(මහින්ද නිශ්ශංක)
දුම්රිය නියාමක, පාලක, රියදුරු හා ස්ථානාධිපති ශ්‍රේණිවල පවතින වැටුප් විෂමතා ගැටලුව විසඳීමට ජාතික වැටුප් කොමිසම මෙතෙක් පියවර නොගැනීමට විරෝධය පළ කරමින් හෙට(20) මධයම රාත්‍රියේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයකට එළඹෙන බව දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු ලාල් ආරියරත්න මහතා පවසයි.
ඒ අනුව නියාමකවරු, රියදුරු, ස්ථානාධිපතිවරු සහ පාලකවරු හෙට සිට වර්ජනයට එක්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටක පොදු ප්‍රවාහනයක් තියෙන්නේ පොදු මහජනතාවගේ යහපත උදෙසා. එත් ලංකාවේ හැමදාම වර්ජනය සිදුකරන්නේ සිකුරදා නැත්නම් සඳුදා. පාඩුව කොටි ගණන් ඉතින් අපේ රට හැමදාම සංවර්ධනය වෙමින් පවතින්වා රටක්. රටක් විනාශ වෙන්නේ රටේම මිනිසුන් නිසා. වැඩි වැටුප් ඉල්ලනවා, වැඩ කරන ආයතනයට ලොකු පාඩුවක් කරලා. කොහොමද පඩි වැඩි කරන්නේ. දේශපාලන පත්වීම් වලින් ලිස්ට් එකෙන් අපු උන්ගේ වැඩ තම මේ.
ඔය වර්ජනය ඇතිවුනොත්, පසුගියදා මෙන් එකෙනුත් අන්තිමට කරදරයට, පීඩාවට පත් වෙන්නේ එදිනෙදා වැඩට යන සාමාන්‍ය මහජනයයි. ඔය පාර්ලිමේන්තුවට මහජනයා විසින්ම පත් කර ඇති නියෝජිතයන්ට, අද රටේ ඇතිවන එකම වර්ජනයකින් වත් කිසිම අපහසුවක්, පීඩාවක් ඇතිවන්නේ නැහැ. මෙයින් නිගමනය වන්නේ, ඡන්දය දී තමන්වම පීඩාවට පත් කරගන්නාවූ රටේ ඡන්ද දායකයින් මෝඩයන් බවයි.
මේ වර්ජකයින්ට විරුද්දව මගී ජනතාව එකතු වෙමු.
රටක පොදු ප්‍රවාහනයක් තියෙන්නේ පොදු මහජනතාවගේ යහපත උදෙසා. එත් ලංකාවේ හැමදාම වර්ජන,ඔය වර්ජනය ඇතිවුනොත්, පසුගියදා මෙන් එකෙනුත් අන්තිමට කරදරයට, පීඩාවට පත් වෙන්නේ එදිනෙදා වැඩට යන සාමාන්‍ය මහජනයයි. පාඩුව කෝටි ගණන් ඉතින් අපේ රට හැමදාම සංවර්ධනය වෙමින් පවතින රටක්. රටක් විනාශ වෙන්නේ රටේම මිනිසුන් නිසා. වැඩි වැටුප් ඉල්ලනවා, වැඩ කරන ආයතනයට ලොකු පාඩුවක් කරලා. කොහොමද පඩි වැඩි කරන්නේ.
හමුදාවේ අනුඛණ්ඩයකට දුම්රිය සේවා රැකියා පුහුණු කරන්න. එවිට මෙවන් අවස්ථාවක අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාහැකියි. වර්ජකයන් පඩි නැතිව වැඩි කලක් ගෙවල්වලට කොටු කර තැබිය හැකියි. එවිට ඔවුන් පොඩි දෙයටත් වර්ජනය නොකර ඉඳියි.
ශ්‍රී ලංකාව මුළු ලෝකෙන්ම වර්ජනකාරී රට බවට පත්වෙලා මේවා බල බල ලංකාවට සංචාරකයෝ, ආයෝජකයෝ එයිද? මේ වර්ජනය කරන අයගේ ගෙවල්වල ඉන්න අය ඔක්කොම ගමන් යන්නේ තමන්ගේ වාහන වලින් වෙන්න ඇති.
මොවුන් මේ කරන ක්‍රියාවන්ට එරෙහිව මගී ජනතාව වශයෙන් අප නැගී සිටිය යුතුයි. ගියවර මෙන් මෙවරත් මොවුන්ගේ මේ අධම ක්‍රියාවට එරෙහිව ක්‍රියා කිරීමට සැවොම එක්වෙමු. යහපාලනයේ ඇති සැමට අහුන්කන්දීම මොවුන් බයාදුකමක් ලෙස ගෙන ක්‍රියාකිරීමට එරෙහිවෙමු.
මේවා හොද පුද්ගලික සමාගමකට දෙන්න. මේ දුම්රිය සේවය නොදියුණු නිසා මෙහි රැකියාව කරන අයට මිස මගී ජනතාවට සහනයක් නැහැ.
මෙහෙමත් රටක්.... ශ්‍රී ලංකාවට ගිය කලක්...... මේ වර්ජකයන්ට වර්ජනය කරන දවස්වලට මහජන මුදලින් පඩි ගෙවන්න එපා....
ලංකාවේ දුම්රිය සේවය සුද්දන්ගෙන් පැවත ආ එකක්. ලංකාවේ උදවිය ක්‍රමයෙන් කාබාසිනියා කරගත්තා. දැන් පීලි පන්න ගන්නේ නැති දවස් වලට එක්කෝ උද්ගෝෂණ, නැතිනම් වර්ජන. ආත්ම ගෞරවයක් නැති ප්රජාවකට දුම්රිය සේවාවක් කරගන්ට ශක්තියක් ඇතිවන්නේ කෙසේද? සිංහලයා හිඟා කෑමට පමණක් පුරුදු මානවකයෙක්.
මේ අය හිතා ගෙන ඉන්නේ තමන් රජයේ සේවකයන් නිසා හිතුන හිතුන වෙලාවට වැඩ නවතන්න පුළුවන් කියලා. දොස්තරලටත් තියෙන්නේ ඒ ලෙඩේමයි. මේ අයට පඩි ගෙවිය යුත්තේ තමන් කරන වැඩ ප්‍රමාණය අනුව විය යුතුයි. එතකොට කවුරුත් වැඩ කරනවා. ප්‍රශ්න තිබේ ඒවා කතා බහ කර විසඳ ගත යුතුයි. එහෙම බැරි නම් මෙම සේවය වෙන රට වල වගේ පරිපාලනය පුද්ගලික අංශයට දෙන්න.
ලංකාවේ දුම්රිය සේවකයින් මේ කරන වර්ජන ඉතා අසාධාරණයි. ඒ නිසා දුම්රිය අර්ධ රාජ්‍ය, පොෟද්ගලික කළ යුතුයි.
සරත් න සිල්වා මහතාණෙනි දුම්රිය වර්ජකයින්ට විරුද්දව නඩු පවරා බේරා දෙන්ඩ.
එදා වෙල්ගම අද වසංගත, කාසියේ දෙපැත්ත නේද ??
අගමැතිතුමණි, දුම්රිය සේවාව ගැන බලන්න. දැනටත් අපි කොතරම් පිඩවකින්ද දුම්රියේ ගමන් කරන්නේ. අපි කියන්නේ මේ වර්ජනය නවත්තන්න නෙමෙයි. දුම්රිය සේවාව දියුණු කරන්න. අපේ සල්ලි කොතරම් නාස්ති කරනවද මේවට. මේවා ලාබ ලබන ආයතන නෙමෙයි. දුම්රිය කියන්නේ මහජන සේවාවක්. වැටුප මදිනම් ඉවත්වෙලා වෙන රැකියාවක් කරන්න. මේකේ සේවකයෝ කියක් ඉන්නවද. දිනකට දුම්රිය කියක් ධාවනය කරනවද. කසිකබල් දුම්රිය ඉවත් කරලා හොද සේවාවක් ගොඩනගන්න ප්‍රමිතියක් සහිත විදේශ රටක දුම්රිය සමාගමකට මෙය පවරන්න.