හර්ෂණ තුෂාර සිල්වා
තාවකාලිකව වසා දමා තිබූ යාල වන උද්‍යානයේ කලාප අංක 1කොටස රජයේ ප්‍රබල අමාත්‍යවරයකුගෙන් එල්ල වූ දැඩි බලපෑම් නිසා නියමිත දිනට දින 9කට පෙර විවෘත කිරීමට සිදු වූ බව වනජීවි දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සුමිත් පිලපිටිය මහතා අද (25) කොළඹ දී පැවැසීය.
දේශපාලන මැදිහත්වීම නිසා නියමිත කාලයට පෙර යාල වන උද්‍යානයේ කලාප අංක 1 නැවත විවෘත කිරීමට සිදුවීමෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යභාරය හෑල්ලුවට ලක් වූ බවත්, එය රටේ පරිසර හා වන සංරක්ෂණ ප්‍රතිපත්තියට අවනම්බු හා අපකීර්තියක් එක් කිරීමක් බවත් හෙතෙම කීය.
කොළඹ බී.ආර්.සී සමාජ ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වනජීවි දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා එම කරුණු කීවේය.
ආණ්ඩුවේ සහ අග්‍රාමාත්‍ය කාර්යාලයේ අනුදැනුම මත යහපත් අරමුණින් ගත් තීරණයක් ආණ්ඩුවේම අමාත්‍යවරයකුගේ මැදිහත් වීම නිසා නැවත හැරවීමට සිදුවීම කනගාටුවට කරුණක් බවත් මෙය කිසිසේත්ම යහපාලනය නොවන බවත් ආචාර්ය සුමිත් පිලපිටිය මහතා කීය.
එහිදි තවදුරටත් අදහස් දැක්වූ වනජීවි දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සුමිත් පිලපිටිය මහතා මෙසේ ද කීය.
“අග්‍රාමාත්‍ය කාර්යාලයේ උපදෙස් මත වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ කමිටුවක් පිහිටුවීමට කටයුතු කළා. ඒ අනුව යාල වන උද්‍යානයේ කලාප අංක 1 සහ 2 සාම්ප්‍රදායිකව වසා දමන කාලය මාස 1 සිට 2 දක්වා වැඩි කිරීමට තීරණය කළා. නියඟය නිසා මෙලෙස සාම්ප්‍රදායිකව වසා දැමුවත් මෙවර ඊට තවත් හේතු දෙකක් තිබුණා. මේ වසරේදි කලාප අංක 1 ට ඇතුළු වූ වාහන ප්‍රමාණය ඉතාමත් වැඩියි. දිනකට සාමාන්‍යයෙන් වාහන 300ක් පමණ ඇතුළු වී තිබුණා. ඒ නිසා වාහන හා මිනිසුන් ඇතුළු වීමෙන් පීඩාවට පත්වූ වනයටත් සතා සීපාවටත් විවේදකයන්, නිස්කලංක බවක් විරාමයක් ලබාදීම එක හේතුවක්.
අනෙක් කරුණ යාල වන උද්‍යානයේ කලාප අංක 1 ජෛව විවිධත්වයෙන් පොහොසත්. සතුන් මිනිසුන්ට හුරු පුරුදු වී සිටිනවා. ඒ නිසා කලාප අංක 3,4, 5 අනෙකුත් කලාපවලටත් සංචාරකයන් ආකර්ෂණය කරගැනීම දෙවැනි අරමුණයි. එම කලාපත් ජෛව විවිධත්වයෙන් පොහොසත්. ඒ නිසා එම කලාපවලටත් සංචාරකයන් ආකර්ෂණය කරගනිමින් කලාප අංක 1 වගේ අත්දැකීමක් ඔවුනට ලබාදීම දෙවැනි අරමුණයි.
ජාතික වන උද්‍යානය සතුන්ගේ අභයභූමි බව කිව යුතුයි. ඒවා තිබෙන්නේ වන සතුන්ගේ ආරක්ෂාවටයි. වනජීවි දෙපාර්තමේන්තුව සෑම විටම එම මූලධර්මයට ප්‍රමුඛත්වය දෙමින් තමයි කටයුතු කරන්නේ. කෙසේ වෙතත් ආණ්ඩුවේ, අග්‍රාමාත්‍ය කාර්යාලයේ උපදෙස් මත යහපත් අරමුණින් මාස දෙකක කාලයකට වසා දැමුණු කලාප අංක 1 ආණ්ඩුවේම ඇමැතිවරයකුගේ මැදිහත්වීම හා බලපෑම නිසා නැවත විවෘත කිරීමට සිදුවුණා. ‘‘
අග්‍රාමාත්‍ය කාර්යාලය උපදෙස් මත පිහිටුවන ලද කමිටුවේ නිර්දේශ මත යාල වන උද්‍යානයේ කලාප අංක 1 නැවත විවෘත කිරීමට නියමිතව තිබුණේ නොවැම්බර් 1 වැනිදාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි නම කියන්න බැරි?
දේශපාලකයෝ රටේ මහජනයාගේ රීරි මාංස ටික උරා බොනවා මදිවට අහිංසක වනසතුන්ගේ රීරි මාංස ටිකත් උරා බීලා ඉවර කරන්නයි හදන්නේ. අහිංසක සතුන්ටයි, ජනතාවටයි රට ආරක්ෂා කරන දෙවි දේවතාවුන්ගේම පිහිටයි.
නූගත් දේසපාලුවන්ට පාලන බලය අතට දුන්න අපට තමයි ගහාන්න ඕනා. කරගත්තු ගොන්කමක මහත.
අපි වැඩ විවාද කිරීමෙන් වැඩක් නැහැ. සියලුම වන උද්‍යාන වලට ඇතුළු කල යුත්තේ අවම ශබ්දයක් ඇති වාහනයි. ඒ කියන්නේ රජය අවුරුදු 1ක කාලයක් මම ප්‍රවාහනයට කල් දිය යුතුයි. මේ සඳහා වාහනවලට බදු සහන ලබා දිය යුතුයි. යාලට වාහන සීමාවක් කිරීම ඉතා හොඳ වැඩක්.
එතකොට මේ ඇමති ඉන්නේ අගමැතිටත් ඉහලින්ද.
ඇමතිවරයාගේ අණ පරිදි යාල කලින් ඇරියා කියන එකට හේතුව තවම කාටවත් තේරිලා නැහැ වගෙයි ! සංචාරකයන් වෙනුවෙන් පවත්වාගෙන යන එයාගේ "ජීප්රථ සේවාව" නිකම් වේලෙන නිසා මෙවැනි අභීත තීරණයක් ගත්තා වෙන්න බැරිද ?
අගමැති කියල වෙනසක් නැහැ ඔක්කොම හොරු.
මෙතුමා වැඩ කලේ එම ඇමති යටතේ නොවෙයි නම් මොකටද බල පෑමට යට උනේ?