ඉන්දිකා රාමනායක.
අධිකරණ නියෝග නොතකා විරෝධාවේ නිරත වන පුද්ගලයින් සම්බන්ධයෙන් කි‍්‍රයාත්මක කරන්නේ එකම නීතිය බවත් උතුරු දකුණේ කියා එහි කිසිදු වෙනසක් නොමැති බවත් පුජිත් ජයසුන්දර මහතා අද (17) පැවසීය.
අධිකරණ නියෝග නොතකා උතුරේ උද්ඝෝෂනය පැවත් වු පිරිස ද අත්අඩංගුවට ගෙන අධිකරණ හමුවට ඉදිරිපත් කරන බවද පොලිස්පතිවරයා කියා සිටියේය.
අධිකරණ නියෝග නොතකා ඉකුත් උතුරේ පැවැත් උද්ඝෝෂනය සම්බන්ධයෙන් සිවාජිලිංගම් මහතා අත්අඩංගුවට ගන්නේ ද යන්න ඊයේ පෙරවරුවේ පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථානයේ පැවති උත්සවයකදී මාධ්‍යවේදීන් පොලිස්පතිවරයාගෙන් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පොලිස්පතිවරයා මේ බව පැවසීය. අධිකරණ නියෝග නොතකා උතුරේ විරෝධාවේ නිරතවු පළාත් සභා මන්ති‍්‍ර සිවාජිලිංගම ඇතුලූ පිරිස සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවද පොලිස්පතිවරයා කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතියක් තියනවද රටේ?
නමුත් ක්‍රියාත්මක වන ආකාරය වෙනස්.
හැබැයි නාමල් ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්න ඔය විදියට ගොඩක් දවසක් පරීක්ෂණ පැවැත්වූයේ නැහැ නේද. උතුරටත් ඒ වගේ ඉක්මන් පරීක්ෂණ තියන්න.
අනේ අපි මේ බලාගෙන ඉන්නේ කවදද කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා !!
උතුරේ උද්ගෝෂණ කරන්නේ LTTE ත්රස්තයන් නිදහස් කරන්න. ඒ අය නිදහස්. උද්ගෝෂකයොත් නිදහස්. දකුණේ උද්ගෝෂණය කරොත් රණවිරුවන් නිදහස් කරන්න , කුවුරුත් හිරේ. ඔන්න ඕකයි උතුරේත් දකුණේත් එකම නිතිය.
ජනාධිපතිතුමා උතුරේදී කිව්වේ උද්ඝෝෂණය කරන්න අයිතිය තියනවා කියලා. ඒ කතාව පොලිස්පතිතුමා පිළිගන්නේ නැද්ද.
ඒකනම් හොඳට පේනවා.
පොතේ එහෙම තිබුනට ක්‍රියාත්මක වෙන්නේ එහෙම නොවෙයි නේද?
නීතිය කොතැනටත් එකයි කියල පොලිස්පති කියන හඬ කියල කාටත් පැහැදිළියි. දේශපාලන කාරයින්ගේ බයිලා පොලිසිය විසින් නොගැයිය යුතුයි. සුළු ජාතීන් නලවන්න ගිහින් අවුරුදු 30 ක් තිස්සේ හොඳට ඉල්ලන් කෑවා.
නිතිය කියන්නේ කාටත් එක විදියට ක්‍රියාත්මක කරන්න ඕනේ දෙයක් තමයි .ඒක රටේ පොලිස්පති අමුතුවෙන් කියන්න ඕන එකක් නෙමෙයි. වෙලා තියෙන්නේ මේ රටේ ඔක්කොම නීති දැන් ක්‍රියාත්මක වෙන්නේ ජාතිය සහ ඔවුන්ගේ ඡන්ද පදනම මොකක්ද යන්න මතයි. ලැජ්ජයි.
ඉක්මනට ගන්න
අනේ ඔයාල හිතන්නේ මිනිස්සු ඔයතරම්ම මෝඩයෝ කියලද
කුජීත පූජිත
අවුරුදු 1යි මාස දහයකට පස්සේ නින්දෙන් ඇහැරුණු කෙනෙක්ට හැර මේ රටේ වෙන කිසිම කෙනෙක් මේ රටේ ඇති බහුතරයක් ආයතනවල නීතිය ක්‍රියාත්මක වීම ගැන විශ්වාසයක් නැහැ. යහපාලනය හැමදේම... හැම බලාපොරොත්තුවක්ම විනාශ කලා.
ඔව් සර්...නෑ සර්... එයාව ඇරෙස්ට් වෙන්නේ නෑ සර්...එතකොට සර්ට ඕනේ අයව විතරද ඇරෙස්ට් වෙන්නේ?
මේවා දකිනකොට මට ඇගේ ලේ කකියනවා.
නීතිය රටටම එක වුනාට නවන නැම්ම වෙනස්.
ඒ වුණාට ඔබට සාගලගෙන් කෝල් ආවනං, ඔබ ඇඹරි ඇඹරි කතාකරනවනේ. නීතිය නවන්නෙක් කොහොම වුණත්, ඔබ හතරට පහට නැවෙනවනේ.
පොලිස් පති තුමාගේ ප්‍රර්ථනාව ශ්‍රී ලාංකීය ජනතාවට පැහැදිලියි .. නමුත් නිලධාරි වාදය සහ දේශපාලන ඇගිලි ගැසීම් කකුලෙන් ඇදීම හා පැරණි පුරුදු ඇති අය ගේ ක්‍රියා කාරකම් තුලින් විවිධ බාධා මැද .... පොලිස් පතිතුමා දුක්ගන්නා රාල කෙනෙක් සේ දුෂ්කර ක්‍රියා කරමින් බණ භාවනා කරමින් කටයිතු කරනු ඇත . ලෝක ධර්මතාවය එයයි ....
මහින්දගේ කාලෙට වඩා දැන් පොලිසිය ගොඩාක් හොදයි .
මේ පොලිස්පතිතුමාගෙන් පසුව ශ්‍රී ලංකාවේ පොලිසි හොඳයි.
මේ පොලිස්පතිතුමාට අපි කැමතියි.
පොලිස්පති තුමා හොඳ මහත්මයෙක්...
ඒ සිද්ධියට කුමක්ද සිදුවුණේ... ?
මේ වගේ දේශපාලකයන්ට ගැලපෙන විදියට පරිසරය හදන, ඔවුන්ට අවශ්‍ය ලෙස නීතිය නමන කට මැත දොඩවන පොලිස්පතියෙක්ගෙන් ඇති ඵලය කීම. පුළුවන්නම් කොන්දක් තියෙනවා නම් ප්‍රේමදාසගේ නියෝග අනුව කොටින්ට යටත් වූ, පසුව අමානුෂික ලෙස කොටි ත්රස්තවාදීන් විසින් ඝාතනය වූ පොලිස් නිලධාරීන් 700 ක පිරිස ගැන සොයා බලන්න.
ජනාධිපතිතුමාට වහාම යාපනෙන් පිටවෙන්න කියලා කිව්වේ දැනටමත් වෙන රටක් නිසාද? මාතරදී අපි ජනාධිපතිතුමාට වහාම මාතරින් පිටවන්න කිව්වොත් මොනවා වෙයිද?