ගාල්ලෙන් මී උණ රෝගීන් 101 ක් ගාල්ල දිස්ත්‍රික්කයෙන් 2017 වර්ෂයේ ජුනි මාසය වනවිට මී උණ රෝගීන් 101ක් වාර්තා වී ඇති බවත් රෝගීන් 04 දෙනකු මේ වන විට මියගොස් ඇති බවත් ගාල්ල දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ. පාලිත විජේසේන මහතා පවසයි. 20 July 2017
ශ්‍රී ලංකාවේ ඩෙංගු මඩින්න ඕස්ට්‍රේලියාවේ සහාය ශ්‍රී ලංකාවේ බරපතල ලෙස පැතිර යන ඩෙංගු රෝගය මැඩලීමට ඕස්ට්‍රේලියා රජය ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා සහයෝගය ලබාදෙන බව ඕස්ට්‍රේලියා විදේශ ඇමැතිනී ජූලි බිෂොප් මහත්මිය අද(20) ප්‍රකාශ කර සිටියාය. 20 July 2017
අගමැති ඕස්ට්‍රේලියා විදෙස් ඇමැති හමුවක් දෙදින නිල සංචාරයක් සඳහා ලංකාවට පැමිණි ඕස්ටේ්රලියා විදේශ කටයුතු අමාත්‍ය ජූලි බිෂොප් මහත්මිය අද (20)අරලියගහ මන්දිරයේ දී අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය. 20 July 2017
උමා ඔය නතර නොකරන්නැයි ජනපතිට ඉල්ලීමක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ දිර්ඝ කාලයක සිට පවතින ජල ගැටළුවට විසඳුමක් ලෙස ඇරැඹි උමා ඔය බහු කාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය නතර නොකරන ලෙසට හම්බන්තොට දිස්ත්‍රික් ඒකාබද්ධ ගොවි සංවිධානය ජනපතිවරයාගෙන් ඉල්ලා සිටී. 20 July 2017
පිරිමි දරුවකුට අතවර කළැයි අයෙක් සිරගෙට වයස අවුරුදු 10ක් වු පිරිමි දරුවකු බරපතල ලෙස ලිංගික අපයෝජනය කළැයි 39 හැවිරිදි පුද්ගලයකුට බර වැඩ සහිත වසර 14ක සිර දඩුවම් නියම කරන ලෙස හම්බන්තොට මහාධිකරණ විනිසුරු අජිත් එම්ගමාසිංහ මහතා අද (20) නියෝග කළේය. 20 July 2017
ජගත් නියෝජ්‍ය ලේකම් අගමැති හමුවෙයි මෙරට සංචාරයේ යෙදි සිටින එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය ලේකම් ජෙෆ්රි ෆෙල්ට්මන් මහතා අද (20) අරලිය ගහ මන්දිරයේදි අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය. එම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත උනා මැකෝලි මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි වූහ. 20 July 2017
මුතුරාජවෙලට කුණු දැමීමේ අතුරු තහනම දීර්ඝ කරයි මුතුරාජවෙළ අභය භූමියට කුණු බැහැර කිරීම හෝ කුමන ආකාරයේ කසල එකතු කිරීමෙන් කොළඹ මහනගර සභාව ඇතුළු බලධාරීන් වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය ලබන 25 වැනිදා තෙක් දීර්ඝ කීරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (20) තීන්දු කළේය. 20 July 2017
දෙවැනි ජාතික රෝහල මහනුවරට මහනුවර මහ රෝහල සංවර්ධනය කිරීමෙන් පසු ශ්‍රී ලංකාවේ දෙවැනි ජාතික රෝහල ලෙස ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි. 20 July 2017
වත්කම් හෙළි නොකළැයි සරණට දෙදහසක දඩ සිය වත්කම් බැරකම් ප්‍රකාශ වසර දෙකකට අදාලව ඉදිරිපත් නොකළැයි කියන සිද්ධියකට වරද පිළිගත් සරණ ගුණවර්ධන මහතාට රුපියල් දෙදහසක දඩයක් නියම කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ මහතා නියෝග කළේය. 20 July 2017
ඇමෙරිකාව-රුසියාව අතර උණුසුම් වාග් සටනක් උතුරු කොරියාව ඉකුත් දා අත්හදා බලන ලද්දේ මොනයම් වර්ගයේ මිසයිලයක් ද යන්න සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී ඇමෙරිකාව හා රුසියාව අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබේ. 20 July 2017
හම්බන්තොට වෛද්‍යවරු වැඩ වරති ස්ථිර දිස්ත්‍රික් සෞඛ්‍යසේවා අධ්යක්ෂවරයකු කඩිනමින් හම්බන්තොට දිස්ත්‍රික්කයට පත් කරන ලෙස ඉල්ලා එම දිස්ත්‍රික්කයේ සියළුම රජයේ රෝහල් හා සෞඛ්‍ය සේවා ආයතනවල වෛද්‍යවරුන් අද (20) වැඩ වර්ජනයක නිරතව සිටින බව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලේකම් වෛද්‍ය අනුර ජයසේකර මහතා කීය. 20 July 2017
කොකේන් සිද්ධියට සැකපිට 7ක් අත්අඩංගුවට රත්මලාන ආර්ථික මධ්‍යස්ථානයට ආ සීනි කන්ටේනරයක තිබී ඊයේ(19) සවස සොයාගනු ලැබූ කොකේන් වල මුළු බර කිලෝ 218 ග්‍රෑම් 600ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි. 20 July 2017
විද්‍යාගේ සිරුර දැක එස්.අයි කම්පා වෙයි යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා සිසුවිය ඝාතනයේ ප්‍රධාන සැකකරු වූ ස්විස්කුමාර් නැමැත්තා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සාක්කි නැති බව කියමින් ප්‍රකාශ සටහන් කරගැනීමක් පමණක් කර මුදාහැර ඇති බවත් එසේ කර ඇත්තේ උතුරු පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාගේ උපදෙසින් යැයි යාපනය දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා තමන් හා පැවසූ බවත් යාපනය කොට්ඨාස බාරව කටයුතු කළ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්ෂ්මන් වීරසේකර මහතා විශේෂ තිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිර 20 July 2017
යාපන සරසවියේ විද්‍යා පීඨ සිසුහු පන්ති වර්ජනයක යාපනය සරසවියේ විද්‍යා අංශයේ ඉගෙනුම ලබන සියලු සිසුහු අද (20) පංති වර්ජනයක නිරත වෙති. 20 July 2017
‘ස්විස් කුමාර් පොලිසියට ගෙන ආවේ වෙනත් පැමිණිල්ලකට‘ යාපනය මූලස්ථාන පොලිසියේ උප පොලිස් පරීක්ෂක ශ්රීගජන් ස්විස් කුමාර් නැමැත්තාව පොලිසියට ගෙන රැගෙන ආවේ ඝාතන සිද්ධියට අදාල සැකකරුවෙකු වශයෙන් නොවන බවත් ස්විස්කුමාර් නැමැත්තා පහරකෑමේ සිද්ධියක් ගැන පැමිණිල්ලක් පමණක් සිදුකළ බවත් හිටපු යාපනය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් බාලසූරිය මහතා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ සාක්කි දෙමින් අද(19) පැවසීය. 19 July 2017
‘මා දුටු බරපතලම අධිකරණ අපහාසය කළේ ඥානසාර හිමි‘ - මහේස්ත්‍රාත් රංග දිසානායක හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ දී ඥානසාර හිමි බලහත්කාරයෙන් පැමිණ ප්‍රකාශයක් කර පිටවීම මහේස්ත්රාත්වරයෙකු ලෙස තම සේවා කාලයේ තමා දුටු අධිකරණයට අපහාස කිරීමේ බරපතලම සිද්ධිය යැයි හෝමාගම හිටපු මහේස්ත්‍රාත් සහ වත්මන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (19) අභියාචනාධිකරණය හමුවේ සාක්කි දෙමින් පැවසීය. 19 July 2017
ඩෙංගු මර්දනයට හදිසි නීතිය ඩෙංගු මර්දනය කිරීම සඳහා හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. 19 July 2017
කොටුව දුම්රියපොළ අසලදී දුම්රියක් පීලි පනී කන්කසන්තුරේ සිට කොළඹ කොටුව බලා ආ නගරාන්තර දුම්රිය කොටුව දුම්රියපොළ අසලදී පීලි පැන ඇතැයි දුම්රිය ආරංචි පවසයි. 19 July 2017
රොෂාන් රණසිංහ ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත්වෙයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන ක්‍රියාකාරිත්වයෙන් ඉවත්වන බව අද(19) පැවසීය. 19 July 2017
සීනි කන්ටේනරයෙන් කොකේන් කිලෝ 160ක් හමුවෙයි සතොස මගින් පෞද්ගලික සමාගමක් හරහා මෙරටට ගෙන්වන ලද සීනි කන්ටේනරයක් තුළ සඟවා තිබු කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 160 ක තොගයක් අද (19) පස්වරුවේ සොයාගෙන ඇතැයි පොලිසිය කියයි. 19 July 2017
ඊළඟ ජනපතිවරණයෙත් ශ්‍රීලනිප අපේක්ෂකයා මෛත්‍රීමයි - ඉසුර ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් 18 දෙනෙකු ඉවත්වන්නේ ඒකාබද්ධ විපක්ෂයේ අය ද එක්කරගෙන පක්ෂයේ මන්ත්‍රීවරුන් 95 දෙනා ලෙස ඒකරාශීවීම සඳහා විය හැකි බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පැවසීය. 19 July 2017
ඕසෝන් ස්ථරයට හානි කරන භාණ්ඩ ආනයනය තහනම් ශීතකරණ, වායු සමන යන්ත්‍ර ඇතුළු මොන්ට්‍රියල් සම්මුතියේ සඳහන් ඕසෝන් ප්‍රහීනකාරක සහිත උපකරණ කාණ්ඩයට අයත් භාවිත කළ හෝ අලුත්වැඩියා කළ උපකරණ ආනයනය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. 19 July 2017
“සාක්කි සඟවන්නැයි ඇලෝසියස් ඉල්ලූවා“ බැඳුම්කර කොමිසමේ ඉදිරි සති දෙක තීරණාත්මක බැවින් වැදගත්ම තොරතුරු හා සාක්කි සඟවන්නැයි අර්ජුන ඇලෝසියස් මහතා තමන්ට පැවසූ බව පෑන් ඒෂියා බැංකුවේ ප්‍රාථමික ගැණුම්කරණ ඒකකයේ සාමාන්‍යාධිකාරී අරුණ බෙනඩික් ඩයස් මහතා පැවසීය. පසුගිය තුන් වැනි දා තමා අර්ජුන ඇලෝසියස් මහතා හමුවීමට ගිය අවස්ථාවේ එසේ කී බවද ඩයස් මහතා කීවේය. ඔහු මේ බව කීවේ බැඳුම්කර කොමිසම හමුවේ අද (19) සාක්කි දෙමිනි. 19 July 2017
රොෂේන් චානකට සාධාරණ ඉටු කරන බව රාජිත කියයි කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවය කළ රොෂේන් චානක ඝාතනය වීමේ සිද්ධියට අදාළ මහානාම තිලකරත්න වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කොට ඔහුගේ ඥාතීන්ට සාධාරණයක් ඉටුකරන බව කැබිනට් සම ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පැවසීය. 19 July 2017
අන්තරේ කැඳවුම්කරු ඇතුළු පස් දෙනා යළි රිමාන්ඩ් සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපළ වලට අනර්ථයක් සිදු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටින අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු චතුරංග වීරසේකර ඇතුළු ශිෂ්‍ය කි‍්‍රයාකාරි සමාජිකයින් පස්දෙනා ලබන 05 වැනි දා දක්වා යළි රිමාන්ඞ් කරන ලෙසට ප්‍රධාන මහේසත්රාත් දුලානි එස් වීරතුංග මෙනවිය අද (19) නියෝග කළාය. 19 July 2017
නාවික හමුදා කොමදෝරු යළි රිමාන්ඩ් තරුණයන් 11 දෙනෙකු අතුරුදන් කිරිමේ චෝදනාවට රිමාන්ඩ් බාරයේ සිටි හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කෝමදෝරු ඩී.කේ.පී.දසනායක අගෝස්තු 2 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (19) නියෝග කළාය. 19 July 2017
නැටුම් පෙති 45ක් අල්ලයි රාත්‍රී සමාජ ශාලාවක පැවති උත්සවයකට සහභාගීවන්නන් සඳහා අලෙවි කිරීමට ගෙන යමින් තිබු විෂ මත් පෙති හතලිස් පහක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ග්‍රැන්ඩ්පාස් පොලීසිය පවසයි. 19 July 2017
වේදනානාශක පෙති 1000ක් සමඟ අයෙක් අල්ලයි මත් ලෝලීන් මත්පෙති සඳහා භාවිතා කරන වේදනානාශක පෙති 1000 ක් සමඟ පුද්ගලයකු රාගම බටුවත්තේ දී අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි. 19 July 2017
ටීඑන්ඒ මන්ත්‍රීට එරෙහිව කිලිනොච්චියේ විරෝධතා වතුකරයේ දෙමළ ජනතාවට අපහාස කරමින් කිලිනොච්චිය දිස්ත්‍රික් දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රි එස්. ශ්‍රීදරන් මහතා මාධ්‍යයට කළ බව කියන ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නා ලෙස බල කරමින් කිලිනොච්චිය ප්‍රදේශවාසීහු පිරිසක් කිලිනොච්චිය ඩිපෝ මංසන්ධිය ඉදිරිපිට අද(19) විරෝධතාවක නිරතවූහ 19 July 2017
රාජ්‍ය ඇමැතිට එරෙහිව බොරැල්ල පොලිසියෙන් සංශෝධිත පැමිණිල්ලක් ව්‍යාජ අංක තහඩුවක් සවි කර වෑන් රථයක් සන්තකයේ තබා ගනිමින් සාවද්‍ය පරිහරණය කළැයි කම්කරු හා වෘත්තිය සමිත සම්බන්ධතා රාජ්‍ය ඇමැති රවීන්ද්‍ර සමරවීර මහතාට සහ තවත් සැකකරුවකුට එරෙහිව බොරැල්ල පොලිසිය විසින් නව සංශෝධිත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. 19 July 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026