වියලුව වාර්තාකරු
මීගහකිවුල තල්දෙන මාලිගාතැන්න කුඹුරක මැද අද (21) ගිලා බැසීමක් හේතුවෙන් විෂ්කම්භය අඩි 15 ක් පමණ වූ විශාල ආවාටයක් සෑදී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
මෙම ගිලා බැසීම දැක බලා ගැනීමට විශාල පිරිසක් පැමිණෙන අතර එය අනතුරුදැයක නිසා එහි පැමිනෙන පිරිස සීමා කිරීමට එහි පැමිණි මීගහකිවුල සහකාර ප්‍රාදේශිය ලේකම් චාමර මහතා කටයුතු කළේය.
මේ සම්බන්ධයෙන් පොලීසිය හා බදුල්ල ආපදා කළමණාකරණ ඒකකයට දැණූම් දී ඇති අතර සිද්ධීයට හේතුව නිශ්චිතව ප්‍රකාශ කල නොහැකි බවත් පරීක්ෂණයකින් පසුව හේතුව දැණුම් දීමට කටයුතු කරන බවත් වැඩබලන බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ අධ්‍යක්ෂ අජිත් නිශාන්ත මහතා පැවැසීය .
මෙම ස්ථානයට මීටර් 150 ක් පමණ ඉහළින් පිහිටි කුඹුරුයායද දින දෙකකට පමණ පෙර අඩි 15 ක් පමණ පළලට හා අඩි 50 ක් පමණ පහළට පස් කන්දකක් කඩා වැටී ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහුගිය දවස්වල ඔය පළාතේ ඇළ මර්ගයකටත් ගිලා බැහැලා අලාබ සිදුවුනා නේද? ඒ හේතුවම වෙන්න බැරිද මේකත්? ඒ වෙලාවෙ නම් කිවේ යට තියන හුණුගල් තට්ටුවක් ද කොහෙද ගිලා බැහැලා කියලා වගේ තමා මතක.
මේ සිදුවීම කොහොම හරි උමා ඔය ව්‍යාපෘතියට සම්බන්ධ කරගත්තොත් හොඳ දේශපාලන වාසියක් ගන්න පුළුවන්.