනුර සේනනායක සහ වාස් පේනවනේ මල්වට්ටි අරන් යන කෙරුවාවල්.. දැන් යහපාලනය නෙවේ කවුරු අාවත් රටේ අපරාද හොරකම් වංචා නැති වෙන්නේ නැහැ දෙගොලම එකම කාසියේ දෙපැත්ත ජවිපෙට රට බර දුන්නොත් මස 6 ක් යන කොට මේවට වග කියන ය කුඩු බිස්නස් කරන ය කවුද කියල බල ගන්න පුළුවන්... එහෙම නොකලොත් එදා මොහොමඩ් හෙට අප කවුරු හෝ මුන්ගේ අපරාද වල ගොදුරක් විය හැකයි.
ඔය යසට ජීවත්වෙලා ඉන්නේ මරනවා නම් මරන්න අවරුදු 4 මදිද ?