(දිලීප් ජයසේකර)
සුරියවැව හම්බන්තොට අඩි 100 මාර්ගයේ නමඩගස්වැව දක්ෂිණ අධිවේගි මාර්ගයේ ප්‍රධාන ඉදිකිරීම් පිවිසුම හරස්කර මාරාන්තික උපවාසයේ හා විරෝධතාවයේ නිතර පිරිසට එම ස්ථානයෙන් ඉවත්වන්නැයි හම්බන්තොට මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු මංජුල කරුණාරත්න මහතා අද (20) නියෝග කැරණි.
ඉකුත් 18 වැනි දා සිට අඩි 100 මාර්ගයේ දෙපස පදිංචිකරුවන් විරෝධතාවයේ හා මාරාන්තික උපවාසය ආරම්භ කළේය. මේ හේතුව නිසා දක්ෂිණ අධිවේගි මාර්ගයේ නමඩගස්වැව ප්‍රදේශයේ ඉදිකිරීම් සම්පුර්ණයෙන්ම නතර කර දැමීමට අදාල කොන්ත්රාත්කරුවන්ටද සිදු තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් මේ අහිංසකයෝ නරුම දේශපාලකයන්ගේ අතකොලු බවට පත්වෙලා. අන්තිමට ඔවුන් රජයෙන් අහන්නේ මොනවද කරලා තියෙන සංවර්ධන වැඩ කියලයි. මේවාට නිසිවෙලාවේදී පිළිතුරු දීමට රජයක් ලෙස පියවර ගත යුතුයි.
රටක් සංවර්ධනය කරනකොට උද්ඝෝෂණය කරන මිනිස්සු ඉන්න රටක්... පහුගිය රජය සමයේ මේ විදියට උද්ඝෝෂණ කරලා විරුද්ධ වුනා නම්. මා දන්නා තරමට ඉඩකඩම් අහිමිවූ පිරිසට රජයේ ඇස්තමේන්තු අනුව වන්දි ගෙවලා ඉවරයි.
අධිවේගී මාර්ගයේ මාතර සිට දික්වැල්ලට හෝ බෙලිඅත්තට සම්පුර්ණයෙන් හදලා ඉවරවෙලා අනිත් කොටස් හදන්නේ නැතුව වසර 2-3 සිට මාතර සිට හම්බන්තොට දක්වා සරුසාර කෙත්වතු විනාශ කරගෙන පස් පුරවාගෙන කරන වැඩේ මහා විනාශයකි. මට පෙනෙන විදිහට මේ අධිවේගී මාර්ගය හදලා ඉවර වෙලා ප්‍රයෝජනයට ගන්න තව වසර 10-15 වත් ගතවේවි!!! මේක කොනක් ඉඳන් කොටස වශයෙන් නිම කරගෙන අාවා නම් රජයට අාදායමක් ලැබෙන අතර, කෙත්වතු වලින් ඵල ප්‍රයෝජන ගන්නත් තිබුණා.
ජනතාවගේ දුක් ගැනවිලි අහන්න හරි හමන් කෙනෙක් රටේ නැති වෙලාවක ඒ ගැන උද්ඝෝෂණය කරනවා ඇරෙන්න ඒ මිනිස්සුන්ට වෙන විකල්පයක් නෑ. ඒ අයිතියත් අධිකරණය මැදිහත්වෙලා නැති කරනවා නම් වෙන කාට කියන්නද? යුක්තියෙන් තොර නීතියෙන් රටකටවත් ජනතාවටවත් වැඩක් නෑ. රට කන පාලකයන් ඉන්න රටක උද්ඝෝෂණවලට වාරණ පැනවීම අධිකරණයේ යුතුකම නෙවෙයි. අධිකරණයේ කාර්ය භාරය ඊට වඩා වෙනස්....
ඊලඟට සටන් කරන්න වෙන්නේ මහජන විරෝධතාවයන් මැඬලන විනිසුරුන්ට එරෙහිවයි.
අඩි සීයේ පාර ගැන සින්දුව කොච්චර පරණද? තාම පාරෙන් අහිමි වුණු දේවල් වලට වන්දි දීලා නෑලු. ඔය හම්බන්තොට නේද?
මේ අධිවේගී මාර්ගය වැනි සංවර්ධන ව්‍යාපෘතියකට විරුධව උද්ගෝෂණ කරන එක වැරදි , නමුත් මේක එක කොනක ඉඳන් ටිකෙන් ටික හදාගෙන අාවනම් ලැබෙන පල ප්‍රොයෝජන වැඩි බව මගේ අදහසය ,