(විනීතා එම් ගමගේ)
සයිටම් ආයතනය රජයට පවරා ගත් බව කියමින් ජනතාව රැවටූවත් ජනවාරියේ නවක සිසුන් බඳවා ගැනීමට සයිටම් ආයතනය හොර රහසේ සම්මුඛ පරික්ෂණ පවත්වන බව රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය ප්‍රකාශ කරයි. අද (20) පැවැත්වූ මාධ්‍ය හමුවක දී රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ දන්ත වෛද්‍ය ආනන්ද රත්නායක මහතා මේ බව හෙළිදරව් කළේය.
සයිටම් ආයතනය රජයට පවරා ගෙන නැති බවත් සිදුවී ඇත්තේ ලංකා බැංකුවට සින්න වීමට ගිය සයිටම් ආයතනය බේරා, සයිටම් මුදලාලි ගොඩ දැමීමට මුදල් පොම්ප කිරීමක් පමණක් බවත් රත්නායක මහතා සඳහන් කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරු ලබා දුන් සමබර හා සාධනීය විසඳුම මත සිට වහා විසඳුමක් ලබා නොදෙන්නේ නම් මෙතෙක් සයිටම් ආයතනයට එරෙහිව කළ සියලු විරෝධතා අභිබවා දැවැන්ත විරෝධතාවකට යන බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
‘‘සයිටම් අර්බුදය ආරම්භ වුණේ වංචා සහගත වැඩ නිසා. අධ්‍යාපනයේ හර පද්ධතිය, නීතිරීති කඩ කරගෙන, දේශපාලන බලය මත මේක ස්ථාපිත වුණේ. ආණ්ඩුවේ බලධාරින් වංචාවට එරෙහි විය යුතු නමුත් ඒක සිද්ධ වුණේ නැහැ“ යයි පැවසූ රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගම් සභාපතිවරයා....
“සයිටම් ආරම්භයේ දි පුවත්පත් දැන්වීම් දැම්මේ වෛද්‍ය සභාව අනුමත උපාධියක් ලබා දෙනවා කියලයි“
“අහිංසක දූ දරුවන් 900 ක ගේ මුදල් රුපියල් ලක්ෂ 120 බැගින් අයකර ගත් මේ වංචාකාරින්ව බලයට පත්වුණ හැම ආණ්ඩුවක්ම විසින්ම රැකගත්තා. විරුද්ධ පක්ෂයේ සිටිද්දි සයිටම්ට විරුද්ධ වූ දේශපාලඥයින් බලයට ආ ගමන් සයිටම් මුදලාලිගේ ඔඩොක්කුවට වැටුණා.“ යයිද පැවසීය.
“මේ අර්බුදයට දේශපාලන විසඳුම් නැහැ. වෛද්‍ය පීඨ සියල්ලම මාස 9 ක් තිස්සේ අක්‍රීයයි. මේ නැවතී ඇත්තේ වෛද්‍යවරුන් බිහි කිරීමේ ක්‍රියාවලියයි. අද වනවිට සිමාවාසික වෛද්‍යවරු නැහැ. වාට්ටුවල සිටින සීමාවාසික වෛද්‍යවරුන්ට පත්වීම් අරන් සේවා ස්ථානවලට යන්න විදියක් නැහැ. මේක දුෂ්කර ප්‍රදේශවලට බලපානවා. මේ වසරේ වැඩිම උද්ඝෝෂණ ගණනක් සිදුවුණේ සයිටම් ආයතනයට විරුද්ධවයි.“
‘ලබන සඳුදා යළිත් සයිටම් ආයතනය පිළිබඳ විසඳුමක් ඉදිරිපත් කරන බව කිව්වා. නමුත් ජනතාවාදී නැත්නම් ඒ කිසිම විසඳුමක් ඉදිරිපත් කළාට වැඩක් නැහැ. සෑම මට්ටමක්ම එක්ව සයිටම් අහෝසි විය යුතුයි කියන තැන ඉඳන් යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. මහාචාර්යවරු පවා එහෙම කිව්වා. සයිටම් අහෝසි කිරිම හැර වෙනත් විසඳුම් භාර ගන්න අපි සුදානම් නැහැ“යැයි ද රත්නායක මහතා පැවැසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
1. සයිටම් රජයට පවරා ගත්තේ නැත. නෙවිල් ප්‍රනාන්දු රෝහල රජය විසින් බදු ගත්තා. 2. "අහිංසක දූ දරුවන් 900 ක ගේ මුදල් රුපියල් ලක්ෂ 120 බැගින් අයකර..." නැත, පළමු බැච් එකේ සිට අය කරගත්තේ ලක්ෂ 120 බැගින් නොව ඊට වඩා බොහෝ අඩු මුදලකි (ලක්ෂ 58 සිට ඉහලට). සමහර ළමයින්ට පූර්ණ ශිෂ්‍යත්ව දී ඇති අතර තව බොහොමයක් ළමයින්ට අර්ධ ශිෂ්‍යත්ව දී ඇත. බොරුවට මාධ්‍ය සාකච්ඡා පවත්වා බොරු ප්‍රචාරය කිරීමෙන් වලකින්න. එවිට ඔබේ වෘත්තියේ ගෞරවය රැක ගත හැක.
අධ්‍යාපනය අයිතියක්... එය මුදලට නොව දක්ෂතාවයට දිය යුතුමයි. කාටත්ම සල්ලි තිබේ නම් එය මුදලට දීමේ වරදක් නැත. එහෙත් අපි කොහෙද..... හොර රැලක පාලනයක්...
සයිටම් ආයතනය වසා දමනවානම්, රටේ අනිකුත් පුද්ගලික අංශයේ උපාධි ප්රදානය කරන ආයතන සියල්ලත් වසා දැමිය යුතුයි. එබැවින්, එය කෙසේත් සිදු විය යුතු නැති, මෝඩ අදහසකි. මතක තබා ගත යුතු කරුණ නම්, රටේ අධ්‍යෘපන ප්‍රතිපත්තිය තීරණය කරනු ලබන්නේ මහජන ඡන්දයෙන් පත් වුණු රජය මිසක්, ශිෂ්‍යයින් හෝ අනිකුත් සමිති සමාගම් නොවන බවයි. රටක අධ්‍යාපන ප්‍රතිපත්තියේ අරමුණ විය යුත්තේ රටේ උගත් පරපුරක් බිහි කිරීම සඳහා වාතාවරණයක් ඇති කිරීමයි. එයට සියලු ක්ෂේත්‍ර වලට අයත් රාජ්‍ය සහ පුද්ගලික අංශයේ සහභාගීත්වය ලබා ගැනීමේ කිසිම වැරැද්දක් නැත.
මෙයාලා දත් දොස්තරලද නැත්නම් රහස් පරීක්ෂකයෝද?
ආරම්භයේ සිටම වන්චාව, හොරකම හා තක්කඩිකම තමයි ආදර්ශ පාඨය කරගත් පුද්ගලික සමාගමකට අහිංසක රෝගීන්ගේ ජීවිත බිලි ගැනීමට කිසි ලෙසකත් ඉඩ නොදිය යුතුය. මෙවැනි පිරිසකගෙන් ප්‍රමිතියක් බලා පොරොත්තු වීම තරම් විහිලුවක් තවත් නැත.
ළමයි නොගත්තොත් කොහොමද සල්ලි මලු බෙදන්නේ...
ඔන්න බබෝ සයිටම් බිල්ලා එනවෝ.. අඬන ළමයි ඔක්කොම අල්ලන් යනවෝ...
පුද්ගලික වෛද්‍ය විද්‍යාල එපා යැයි කියන දොස්තරලා පුද්ගලික රෝහල් එපා කියන්නේ නැත්තේ මොකද?
අප්පට සිරි "සයිටම් රජයට ගත්තෙ නෑ, නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට බදු ගත්තා",දැන්ද ඕක කියන්නෙ? මෙච්චර කල් ටී.වී. එකේ දාපු ඇඩ් වල දැක්කේ රෝහලක් නෙමේ මුළු සයිටම් එකම රජයට ගත්තා වගේ කථාවක්. උසස් අධ්‍යාපන අමාත්‍යාංශයත් ඒ ගැන හරියට දැනුවත්ව ඉන්න නැතුව ඇති. අනික සෞඛ්‍ය ඇමතිතුමත් කොහොමද වැඩේ කරල ඇවිල්ලා කිව්ව කථා. එදත් කිව්වා නම් හොඳයි නේද නෙවිල් ප්‍රනාන්දු රෝහලත් සින්නක්කර ගත්තේ නෑ. බද්දටයි ගත්තේ කියලා ගොඩක් මිනිස්සු රැවටෙන්න කලින්....
චන්දන මහත්තයා මේ සම්මුඛ සාකච්ඡාවේ මතුකරලා තියෙන සයිටම් ආයතනය කරලා තියනවා කියන වැරදි මොනවද නේද? ඔබතුමා මතුකරලා තියන ඒවත් එක්ක. රජය ළමයි ගන්න එක නැවත්තුවා කියද්දිත් ඊට උඩින් ගිහිල්ලා ළමයි බඳවාගන්න එක.. වෛද්‍ය සභාව පිළිගන් නෑ කියනකොට ඊට උඩින් ගිහිල්ලා පිළිගන්නවා කියලා ඇඩ් දාල ළමයි බඳවාගන්න එක, ඒවා මොනවද නේද? අර තමන්ම වෙඩි තියාගත්තුව එහෙම..
මේ සයිටම් එක දැනට අවරුදු 7-8 පෙර රජයේ අනුමැතිය ඇතිව පටන් ගත්ත ආයෝජන මණ්ඩලයට අයත් ව්‍යාපෘතියක්... දොස්තර සංගමය දැනට අවුරුද්දකට පමණ පෙර පටන් එකවර නින්දෙන් නැගිට්ටා වගේ මේක වහන්න කියලා උඩ පැන්නට මේක වහන්න හෝ රාජසන්තක කරන්න රජයට බැහැ. රජය එහෙම කරනවා නම් නෙවිල් ප්‍රනාන්දුට පුළුවන් මෙරට අධිකරණයේ හෝ ජාත්‍යන්තර අධිකරණයක පිහිට පතන්න (මෙවැනි සිධියක් හෙජින් ගනු දෙනුවේදී වුන අන්තිමට රජයට සිධු වුන සිංගප්පුරුවේ අධිකරණය ක අණ පරිදි අගතියට පත් සමාගමට විශාල වන්ධියක් ගෙවන්න ) එහෙම වුණොත් රජයට සිදුවෙනවා විශාල වන්දියක් නෙවිල් ප්‍රනාන්දුට ගෙවන්න සිද්ද වෙනවා. මෙම මුදල් ගෙවන්න වෙන්නේ බදු ගෙවන ජනතාව වන අපිට දොස්තර සංගමයට නොවේ. මේ ගොල්ලන් මුලින්ම මේක පටන්ගත්ත ගමන්ම විරෝධතා පලකලා නම් මේක මෙච්චර ඔඩු දුවන්නේ නැහැ.
ඇයි උසස් පෙළ ටියුෂන් කඩ වහන්න නොකියන්නේ? මෙතන ප්රශ්නය ප්‍රමිතිය නම් හැම ටියුෂන් පන්තියක්ම නියමිත අධ්‍යාපන ප්‍රමිතියෙන් යුක්තද? මෙතන තියෙන්නේ සයිටම් නෙවෙයි කවුරු හරි වෙන කොහෙන් හරි ඉගෙනගත්තත් ලේ කෝප වෙන උගත්කමේ කුහකත්වයයි !
ලංකාවේ පෙර පාසලේ ඉඳලම ප්‍රමිතියක් ඇතිකළ යුතුයි. එහෙම නොවුනොත් අපිට හැමදාමත් වෙන්නේ පිටරැටියන්ගේ ගෙවල්වල බැල මෙහෙවරකම විතරයි.
ලංකාවේ මුදල් ගෙවා ඉගෙන ගන්න පුද්ගලික අධ්‍යාපනය නවත්වනවා නම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් පටන්ගෙන බැහැ. 5 ශිෂ්‍යත්ව පන්තිවලින් පටන්ගෙන අපෝස සාමාන්‍ය පෙළ උසස්පෙළ දක්වා සියල්ල තහනම් කල යුතුය. රුසියාවේ, ඉන්දියාවේ ඉගෙන ගෙන එන දොස්තරලට ඇක්ට් 16 එක ලියලා ලංකාවේ සේවය කරන්න පුළුවන් නම්..., අපේ රජයේ විශ්ව විද්‍යාල වල උගන්වපු හෝ දැනට උගන්වන මහාචාර්යවරුන්ගෙන් ඉගෙන ගන්න සයිටම් එකේ ළමුන්ගේ ප්‍රමිතිය නරක් වෙන්නේ කොහොමද?
පැහැදිලි ඉරිසියාවක් තියෙන්නේ. මගේ එකම පැතුම මගේ පුතා හොද පුරවැසියෙක් කරන්න අනුන්ට ගරුකරන.
කෝ මේ GOMA එකේ කට්ටිය???? ඔන්න තව පොටක් වැඩ වර්ජනයක් කරලා අසරණ ලෙඩුන්ව අමාරුවේ දාන්න.
ආයතනයක ගුනාත්මක භාවය අන්තර්ජාතික මට්ටමට ගෙන ඒමේ වගකීම රජයක් සතුයි. දැනට ලන්කාවේ එවන් ආයත්න ඇත්තේ අධ්‍යාපය හා සෞඛ්‍ය යන ක්ශෙත්‍ර පමනයි. ඒවා කලාපීය හා අන්තර්ජාතික දර්ශක වල ඉදිරියෙන්ම සිටී. ඒ අනූව යම් කිසි වෙනසක් ප්‍රථමයෙන් ම කල යුතු වන්නේ රටේ අනෙකුත් ක්ශෙත්‍ර තුලයි. අධ්‍යාපනය හා සෞඛ්‍ය ව්‍යාපාරයක් කර ගතහොත් අප එම දර්ශක වලින් ඉන්දියවටත් වඩා පහලට වැටෙනු නොඅනුමානය
හොර රහසේ සම්මුඛ පරික්ෂණ පවත්වනවා? මේවා ඔක්කොම තුට්ටු 02 මඩ ප්‍රචාර. උසස් අධ්‍යාපන පනත යටතේ කිසියම් ආයාතයකට උපාධි පිරිනැමීමේ බලය දීම උසස් අධ්‍යාපන විෂයභාර ඇමති සතුයි. එය වෛද්‍ය සංගම් සතු නොවේ. ඔවුන් වැටුපට වැඩ කරන රජයේ සේවකයන්! මාලඹේ පෞද්ගලික වෛද්‍ය විශ්ව විද්‍යාලය එයට අනුව පිහිටවනු ලැබුවක් බව දන්ත වෛද්‍ය සංගමය අවබෝධ කර ගත යුතුය.
කිසිඳු පිළිගැනීමක් නැති, අන්තර්ජාතිකච අසාදුගත ආයතනයකට තවත් තමන්ගේ ළමයි යවන්න හිතන මාපියන් සම්මුඛ පරීක්ෂණයකට ලක්කර ප්‍රතිකාර කල යුතුයි.