(ඩයනා උදයංගනී)
වැඩ වර්ජනයකට යාමෙන් වළකින්නැයි දුම්රිය රියදුරන් ඇතුළු කාර්ය මණ්ඩල වලින් තමන් ඉල්ලා සිටින බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය.
එසේ වැඩ වර්ජනයකට යන්නේ නම් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට රජයට සිදුවන බවද ඇමැතිවරයා කීවේය.මෙම වැඩවර්ජනයට හේතුව වී ඇති වැටුප් තල සංශෝධනය පිළිබඳ ඉල්ලීම ඉටුකරන ලෙස අග්‍රාමාත්‍ය ලේකම්වරයා මීට පෙර වැටුප් හා සේවක සංඛ්‍යාත කොමිෂන් සභාවට දැනුම් දී ඇතත් එසේ කිරීමෙන් වෙනත් තනතුරු වලින්ද එවැනි ඉල්ලීම් ආ හැකි බව පෙන්වා දී ඔවුන් එය ප්‍රතික්ෂේප කර තිබෙන බව ද ඇමැතිවරයා සඳහන් කළේය.
එම කොමිසම සමඟ සාකච්ඡා කර මෙම ගැටලුව විසඳාගත යුතු බව ද ඇමැතිවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැවැති රජයන් හැමවිටම කලේ ශක්තිය පෙන්වන්න පුළුවන් සමිතිවලට ඉල්ලන ඉල්ලන දේ දීලා ඇඟ බේරා ගැනීමයි. එක කට්ටියකට වැඩිකරන කොට සමාන තනතුරු දරන තව පිරිසකටත් වැඩි කරන්න වෙන බව ආණ්ඩු දන්නේ නැද්ද? නිදසුනක් හැටියට සියලු දීමනා ලබන වෛද්‍යවරුන් තව මොනවා හරි ඉල්ලුවහම වෛද්‍ය සංගමේ බලවත් නිසා එකත් දීලා දානවා. ඇයි, එතකොට ඉංජිනේරු, ගණකාධිකාරී වගේ සමාන්තර සේවා වල සේවකයන්ට ඒවා නොදෙන්නේ? ඔවුන්ට දොස්තරවරුන් වගේ ජනතාවට රිද්දන්න තරම් ශක්තියක් නැති නිසා නොවේද? රජයක් කල යුත්තේ තර්කානුකුල, සාධාරණ වැටුප් ප්‍රතිපත්තියක් සකස් කර ඒ අනුව පඩි නඩි තීරණය කිරීම නොවේද? එවැනි ජාතික ප්‍රතිපත්තියක් තීරණය වූ පසු ඊට විරුද්ධව යන සමිතිවලට ජනතාවට රිද්දන්න ඉඩ දෙන්නේ ඇයි?
හොඳම විසඳුම වැඩ වර්ජනයකට යන්නේ නම් තාවකාලිකව හෝ ඔවුනට හිමි නිල නිවාස වලින් එළියට දැමීමයි. එවිට ගැහැණුන් වැඩ වර්ජනයකට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට පිවිසෙනු ඇත.
මෙයට එකම විසඳුම රජයේ දුම්රිය සේවයට සමාන්තරව පුද්ගලික අංශයේත් දුම්රිය සේවයක් පටන් ගැනීමයි. එවිට ඇතිවන තරගකාරිත්වය සමගින් ඉතා හොඳ සේවාවක් මගී ජනතාවට ලබා ගත හැකි වනු ඇති. මෙයයි සිංගප්පුරුව වැනි රටවල ක්‍රියාත්මක වෙන්නේ. මුළු රටම ආවරණය වන පරිද්දෙන් හොඳ දුම්රිය සේවාවන් ඒකාබද්ධව පවත්වාගෙන යාමයි සිදු විය යුත්තේ.