‘අගෝ්ස්තු සිට කසල වලින් විදුලිය‘ - චම්පික බස්නාහිර පළාතේ එකතුවන කසලවලින් විදුලිය නිපදවන යෝජනා ක්‍රම තුනක් අගෝස්තු මාසයේ දී ආරම්භ කරන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 23 July 2017
ලිප්ටන් වටරවුමේ සරසවි සිසු අට්ටාලයට පොලිස් ප්‍රහාරයක් සයිටම් විරෝධී විශ්ව විද්‍යාල සිසුන් කොළඹ ලිප්ටන් වටරවුමේ ඉදිකර තිබූ අට්ටාලයට මීට සුළු මොහොතකට පෙර පොලිසිය ජල ප්‍රහාර එල්ල කළේය. 23 July 2017
වෛද්‍ය සංගමය අඟහරුවාදා වැඩ වර්ජනයකට සැරසෙයි වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් පැහැරගෙන යාමට තැත් කිරීමේ සිද්ධියට විරෝධය දැක්වීම සඳහා අඟහරුවාදා (25) දීප ව්‍යාප්ත සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත. 23 July 2017
රවී බැඳුම්කර කොමිසමට කැඳවයි විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අඟහරුවාදා (25) බැඳුම්කර කොමිසම හමුවට කැඳවීමට තීරණය කොට ඇතැයි එහි ආරංචි පවසයි. 23 July 2017
කප්පම් ගන්න ගිය තිදෙනෙක් පොලිස් දැලේ මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයෙන් මිලදී ගත් සැමන් ටින් එකක් තුළ රබර් පටි කිහිපයක් තිබූ බව පවසමින් එම සැමන් තොග ලබා ගත් පිටකොටුව 4වැනි හරස් වීදියේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 2ක කප්පමක් ගැනීමට පැමිණි බව කියන තිදෙනකු අද (23) අත් අඩංගුවට ගත් බව පිටකොටුව පොලිසිය පවසයි. 23 July 2017
මියගිය පොලිස් නිලධාරියා වෙනුවෙන් විනිසුරු හඬාවැටෙයි සිය ජීවිතය බේරා ගැනීමට දිවි දුන් පොලිස් නිලධාරියාගේ පශ්චාත් මරණ පරික්ෂණය සිදු වූ අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසකර් ඉල්ංචේලියන් මහතා මියගිය පොලිස් නිලධාරියාගේ බිරිඳට වැඳ හඩා වැළපුණේය. 23 July 2017
කෝටි 12ක ගොඩනැගිල්ල දැන් ‘පොදු වැසිකිළියක්‘ පසුගිය රජයේ ‘දැයට කිරුළ‘ වැඩ සටහන යටතේ 2013 වසරේ දී රුපියල් කෝටි 12 ක වියදමින් ආරම්භ කළ දන්කොටුව නගර රංග ශාලාව හා සම්මන්ත්රණ ශාලාවේ වැඩ අවසන් නොකිරිම නිසා එම ස්ථානය ‘සල්ලාලයන්ගේ බේබද්දයන්ගේ හා කුඩු කාරයන්ගේ තිත්පොළක්‘ වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. 23 July 2017
බාබුල්-තූල් මත්ද්‍රව්‍ය කිලෝ අටක් අල්ලයි බාබුල් හා තූල් නැමැති මත්ද්‍රව්‍ය කිලෝ අටක් පමණ ගාල්ල තලාපිටියේ දී අද (23) අත්අඩංගුවට ගත් බව ගාල්ල මත්ද්‍රව්‍ය දුෂණ මර්දන අංශය කියයි. 23 July 2017
කොහුබත්වලින් සැදූ තේ තොගයක් අල්ලයි කොහුබත් ඇතුළු විවිධ අපද්‍රව්‍ය යොදා සකස්කරන ලද කසල තේ කන්ටේනරයක් අපනයන කිරීම සඳහා කොළඹ වරයාට රැගෙන යමින් සිටියදී අද (23) මාවතගමදී අත්අඩංගුවට ගත් බව මාවතගම පොලිසිය කියයි. 23 July 2017
යාපන මහාධිකරණ විනිසුරුවරයාගේ ආරක්ෂකයා මිය යයි. නල්ලූර්හිදී සිදුවූ වෙඩි තැබිමෙන් තුවාල ලබා යාපනය මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලන්චේලියන් මහතාගේ ආරක්ෂකයා මිය ගිය බව පොලිසිය පවසයි. 23 July 2017
තමන් ඉලක්ක කළ වෙඩි තැබීමක් බව මහාධිකරණ විනිසුරු කියයි අද සවස 5.00 ට පමණ යාපනය නල්ලූර් කෝවිල පසුපස මාර්ගයේදී කළ වෙඩිතැබීම තමන් ඉලක්ක කරගත් සිදුවීමක් බව යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලන්චේලියන් මහතා කියයි 22 July 2017
අම්බලන්තොට කුඩු රැජිණ අල්ලයි අම්බලන්තොට නගරය ඇතුළු ගම් රැසකට මත් කුඩු බෙදූ කුඩු අම්බලන්තොට කුඩු රැජිණ මත් කුඩු සහ මත් කුඩු අළවිකරන ලද මුදල් ද සමඟ අත් අඩංගුවට ගත් බව අම්බලන්තොට පොලිසිය කියයි. 22 July 2017
යාපනය මහාධිකරණ විනිසුරුගේ ආරක්ෂක නිලධාරියාට වෙඩි තබයි අද සවස 5.00 ට පමණ යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලන්චේලියන් මහතාගේ ආරක්ෂක නිලධාරියාට වෙඩි තබා තිබේ. 22 July 2017
කැසිනෝ යන්න යතුරු පැදි ඉස්සු හතරක් සැකපිට යතුරු පැදි සහ ත්‍රීරොද රථ සොරා ගන්නා කල්ලියක සාමාජකයින් සිවු දෙනකු සොරාගත් යතුරු පැදි 12 ක් සහ ත්‍රිරෝද රථ 3 ක් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 22 July 2017
කැළි කසළ ගැටලූව තවත් රජයකට ඉතුරු කරන්නේ නෑ- ජනපති මෙතෙක් කිසිදු රජයකින් විසඳුමක් නොලැබුණු මේ රටේ කැළි කසළ ගැටලූවට අනාගතයේ පත්වන කිසිදු රජයකට නැවත මුහුණදීමට සිදු නොවන අන්දමේ ස්ථීරසාර විසඳුමක් ලබා දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 22 July 2017
ගම්පහ රෝහලේ නවතා තිබූ ගිලන් රියේ හුළං ඇරලා ගම්පහ රෝහල් පරිශ්‍රය තුළ නවතා තිබූ ගිලන් රථයේ ටයර්වල් එහි ප්‍රධානියකුගේ කීමට ආරක්ෂක නියමකයකු විසින් හුළං ඇරිම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ඒ.එල්. ෆරීඩ් මහතා පවසයි. 22 July 2017
සයිටම් විරෝධී පාගමනක් ඇරැඹේ සයිටම් පෞද්ගලික විශ්ව විද්‍යාලය අහෝසි කරන්නැයි ඉල්ලමින් වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සංවිධානය කළ ශිෂ්‍ය පා ගමනක් කොළඹ නීති පීඨය අසලින් මීට සුළු මොහොතකට පෙර ගමන් ආරම්භ කළේය 22 July 2017
දැරියක අපයෝජනය කළ පහක් සැකපිට 13 හැවිරිදි දැරියක අපයෝජනය කළ තරුණයන් තිදෙනකු හා විවාහකයන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 22 July 2017
අඟුණකෙළපැලැස්සේ බෝම්බ ප්‍රහාරයකින් 17ක් රෝහලේ අඟුණකොළපැලැස්ස වැටිය හන්දියේදී ඊයේ රාත්‍රී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් අතර තුර එල්ල වූ අත් බෝම්බ ප්‍රහාරයකින් 17 දෙනකු තුවාල ලබා ඇතැයි අඟුණකොළපැලැස්ස පොලිසිය කියයි 22 July 2017
හොර බෙහෙත් ගෙන්වූයැයි 10 දෙනකුට චෝදනා පෞද්ගලික සමාගමක් හරහා ප්‍රමිතියෙන් තොර ඖෂධයක් ආනයනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා ඇතුළු 10 දෙනකු වග උත්තරකරුවන් කරමින් බරපතල වංචා දුෂණ පිළිබඳ ජනාධිපති කොමිසම අද (21) චෝදනා පත්‍ර බාරදුන් බව එම කොමිසම කියයි. 21 July 2017
පොරොන්දු ඉටු නොකළොත් ලංකාව අවදානමේ පොරොන්දු වූ පරිදි වත්මන් ආණ්ඩුවට ප්‍රතිසංස්කරණ සිදු කරමින් සංහිඳියා ක්‍රියාවලිය සාර්ථකව පවත්වාගෙන යෑමට නොහැකි වුවහොත් ශ්‍රී ලංකාව අවදානම් තත්ත්වයකට පත්වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මහලේකම් සහ දේශපාලන කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රධානි ජෙෆ්රි ෆෙල්ට්මන් මහතා අද (21) පැවැසීය. 21 July 2017
පෞද්ගලික විශ්ව විද්‍යාල 10 ක් වත් ඕනෑ යයි සිවාජිලිංගම් කියයි රජයේ වෛද්‍ය විද්‍යාලවලට අමතරව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල 10ක් ස්ථාපිත කිරිමට රජය පියවර ගතයුතු බව දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා පවසයි. 21 July 2017
ලක්ෂ 31ක් කොල්ලකෑවැයි තුනක් සැකපිට හොරණ අරපනාගොල්ල කර්මාන්ත ශාලාවකට අයත් රුපියල් තිස් එක් ලක්ෂයකට අධික මුදලක් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධයෙන් එම මුදල් බාරව සිටි අයකැමිවරයකු ඇතුළු තිදෙනකු අද (21) කහංවිල දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 21 July 2017
“වසරක් ගියත් මිලියන 144කින් කරපු දෙයක් නෑ“ රුපියල් දාහතර කෝටි හතලිස් ලක්ෂයක මුදලක් උතුරු පළාත් ආණ්ඩුකාර අරමුදලින් පළාත් සභාවට ලබාගෙන වසරක් ගතව ඇතත් එම මුදල්වලින් එක් සතයක් හෝ මෙතෙක් වැය කර නැතැයි උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ.සිවඥානම් මහතා පවසයි. 21 July 2017
සිවාජිලිංගම් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට කැඳවයි බෞද්ධ භික්ෂුන් වහන්සේ නමකට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සහ මුල්ලිවායික්කාල් දිනය ගැන කළ බව කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත කැදවා ඇත 21 July 2017
ජගත් මහලේකම්ගෙන් ලක් රජයට පැසසුම් අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලෙන කාර්යාලය ස්ථාපිත කිරීමට අවශ්‍ය කටයුතු යෙදීම ශ්‍රී ලංකාව ලද සුවිශේෂී ජයග්‍රහණයක් බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇත්තෝනියෝ ගුටරෙස් මහතා පවසයි. 21 July 2017
රයන් අත්අඩංගුවට ගැනීමට යාම ගැන පරීක්ෂණයක් වෛද්‍යපීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරි කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් අත්අඩංගුවට ගැනීමට යාමේ සිද්ධියේ දී පොලිසිය අතින් රාජකාරි අතපසුවීමක් හෝ වැරැද්දක් සිදුව ඇතිද යන්න සොයා බැලීම සඳහා පොලිස්පතිවරයාගේ නියමයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 21 July 2017
කොකේන් සිද්ධියට රේගුවේ තුනක් මාරු රත්මලාන ආර්ථික මධ්‍යස්ථානයේ සතොස ගබඩාව වෙත එවා තිබු සීනි කන්ටේනරයක් තුළ තිබී කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 218 ක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව එම කන්ටේනර් රථය වරායේ දී පරික්ෂා කළ රේගු නිලධාරීන් තිදෙනකුට වහාම කි‍්‍රයාත්මක වන පරිදි අද (21) සිට ස්ථාන මාරුවීම් ලබා දී ඇත. 21 July 2017
ජපුර පරිසර අධ්‍යයන වාර්තා තහනම් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් නිකුත් කරන පාරිසරික අගැයීම් වාර්තා පිළිනොගැනීමට මධ්‍යම පරිසර අධිකාරිය තීරණය කර ඇත. 21 July 2017
රුධිර පරීක්ෂණ පැය දෙකක් ඇතුළත දිය යුතුයි පැය දෙකක් ඇතුළත පෞද්ගලික රසායනාගාර රුධිර පරීක්ෂණ වාර්තා ලබා නොදුනහොත් ඩෙංගු සඳහා ප්‍රතිකාර කිරීමට එම වාර්තා වලංගු නොවන බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි. 21 July 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026