ඩෙංගු මඬින පාසල් වැඩසටහන 28 දා මේ මස 28 වැනි සිකුරාදා පාසල්වල අධ්‍යාපන කටයුතු නතර කර ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීන්දු කර තිබේ. 21 July 2017
දුම්රිය ආදායම වැඩිවෙයි දුම්රිය දෙපාර්තමේන්තුව ඉකුත් වසරේ මගී ප්‍රවාහනයේ දී ප්‍රගතියක් පෙන්වා ඇතැයි එම දෙපාර්තමේන්තුවේ 2016 කාර්ය සාධන වාර්තාව පෙන්වා දෙයි. 21 July 2017
පුවත්පත් කොමිසමට පැමිණිලි 133ක් ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමට 2016 වසරේදී පැමිණිලි 133ක් ලැබී ඇතැයි එම කොමිසමේ 2016 වාර්ෂික වාර්තාව සඳහන් කරයි. 21 July 2017
වන්දි ඉල්ලා උපවාස කළ පහක් රෝහලේ හම්බන්තොට සූරියවැව අඩිසියයේ පාර පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ දී වසර 5ක් තිස්සේ තමන්ට වන්දි නොදුන් බව කියමින් උපවාසයක නිරත පිරිසෙන් 5 දෙනකු අද(21) අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කෙරිණි. 21 July 2017
නව දේශීය ආදායම් බදු පනත අගෝස්තුවේදී පාර්ලිමේන්තුවට නව දේශීය ආදායම් බදු පනත අගෝස්තු තුන් වැනි සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. 21 July 2017
පාසල් අධ්‍යාපනය වසරකින් අඩු කිරීමේ යෝජනාවක් පාසල් අධ්‍යාපන කාලය වසරකින් අඩු කිරීමට ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව යෝජනාවක් ඉදිරිපත් කර ඇත. 21 July 2017
පුණ්ඩළුඔය පහළ වීදියේ ගින්නක් පුණ්ඩළුඔය නගරයේ පහළ වීදියේ අද (21) හටගත් හදිසි ගින්නක් හේතුවෙන් වෙළෙඳසල් දෙකක් සම්පූර්ණයෙන් දැවී විනාශයට පත්ව ඇත. 21 July 2017
නාලන්දේ තරුණ විද්‍යාඥයාට මලයාසියාවේදී තවත් රිදී පදක්කමක් මලයාසියාවේ විද්‍යා තාක්ෂණ හා නව නිපැයුම් අමාත්‍යාංශය හා රාජකීය හමුදා පාසල එක්ව ප්රථව වරට සංවිධනාය කළ විද්‍යාඥ සමුළුවේදී නාලන්දා විද්‍යාලයේ ඉගැනුම ලබන රකිඳු රන්දිව් වික්‍රමරත්න පාරිසරික අංශයේ රිදී පදක්කම දිනාගැනීමට සමත්විය. 21 July 2017
චන්දිමාල්ට පළමු ටෙස්ට් තරගය අහිමි වෙයි ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට වැළඳී ඇති වෛරස් උණ හේතුවෙන් ඉන්දියාව සමගින් පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් තරගය ඔහුට අහිමී යනු ඇතැයි වාර්තා වේ. අසනීප තත්වය හේතුවෙන් ඊයේ (20 වැනිදා) පැවැති මාධ්‍ය හමුවටද දිනේෂ් චන්දිමාල් සහභාගී නොවූ අතර ඒ සදහා එක්දින සහ විස්සයි20 කණ්ඩායම් හී නායක උපුල් තරංග සහභාගී විය. 21 July 2017
වේග පන්දු යැවීමේ පුහුණුකරු චමින්ද වාස් ඉන්දිය පිලේ ශ්‍රී ලංකා සංචාරයේදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යැවීමේ පුහුණුකරු ලෙස හිටපු වේගපන්දු යවන්නකු සහ පුහුණු උපදේශක වරයකු ලෙස කටයුතු කළ චමින්ද වාස් මහතා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (21 වැනිදා) තීරණය කර තිබේ. 21 July 2017
ඉදිරි වසර 20ට නව විදුලි බල සැලැස්මක් ඉදිරි වසර 20 දී වත්මන් විදුලිබල උත්පාදන ධාරිතාවයට තවත් මෙගාවොට් 8371ක් එක් වීමට නියමිත බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි. 21 July 2017
’සහල්- අත්‍යවශ්‍ය භාණ්ඩ පිටරටින්’ - ජනපති කියයි නියඟයෙන් ජනතාව මුහුණ දී සිටින පීඩාව අවම කිරීම සඳහා සහල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ පිටරටින් ගෙන්වීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගල්ගමුවේදී පැවැසීය. 21 July 2017
එස්ඩීඅයිජී ලලිත් ජයසිංහගේ වැඩ තහනම් කෙරේ කයිට්ස් පුංකුඩුතීව් ප්‍රදේශයේදී විද්‍යා සිවනෝගනාදන් දැරිය ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන ස්විස් කුමාර් නැමැත්තාට කොළඹට පැන යාමට ආධාර අනුබල ලබාදුන්නැයි අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාගේ වැඩ තහනම් කිරීමට පොලිස් කොමිසම අද (20) අනුමැතිය ලබා දී තිබේ. 20 July 2017
අන්තරේ සිසුන්ට පහර දුන්නැයි එජාප මන්ත්‍රීට චෝදනා අන්තර් විශ්ව විද්‍යාලිය ශිෂ්‍ය බලමණ්ඩලයේ සිසු සිසුවියන් පිරිසට එල්ල කළ ප්‍රහාරයට ඝෘජුවම සම්බන්ධ බව කියන එජාප අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දිම ගමගේ මහතා ඇතුළු පිරිස අත් අඩංගුවට නොගන්නේනම් එළබෙන සඳුදා කැකිරාවේ පිහිටි මන්ත්‍රිවරයාගේ නිවස ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් සිදුකරන බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අනුරාධපුරයේදි පැවසිය. 20 July 2017
බස්නාහිර පෞද්ගලික බස්වලට නීති දැඩි වෙයි බස්නාහිර පළාතේ ධාවනය වන සියලුම පෞද්ගලික බස්රථවල ගමන් ගන්නා මගීන්ට ප්‍රවේශ පත්‍රයත් නිකුත් කිරීම හා මගියාට හිමි ඉතුරු මුදල් ලබා දීම අනිවාර්ය කර ඇති බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති තුසිත කුලරත්න මහතා පවසයි. 20 July 2017
පළාත් පාලන නියෝජිත සංඛ්‍යාව දෙගුණ වෙයි නව මැතිවරණ ක්‍රමය අනුව ලබන පළාත් පාලන මැතිවරණයේදී පළාත් පාලන නියෝජිතයින් ප්‍රමාණය දෙගුණයකින් වැඩි වන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 20 July 2017
“ආණ්ඩුව බල්ලන් මරන්නේ නෑ“ ආණ්ඩුව විසින් අයාලේ යන බල්ලන් සහ ගවයන් මරා දමනු ලබන බවට සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල කෙරෙන චෝදනාවන්හි කිසිදු සත්‍යතාවයක් නැතැයි මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. 20 July 2017
හොරට මැණික් ගැරූවැයි අයෙක් අත්අඩංගුවට කුඹුකන් ඔයේ අතු ගංගාවක් වන කුඩා ඔය බඩල්කුඹුර ගැඩවිල ප්‍රදේශයෙන් හරස්කර ඒ මැද මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය මැණික් පතලක් වටලා එක් සැකකරුවකු අත් අඩංගුවට ගත්බව බුත්තල පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 20 July 2017
බැඳුම්කර පැමිණිල්ලේ සාක්කි සති 02කින් නිම වෙයි භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධියට අදාළ පැමිණිල්ලේ සාක්කි ඉදිරි සති දෙක තුළ අවසන් කිරීමට නියමිත බව බැඳුම්කර කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී.චිත්රසිරි මහතා අද (20) කොමිසමට දැනුම් දුන්නේය. 20 July 2017
අධිකරණයේ කලහ කළේ ඥානසාර හිමි බව හඳුනාගැනේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීමේ නඩු විභාගය පැවති දින හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණ ශාලාව තුළ ශබ්ද නඟා කතා කරමින් කලහකාරී ලෙස හැසිරුනේ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අභියාචනාධිකරණය හමුවෙහි අද (20) හඳුනා ගත්තේය. 20 July 2017
පුදුම හිතෙන සාක්කිකරුවෙක් බැඳුම්කර කොමිසමට ඉදිරි දිනයේදී පුදුම හිතෙන සාක්කිකරුවෙකු බැඳුම්කර කොමිසමට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය බැඳුම්කර කොමිසමට අද (20) දැනුම් දුන්නාය. 20 July 2017
අතුරුදන්වූවන්ගේ කාර්යාල පනතට ජනපති අත්සන් කරයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (20) අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලෙන කාර්යාලය පිළිබඳ පනතට අත්සන් තැබූ බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කළේය. 20 July 2017
‘අර්ථසාධක අරමුදලට අමතර බද්දක් ‘ නව දේශීය ආදායම් පනත් කෙටුම්පතෙන් අර්ථ සාධක අරමුදලට අමතර බද්දක් පනවා ඇතැයි ජනාධිපති නීතීඥ මනෝහාර ද සිල්වා මහතා අද (20) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවසීය. 20 July 2017
රයන් ජයලත් අල්ලන්න පොලිසිය ඕපීඒ ශාලාව වටලයි වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් සිසුවා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් මේ අවස්ථාවේ විද්වත් වෘතිකයින්ගේ සංගම් ශාලාව වටකර ඇත. 20 July 2017
අභ්‍යාවකාශයේ සැරිසරන්න ජීවිතය උගසට තියන්න වේවි ස්පේස් එක්ස් මෙගා රොක්ට්ටුවෙන් අභ්‍යවකාශ පෞද්ගලික සංචාරයේ යෙදන පළමු මගී කණ්ඩායම නිර්භීත වන ලෙසත් සමාරම්භක යානය විනාශයකින් අවසන්වීමට අවස්ථාව වැඩිබවත් ස්පේස් එක්ස් නිර්මාතෘ ඇලන් මස්ක් මහතා අනතුරු අඟවයි. 20 July 2017
අංගොඩ ලොක්කාගේ ගෝලයෙකුට ගොතටුවේදී වෙඩි අංගොඩ ලොක්කාගේ ගෝලයකු ගමන් ගත් බව කියන ජිප් රථයකට ගොතටුව අයිඩීඑච් හන්දියේදී අද(20) වෙඩි තබා ඇතැයි පොලිසිය කියයි. ඉදිරිපස අංක තහඩු නොමැති සහ පිටුපස අංක තහඩුවලට කාඩ්බෝඩ්වලින් වැසූ යතුරුපැදියකින් පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි ද ගොතටුව පොලිසිය කියයි. 20 July 2017
විදුලි ඉංජිනේරු සේවකයින්ට පහර දුන්නැයි විරෝධතා අඹතලේ ප්‍රදේශයේ විදුලිබිල නොගෙවු ටයර් අලෙවිසලක විදුලිය විසන්ධි කිරීමට ගිය බව කියන ශ්‍රී ජයවර්ධනපුර විදුලි ඉංජිනේරු කාර්යාලයේ සේවකයින් දෙදෙනකුට එම අලෙවිසලේ හිමිකරු පහර දුන්නැයි විරෝධය පළකරමින් ශ්‍රී ජයවර්ධනපුර විදුලි ඉංජිනේරු කාර්යාලයේ සේවකයෝ පිරිසක් අද (20) එම කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වූහ. 20 July 2017
“අපේ වැඩේ අපි හරියට කළා“ උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සකස් කළ පාරිසරික ඇගයීම් වාර්තාව විද්වත් කමිටුවක් මගින් තාක්ෂණිකව ක්‍රියාවලියකට යටත්ව ඉතා නිවැරදිව සකස් කළ බවට ඉතා වගකීම් සහගතව ප්‍රකාශ කරන බව එම වාර්තාව සකස් කිරීමට දායකවූ විද්වත් කමිටුවේ සාමාජිකයෝ පවසති. එවැනි ව්‍යාපෘතියක් සඳහා සකස් කළ පාරිසරික වාර්තාව අනුමත වූ පසුව ඊට අනුව අනෙකුත් 20 July 2017
පෘථිවිය ‘ප්ලාස්ටික් ග්‍රහයා‘ වෙයි? මෙතෙක් ලෝකයේ නිෂ්පාදනය කර ඇති සමස්ථ ප්ලාස්ටික් ප්‍රමාණය ටොන් බිලියන 8.3ක් පමණ වන බව කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් විසින් කරනු ලැබූ සමීක්ෂණයකින් හෙළි වි තිබේ. 20 July 2017
’ඒකාබද්ධ විපක්ෂය ව්‍යවස්ථා සම්පාදකයෙන් ඉවත් විය යුතුයි’ මහනායක හිමිවරුන්ගේ අනුශාසනාවට හිස නමා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් වහා ඉවත් වන්නැයි ඒකාබද්ධ විපක්ෂයෙන් ඉල්ලා සිටින බව ජාතික සංවිධාන එකමුතුවේ සම කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ප්‍රකාශ කළේය. 20 July 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026