ඩයනා උදයංගනී
පාසල්වල පවත්වන විවිධ උත්සව සඳහා වියදම් අධික රංග ශාලා යොදාගැනීම නැවැත්වීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
ඒ සඳහා සියලූ පාසල් ප්‍රධානීන් දැනුම්වත් කර චක්‍රලේකයක් නිකුත් කරන ලෙස තමන් අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් දී ඇතැයි ද ඇමතිවරයා සඳහන් කළේය.
අගනුවර බොහෝ පාසල්වල උත්සව පැවැත්වීම සඳහා මිල අධික රංග ශාලා යොදාගැනීම පුරුද්දක් කරගෙන ඇති බවත්, මේ සඳහා අදාළ මූල්‍ය ප්‍රතිපාදන සලසා ගැනීමේදී දෙමාපියන්ගේ දායකත්වය ලබාගැනීම හේතුවෙන් ඔවුන් දැඩි ආර්ථීක අපහසුතාවයන්ට මුහුණ දෙන බවත් අ අකිල් විරාජ් කාරියවසම් මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ පියවරක්... විදුහල්පති හට වගකීම පවරා, මේ ප්‍රතිපත්තිය තදින්ම ක්‍රියාවට නංවන්න.
ඔය නෙලුම් පොකුණ රඟහල ගන්න එක ගැන නේද කියන්නේ? ඒකේ වේදිකාව හරි විශාලයි. පාසල් වලින් කරන සංදර්ශන වලදී විශාල ළමයි ප්‍රමාණයක් සහභාගී කරගතයුතු නිසා එම රඟහල පාසල් වලින් තෝරාගන්නවා. එ්කේ වේදිකාවට එකවර ළමයි 75 ක් පමණ යොදාගෙන සංදර්ශන ඉදිරිපත් කල හැකි ය. නැතුව පාසල් වලින් ඒක තෝරාගන්නේ බොරු සෝභන දාන්න නෙවෙයි. අධ්‍යාපන ඇමති හැටියට ඔබතුමාට තියෙන්නේ විශේෂ අඩු මුදලකට පාසල් සංදර්ශන සඳහා ඒ රංග ශාලාව වෙන් කරලා දෙන එක මිසක් චක්‍රලේක ගසමින් ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ ඒ සඳහා කරන ඇති විශාල වූ කැපවීම අවතක්සේරු කරන එක නෙවෙයි. මෑත කාලයේ බිහිවුණු අසාර්ථකම අධ්‍යාපන ඇමති...
ඇමැතිතුමනි පාසල් සංවර්ධන කමිටු නිලදාරීන් තරහවෙයි.
ඊට වඩා හොඳ නැද්ද සියලුම රාජ්‍ය පාසල් උත්සව රාජ්‍ය පාසල් වල තියන උත්සව ශාලා, ක්‍රීඩා පිටිවල පමණක් පැවැත්විය යුතුය කියන එක. ඔබතුමාගේ දෙපාර්තුමෙන්තුවෙනුත් ඔයිට වැඩිය සහාය... ඒ ඒ පහසුකම් තියන විදුහල් වලට ලබාදෙන්න.
අගනුවර පාසල් සංදර්ශන, ක්‍රිකට් තරඟ වගේ දේවල් වලට කරන වියදමින් ගමේ දුප්පත් පාසලකට මොන තරම් උදව් කරන්න පුළුවන්ද? ඇමැතිතුමා මේ පියවරවල් ගන්න අතර මේ පාසල්වල වියදම් ප්‍රසිද්ධ කරන්න. රෝයල් එකෙන්ම පටන් ගන්න පුළුවන්. සිංහල දෙමළ භේදයක් නැතුව ගම් වලට මොන තරම් අසාධාරණයක් වෙනවද කියල එතකොට පෙනෙයි.
නියමයි. හොඳ වැඩක්. කරුණාකර පෙරපාසල්වලටත් මෙය ක්‍රියාත්මක කරන්න.
එතකොට ඇමැතිවරුන්ට මිල අධික වාහන ගන්න පුළුවන්ද?
මෙය ඉතාමත් කලෝචිත ක්‍රියාවක්. ඊළඟට කල යුත්තේ රජයේ පාසල් වල ආදි ශිෂ්‍යයින්ට දී ඇති සිසුන් බඳවා ගැනීමේ කෝටා ඉවත් කිරීමයි. ඊට හේතුව නම්, මේ පාසල් නඩත්තු කරන්නේ ආදි ශිෂ්‍යන්ගේ අරමුදලින් නොව, පොදු මහජනයාගේ බදු මුදලින් වීමයි. එමනිසා, සෑම පුරවැසියෙකුගේ දරුවෙකුටම, මේ පාසල් වලට ඇතුල්වීමේ සමාන අයිතියක් ලබා දිය යුතුයි.
සාරි පොටවල් අල්ලන වැඩ වලට නීතිය නැමෙන්නේ නැද්ද?
රාජකීයයේ නව රඟහල , විසාඛාවේ ජෙරෙමියෙස් දියස් රඟහල , ආනන්දයේ කුලරත්න ශාලාව, මියුසියස් විදුහල් ශාලාව, බිෂොප් විද්‍යාලිය ශාලාව, මහරගම යොවුන් රඟහල ආදී ශාලා නොමිලේ අනෙක් පාසල් වලටත් ලබා දෙන්න. පිට පළාත් සඳහා රංගශාලා අලුතින් සාදා නොමිලේ සෑම පාසලකටම ලබා දෙන්න. අපිට කුඩා කාලයේ මෙවැනි රඟහලක පය තබන්න වරම් නොතිබුනත් අපේ දරුවන්ට මග අහුරන්න එපා. මෙරට හැම දරුවෙක්ම නෙලුම්පොකුන වැනි ජාත්‍යන්තර මට්ටමේ රඟහලක් වේදිකාවකට ගොඩ වෙනු දැකීමයි ඔබගේ පැතුම විය යුත්තේ.
එහෙම නම් ශාලා වල කරන උත්සව විතරක් නෙවෙයි. මහා ක්‍රිකට් තරග වලටත් කාලය මුදල් යොදනවා වැඩියි නේද? ඇයි ශාලා උත්සව විතරක් සියල්ලම ගැන සිතලයි නීති ගේනව නම් ගේන්න ඕනෑ...
මේක දිහා සාධාරණව බලන්න පුළුවන් නම් හොඳයි. පාසල් වල ශාලා පහසුකම් තිබ්බත් එක වරකට බලන්න පුළුවන් 500 ක් වගේ ප්‍රමාණයකට. බීඑම්අයිසීඑච් වගේ එකක එක පාරට 1500ක් දාන්න පුළුවන්. එතකොට පොඩි ළමයි අඩුම ගානේ වාර 3ක් වත් නටන්න ඕනෙ පාසල් ශාලා වල. අනික මේවා ජෝගි නටනවා කියලා හඳුන්වන්න එපා. විෂය භාහිර ක්‍රියාකාරකම් ළමයින්ට තියෙන්න ඕනේ. නෙළුම් පොකුණ වගේ නවීන ශාලා නිසා දරුවන්ගේ හා ගුරුවරුන්ගේ අළුත් අදහස් එක්ක නැටුම් ඉදිරිපත් කරන්න පුළුවන්. හේතුව එම ශාලා වේදිකා විවිධ ආකාරයට වෙනස් කරන්න පුළුවන් නිසා. ගම්වල දරුවන්ට අඩු පහසුකම් තියෙන බව ඇත්ත. ඒත් එයාලගේ පහසුකම් දියුණු කරන්නේ නැතුව නගරේ දරුවන් ගමේ මට්ටමට ගෙනියන එකද යහපාලනයේ න්‍යායයි.