(රංජිත් රාජපක්ෂ )
නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගයේ කැළි කසල කන්දක් කඩා වැටිමෙන් අවහිර වි ඇති ශ්‍රී පාද පියගැට පෙළ කඩිනමින් යථාතත්ත්වයට පත්කරන බව ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ පවසති.
ශ්‍රී පාද හැටන් මාර්ගයේ නල්ලතන්නියේ සිට උඩමලූව දක්වා වු මාර්ගයේ මහගිරිදඹ වැලවිට වංගුව ප්‍රදේශයට ශ්‍රී පාද උඩමළුවේ සිට පහළට කඩාගෙනවිත් තැන්පත් වි ඇති කැළි කසල කඩිනමින් ඉවත් කර අලාභ හානි සිදුවි ඇති පියගැට පෙළ යලි යථාතත්ත්වය පත් කරන බව
ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධමිමදින්න හිමියෝ කීහ. ශ්‍රී පාද වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් විසින් ශ්‍රී පාද උඩමළුව ප්‍රදේශයට ගෙන ගොස් මුදාහැර තිබු කැළ කසල සහ ඝණ අපද්‍රව්‍ය පහළට රැගෙන ඒම සදහා එක්රැස් කර තිබියදි මෙසේ පහළට කඩාගෙනවිත් ඇත.
මේ දිනවල අවාරේ නිසා එම කැළි කසල කන්ද කඩා වැටිමෙන් කිසිවකුටත් බාධාවක් නොවන අතර එසේ මාර්ගයට කඩා වැටි ඇති කැළි කසල පස් හා උඩමළුවේ ඉතිරිව තිබෙන කැළි කසල සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය තොගයක් ආරක්ෂක අංශ නිලධාරින්, රාජ්‍ය ආයතන කිහිපයක නිළධාරින් හා පරිසර සංවිධාන කිහිපයක් එක්ව ඉවත් කිරීමට කටයුතු කරන බවයි ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ පැවසූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ලැබෙන ආධාරවලින් මීට ක්‍රමවත් කසල කලමණාකරණ වැඩපිළිවෙළක් කරන්නේ නැත්තේ..?
තව අවුරුදු ගානකට අපේ මිනිස්සු හැදෙන්නෙත් නෑ, රට හැදෙන්නෙත් නෑ.
කසල බඳුන් තියලම වැඩක් නෑ, අපි ගෙනියන දේවල් අරන් එන්න ඕන. අනික වතුර බෝතල්, පොල්තෙල් බෝතල්, කෑම ගෙනියන එක තහනම් කරන එක practical නෑ. මිනිස්සු හැදෙන්න ඕන. කට වගේම පරිසරයත් පරිස්සම් කරගන්න ඕන.
සතර පෙර නිමිති...... 1 .වල අලියෙක් අනුරාධ පුර පූජාබූමියට කඩාවැදී මිනිසුන් මරා දැමීම. 2.බුදහු පිළිමයක් නිරාවරණය කිරීමට පෙර මීයක් කඩන්නට ගොස් මී කඩන්නා මියයාම. 3.මහා ගංවතුරකින් මුළු පොළොන්නරුවම යටවීම. 4.සිරිපාදය කුණු කන්දක් බවට පත්වීම.
මේවට අපි හැමදෙනාම වගකියන්නොන.
නල්ලතන්නියේ හැටි දැක්කම හිතාගන්න බැහැ ඇයි මේ වගේ හොඳ තැනක් මේ තරම් ජරාවට තියාගෙන ඉන්නේ කියල. දසලක්ෂ ගණන් සංචාරකයෝ සහ බැතිමත්තු එන තැනක්. ලැබෙන කෝටි ගණන් ආධාර වලින් මේවා හොඳට හදන්න පුළුවන්. තණ්හාවට සල්ලි පොදි ගහගෙන ඉන්නේ මොනවටද මන්ද. අනේ ඉතින් අපි වගේ පරිසරයට ආදරය කරන කණ්ඩායම් කීපයක් සීසන් එකෙන් පස්සේ පොලිතින් ටික සුද්ද කරලා දෙනවා. නැත්තම් ඔතන මහා කුණු ගොඩක්.
සමන් දෙවියෝ කොහොම වැඩ ඉන්නවද මන්දා ? දෙවිවරු කොහොමද මේ වගේ ජරාවක වැඩ ඉන්නේ.................
ශ්‍රී ලංකාවේ බහුතර මිනිසුන්ගේ කුණු පිළිබද ආකල්පය ඉතා පහත්ය. තමන් විසින් ඉවතලන දේවල් පිළිවෙලකින් තොරව ඉවත දමයි. ගිය වසරේ මම සිරිපා වන්දනා කරන විට ගමන් මාර්ගයේ තිබුන ටොපි කොළ, ෂොපින් බැග්, ප්ලාස්ටි බෝතල් වෙනි දේ එකතු කර අදාල කුණු බෙහෙර කරන ස්ථාන වලට දෙමුවෙමි. කණගාටුවට කරුණ වන්නේ මාර්ගය දෙපස තබා ඇති කුණු බෙහෙර කරන ස්ථාන මිනිසුන්ගේ නෙත නොගැටිමය.
මේවා අපේම වැරදී ....පිට රට මිනිස්සු ගේන කුණු එයාල යනකොට නැවත අරගෙන යනවා ...එකට අපේ උන් ...මේවා ඉපදුනු දවසේ ඉදලම පුරුදු කරන්න ඕන දේවල් ......සේරටම කලින් මිනිස්සුන්ගේ විනය හදන්න ඕනේ.... .එකට මේ රටේ නීතිය හරියට හදල ඉන්න එපයි .
මේවා දෙමාපියන් විසින් කුඩා කල සිට දරුවන්ට පුරුදු කල යුතු දේවල්.. මහා මිනිස්සුන්ට චාරයක් නැති කොට දරුවෝ ගැන මොන කතාද ?
ඔබ විසිකල ප්ලාස්ටික් බෝතලයත් ඔතැන තියනවාදැයි බලන්න.