(නිශාන්ත කුමාර) 
 
දෙබරුන් 50 දෙනකු පමණ දෂ්ඨ කිරීමෙන් අසාධ්‍යය තත්වයට පත්වී මීගහකිවුල බලගොල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු අද (25) පස්වරුවේ මීගහකිවුල රෝහලට ඇතුළත් කර ඇත.
 
තම ගෙවත්තේ ගසක තිබූ අතු කිහිපයක් කපා දැමිමට යාමේදී එම ගසේ තිබූ දෙබර කූඩුවක් ඇවිස්සීමෙන් මෙම පහර දීම සිදුව ඇත.
 
රෝහල්ගත කර ඇත්තේ මීගහකිවුල බලගොල්ල ගම්මානයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි. 
 
ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහල වෙත මාරුකර යවා ඇති බව රෝහල් ආරංච් මාර්ග පවසයි.