(ක.ග කරුණාරත්න)
කවුඩුල්ල ජාතික වනෝද්‍යානය තුළ වෙසෙන අලි ඇතුන් ඇතුළු වන සතුන්ට පීඩා වන අන්දමට නීතිවිරෝධී ලෙස හෙලිකොප්ටරයක් පදවාගෙන ගිය බව කියන කොළඹ පෞද්ගලික ගුවන් සමාගමක පියාසර නිලධාරියකු හිගුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට අද (19) බාරවීමෙන් පසු රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප මත මුදා හැරීමට හිගුරක්ගොඩ මහේස්ත්‍රාත් ප්‍රදීප් මහමුතුගල මහතා නියෝග කළේය.
රත්මලාන, අත්තිඩිය, පදිංචි ජයසුන්දර මුදියන්සේලාගේ චාල්ස් රොහාන් ජයසුන්දර යන අයට මෙලෙස ඇප නියම කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු ලොකු වැඩ දාන අයට ලොකු ලොකු දඩ ගැසිය යුතුය. ඉතාලියේ මගීන් දහස් ගණනක් යන සුඛෝපභෝගී නෞකාවක් නැවේදී හඳුනාගත් තම පෙම්වතියට වුවමනා පරිදි වෙරලාසන්නයට පදවා බිම ගැටී පෙරලාගත් කපිතාන් තවමත් රෝම හිරගෙදර බත් කනවා.
දැන් මොන සතාද පිඩාවට පත් වුණා කියල නඩුවක් දැම්මේ කියල දැනගන්න කැමතියි ..
සතුන්ගෙන් පැමිණිලි නැතිව බෑ නේද ?
සතුන්ට පැමිණිලි කරන්න බැරි නිසා තමයි මිනිසුන් සතුන්ට කරදර නොවෙන විදියට හැසිරිය යුතු. මෙවැනි පුද්ගලයන්ට නැවත ජාතික වනෝද්‍යානයකට යාම මුළුමනින්ම තහනම් කල යුතුයි.
සමහරවිට ඕනවට පහත් කිරීම නිසා පොඩි පියාඹන සත්තු උඩට ඇදිල යන්න ඇති. හොඳ වෙලාවට කුළු හරක් එහෙම හෙලිකොටරේ ඇතුලට ඇදිල නොගියේ. නැත්නම් කට්ටියට පාටියක් දාන්න තිබුන ඇතුලෙදීම.