( රංජිත් රාජපක්‍ෂ )
හැටන් තොන්ඩමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ නම වෙනස් කිරිමට එරෙහිව ලංකා කම්කරු කොංග‍්‍රසයේ මධ්‍යම පළාත් සභා මන්ති‍්‍රවරු පිරිසක් හා ආධාරකරු්වෝ පිරිසක් හැටන් ඔරලෝසු කණුව ඉදිරිපිට අද (26) උද්ඝෝෂණයක් ආරම්භ කළහ.
මේ හේතුවෙන් හැටන් නගර මධ්‍යයෙන් රථ වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණහිට ඇත.
වත්මන් පාලන අධිකාරිය මගින් තොන්ඩමන් නාමය ඉවත් කර පූල්බෑංක් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය යනුවෙන් නම් කිරිමට තමන් විරෝධය දක්වන බව විරෝධතාකරුවෝ පැවසූහ.
මධ්‍යම පළාත් සභා මන්ති‍්‍ර එස්.ශත්තිවේල් මහතා මෙහිදී පැවසුවේ හිටපු දේශපාලඥයන් රටට කළ සේවය වෙනුවෙන් ඔවුන් අනුස්මරණය කිරිම සඳහා ඔවුන්ගේ නමින් කර තිබෙන ඇතැම් ගොඩනැගිලි සහ ස්ථාන කිසිදු රජයක් විසින් වෙනස් නොකළ අවදියක තොන්ඩමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ නාමය වෙනස් කිරිමට අමාත්‍ය පලනි දිගම්බරම්ට කිසිදු අයිතියක් නොමැති බවයි.
මේ වන විට නොර්වුඩ් තොන්ඩමන් කි‍්‍රඩාංගණයේ නමද වෙනස් කර ඇති බව පැවසු ශත්තිවේල් මහතා අවධාරණය කර සිටින්නේ නැවත එම නම නාම පුවරුවේ ඇතුළත් කරන තෙක් මෙම උද්ඝෝෂණය අඛණ්ඩව පවත්වාගෙන යන බවයි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ දේශපාලකයින්ට අවශ්‍ය මේ වගේ දේවල් තමයි. රටට සේවයක් කරන්නේ තමන්ගේ බූදලෙන් නෙවෙයිනේ. මහජනයාගේම සල්ලි වලින්. අවංකව සේවය කළොත් එ්ක මිනිසුන්ට හැමදාම මතක තියෙනවා. අදටත් අපි දුටුගැමුණු, ධාතුසේන, මහසෙන් වගේ රජවරු ගැන මතක් කරන්නේ, ගරු කරන්නේ ඒ නිසයි.
හරිනම් කළ යුත්තේ දේශපාලකයන්ගේ පුද්ගලික පරිත්‍යාග හැර අනික් සියලු ස්ථානවලින් නම් ඉවත්කිරීමයි. මහජන වියදමින් දියුණු කරන කිසිම දේපළකට දේශපාලුවන්ගේ නම් කොහේවත් සටහන් නොවිය යුතුය. අපේ හම උන්ගේ නම.
ෆූල් බෑන්ක් !!! මරු නම තමයි..
ඉස්සර සිටි දේශපාලකයින් හා දානපතින් තම ධන පරිත්‍යාගවලින් ඉදිකළ දේවල්වල තම නම ගැසුවේ නැත. ඔය වැඩේ ආරම්බ වුයේ 50 දශකයේ අගබාගයේ සිටයි.
ඇයි දැන් ඔය නම වෙනස් කරන්න හේතුව? වතුකරේ තැනක් ගන්න හදනවා වගේ.