(මනෝප්රිය ගුණසේකර)
බැඳුම්කර කොමිසමේ කාලය තවත් සති 6කින් දීර්ඝ කිරීමට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පියවර ගෙන ඇත.
ඒ බව කොමිසමේ ලේකම් සුමතිපාල උඩුගමසූරිය මහතා ලංකාදීපයට පැවසීය.
බැඳුම්කර කොමිසමේ කාලය ඔක්තෝබර් 27වැනිදායින් අවසන් වීමට නියමිතව තිබූ අතර කොමිසමේ කටයුතු තවදුරටත් සිදුකළ යුතු බව දැනුම්දෙමින් ඒ සඳහා කාලය දීර්ඝ කරන ලෙස කළ ඉල්ලීමකට අනුව ලබන දෙසැම්බර් 8වැනිදා තෙක් එසේ කාලය දීර්ඝ කිරීමට ජනපති අනුමැතිය ලබාදී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොමිසමේ කාලය සති 6 නොවේ මාස 6 දක්වා කල් දැමුවත් ප්‍රශ්නයක් නැහැ , අද හෙටම හොරු ටික රිමාන්ඩ් කරලා නඩු පවරන්න , එතකොට කොමිසමට අවශ්‍යනම් බහ්න්ධනගරේ සිට හොරු කොමිසමට ගෙන එන්නත් පුළුවන් , එතකොට හොරුන්ට ආරාධනා පත්‍ර බෙදන්න උවමනාවක් නැහැ
ඒ වෙනකොට ඊළග ඡන්දයත් ඉවර වෙයි. තව මිලියන ගානක් සල්ලිත් පිල්ලි ගසාවි. වාර්තාව හොරු සාක්කි මේ ඔක්කොම නැති වෙයි. මිනිස්සුන්ටත් ඕක අමතක වෙයි.
අගමැතිතුමා කොමිසමට කැදවන්න. ලංකාවේ සුදුසුකම් පළපුරුදු නිලධාරීන් සිටියදී ඇයි සිංගප්පුරු පුරවැසියෙකු පත් කලේ ? බිලියන 59 අලාභය අයකර ගන්නේ කෙසේද? ජනතාවට අයිතියක් තිබෙනවා දැනගන්න.
එහෙනම් රනිල්වත් ගෙන්නලා අහන්න පුළුවන් පුරවැසිකම නැති කෙනෙකුට මොන ඉටිගෙඩියකටද මහබැංකු අධිපතිකම දුන්නේ කියලා...