රාජ්‍ය ආයතන පහළොවක සිදුව ඇති මුල්‍ය අක්‍රමිකතා සහ ඉහළ නිළධාරීන්ගේ විනය විරෝධී හැසිරීම් සම්බන්ධව සිදුකළ විමර්ශන ඇතුළත් නවතම කෝප් වර්තාව පොදු ව්‍යාපාර පිළිබඳ කාරන සභාවේ සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
ජාතික ගමනාගමන කොමිෂන් සභාව , ශ්‍රීලංකා සංචාරක සංවර්ධන අධිකාරිය , සී/ස ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම , සමුපකාර තොග වෙළඳ සංස්ථාව ,මධ්‍යම පරිසර අධිකාරිය ,මහජන බැංකුව , ශ්‍රීලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව , ජාතික ලොතරයි මණ්ඩලය , ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව, සී/ස ඛනිජ වැලි සමාගම , භු විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යංශය , සීමාසමිත හිගුරාන සීනී කර්මානත්තායතනය , ලංකා ධීවර සංස්ථාව , ස්වාධීන රුපවාහිනි සේවය සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යන ආයතන පිළිබඳව මෙම විමර්ශන වාර්තානව මගින් හෙලිදරව් කර තිබේ.
රජයේ බැංකුවක් විසින් පෞද්ගලික හෝටලයට නිකුත් කළ රැපියල් කෝටි 10 ත ණය මුදලකට අදාල පොලිය ලෙස රැපියල් හැත්තැතුන් ලක්ෂ අසු දෙදෙහක මුදලක් 2014 පෙබරවාරා 28 දා ලංකා සංචාරක සංවර්ධන අධිකාරය විසිනි ගෙවා තිබෙ. අධිකාරියට අයත් නිවාඩු නිකේතනයක කාමර 30 ක් අලුත් වැඩියාව වෙනුවෙන් රුපියප් දෙකෝටි අසු එක් ලක්ෂයක් ගෙවා ඇත. එම මුදලින් රැපියල් එක්කොට් දස ලක්ෂය් ගෙවා ඇත්තේ නොකළ වැඩ කොටසක් බව අනාවරණය වී තිබේ.
මත්තල ගුවන් තොටුපලට ආදාල නිවාඩු නිකේතන ඉදිකිරීම සඳහා පෞද්ගලික පාර්ශ්වයනකට රුපියල් ලක්ෂ 70 ක් ලබාදී ඇතත් එම ඉඩම රජයට අයත් ඉඩමක් බව කෝප් කමිටුවට හෙලිවී තිබේ.
මෙවැනි ආයතන කියිපය වංචා හා දූෂණ ගැන ද එම කෝප් වාර්තාවේ සඳහන්ව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් රජයේ ආයතන ඉතුරුවෙලා තියෙනවද. ඒකාලේ මේකාලේ කියලා වෙනසක් නෑ මේක හොර ගුහාවක්නේ.
අනේ මහත්තයෝ, මේ රට හදන්න බෑ.....උඩ ඉදල යටට වෙනකම් ඔක්කොම හොරු ඉන්නේ. දේශපාලුවෝ හිතන්නේ ඊළඟ ඡන්දේ කොහොමද දිනන්නේ කියල විතරයි....නිලධාරීන් හිතන්නේ කොහොමද මේ පාර කොමිස් ටිකක් කාල රට පනින්නේ කියල. මොන වාර්තා ආවත් කවදාවත් වැරදි කාරයන්ට දඩුවම් නැත්තේ එකයි.
කෝප් කමිටුවේ සත්‍යය හොයන කණ්ඩායමට මගේ ආචාරය! එහෙම කිව්වේ සත්‍යය දකින්න අකමැති කට්ටියකුත් ඔතන ඉන්න නිසයි. කකුල් සටහන් මේ පාර නැද්ද දන්නේ නෑ.
2020 මම නම් ඡන්දේ දෙන්නේ ජේවීපියට.
අප හිතනවා මේ " ගමේ ........ සමිතියට " කෝප් වර්තාව අවශ්‍ය නොවන බව. මක්නිසාදයත් මෙහි සිටින්නේ ඉතාමත් අවංක පිරිස් සහ මොවුන් විසින් එම ආයතනවලට පත්කරනලදෙත් ඔවුන් මෙන් අවංක නිලධාරීන් පිරිසක්ද නිසාවෙන්ය.. මෙම සමිතියට මොවුන් බලයට පත්වුණේ මීට පෙර සිටි හාදයෝ ඔක්කොම හොර තක්කඩි කියමින්ය. එබැවින් මෙවැනි එක අනවශ්‍ය වාර්තා වෙනුවෙන් මෙම අවංක නිලදාරීන්ගේ " ඉතාමත් වටිනා කාලය නස්තිකිරිම " බලවත් හානියකි. කෙසේවෙතත් මෙහි කකුල් සටහන් තැබීමත් තහනම් කලයුතුමය, මක්නිසාදයත් එක අයකු වෙනුවෙන් කකුල් හතරක සටහන් තැබීමට සිදුවෙන බැවින් එසා විශාල ඉඩ ප්‍රමාණයක් වෙන්කිරීමටද අපහසු බැවින්.