කොළඹ - කටුනායක ප්‍රධාන අධිවේගී මාර්ගයේ පමුණුගම ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙක් මිය ගිය බව පොලිසිය පවසයි.
රියදුරුට නින්දයාම හේතුවෙන් රථය මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය ආසන්නයේ තණකොළ කපමින් සිටි කම්කරුවන් දෙදෙනෙකුගේ ගැටී අනතුර සිදුව ඇත.
තුවාල ලැබු කම්කරුවන් දෙදෙනා ජාතික රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ. ඔවුන් ජාඇල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පමුණුගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිවේගී මාර්ගය තුළ රියදුරන් හට නිදිමත ගතිය ඇතිවීම බහුලව සිදුවෙනවා. කිසිම විවිධාකාරීත්වයක් නැති නිසා නින්ද යනවා. දින දෙකක් මගේ අවධානය නිසා සිදුවීමට ගිය අනතුරු දෙකක් වළකා ගත්තා. හලාවත කොළඹ බස් දෙකක්...
මීට හේතුව වනේ පාර හොඳට හදපු අයගේ තමයි.
නින්ද යන්න එනවා නම් වාහනේ පදවන්න එපා. මොන පාර වුණත් පැත්තකට කරලා නතර කර ගන්න.