කතානායක කරු ජයසුරිය මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට අද පාර්ලිමේන්තුවේදී අවවාද කළේය.
පාර්ලිමේන්තුවේදී විමල් වීරවංශ මහතා රීති ප්‍රශ්නයක් ඉල්ලා සිටිමින් වෙනත් කරුණු මතු කිරීමේදී කතානායකවරයා මෙලෙස විමල් වීරවංශ මහතාට අවවාද කළේය.
‘රීති ප්‍රශ්න අවභාවිතා කරන්න එපා. රීති ප්‍රශ්න ඉල්ලන විට ඒ අවස්ථාව දෙනවද නැද්ද කියලා මට නැවත හිතන්න වෙනවා මන්ත්‍රීතුමා . ‘යැයි කතානායකවරයා විමල් වීරවංශ මහතාට පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යන්තම් සාමාන්‍ය පෙළ සමත් එත් ලෝකෙට මහා විද්වත් අයගෙන් මොනවා බලාපොරොත්තු වෙන්නද?
කවුරු මොන අවභාවිත කරනවද කියල ඔන් මම කියන්නේ නැහැ
කතානායක කොහොමත් විපක්ෂයේ අයට සලකන්නේ ඔහොම තමයි. ලුසේනා
විමල් වීරවංශ මහතා ගැන නම් අදහස් පල කරන්න යන්නේ නෑ. එහෙත් මෙම කතානායකවරයා ලංකාවේ හිටපු අසාර්ථකම කතානායකවරයා කියලයි මටනම් හිතෙන්නේ.
පාර්ලිමේන්තු ඉතිහාසයේ සිටි පක්ෂග්රාහීම කතානායකවරයා.
ඔය කියන ක්‍රියාව වැඩියෙන්ම කරන්නේ සභා නායක . ඒක ඔබතුමන්ට නොපෙනීම ඉතාම කණගාටුවට කරුණක්!
විරුද්ධ පක්ෂයේ අය කතා කරන විට ආණ්ඩුවේ අය රීති ප්‍රශ්න කියල මඩ ගහනවා ඕනේ තරම්. එක දවසක්වත් මේ වගේ ඒ අයට මේ කතානායක අවවාද කරනවා අපි නම් දැකල නැහැ. මොන පක්ෂෙන් ආවත් ඔය පුටුවේ වාඩි වෙලා ඉන්න කොට අපක්ෂපාත වීම තමයි තිබුණු සම්ප්රදාය. හැබැයි ඒක මෙතුමා හැම දාම කන එක නම් දකින්න පුළුවන්.
යන්තම් සාමාන්‍ය පෙළ සමත් කියල ගරහන එක හරි නෑ
ඔබතුමා කථානායක ධුරය අවභාවිත කරන්න එපා.
මෙයත් පුදුම කතානායක කෙනෙක් නේ...
ඇත්තම කියනවා නම් මේ කතානායකවරයාත්, විපක්ෂ නායකවරයාත් ආණ්ඩුවට ලැදිව පක්ෂග්රාහීව කටයුතු කිරීමෙන් රටේ ජනතාවගේ අයිතිවාසිකම් නැති වී දැන් ගොඩක් කල් !!
මෙතුමා ගැන තිබුණු පැහැදීම මෙතුමා කතානායක ධුරය බාරගත්තට පස්සේ ක්‍රියාත්මක වුණු ආකාරයෙන් සම්පූර්ණයෙන් නැති කර ගත්තා...