මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය හෙවත් සයිටම් ආයතනයේ අයිතිය පෞද්ගලික හිමිකාරීත්වයෙන් ඉවත්කර ලාබ නොලබන සහ වැඩි පිරිසකගේ අයිතීන් සහිත නව ආයතනයක් බවට පත්කිරීමට රජය තීරණය කර ඇතැයි උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ගේරු මහතා පාර්ලිමේන්තුවට පැවසීය.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා විසින් ස්ථාවර නියෝග 23/2 යටතේ යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් රාජ්‍ය අමාත්‍යවරයා අද(17දා) පාර්ලිමේන්තුවේදී මේබව පවසා සිටියේය.
වෛද්‍ය සභාවේ එකඟතාව අනුව සයිටම් වෛද්‍ය සිසුන්ට ලියාපදිංචිය පිරිනැමීමේදී අතිරේක විභාගයකට මුහුණ දීමට නියම කිරීම හෝ සායනික පුහුණුව ලබන කාලය දීර්ඝ කිරීමටද යෝජනා කර ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
සයිටම් ගැටලුව විසඳීම සඳහා මේවනවිට සයිටම් වෛද්‍ය විද්‍යාලයට සිසුන් බඳවාගැනීම වහාම නතර කර ඇති බවත්, ශ්‍රීලංකා වෛද්‍ය සභාව මගින් ප්‍රකාශයට පත්කර ඇති අවම ප්‍රමිතිය පිළිබඳ නිර්ණායකයන් ගැසට් කිරීම, වෛද්‍ය ප්රමිතීන් ස්ථාපනය කිරීම හා තත්ත්ව සහතික කිරීමට ප්‍රතීතනය සහ තත්ත්වසහතික කිරීමේ කොමිෂන් සභාවක් පිහිටුවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටද, රජය යෝජනාකර ඇති බවද මොහාන් ලාල්ගේරු මහතා ප්‍රකාශ කළේය.
පසුගිය රජය සමයේ ආරම්භ වූ සයිටම් ආයතනය වසා දැමීමට එවකට කිසිදු පාර්ශ්වයකින් ඉල්ලීම් ඉදිරිපත් නොවූ බවත්,වත්මන් රජය මගින් මෙම ගැටලුව විසඳීමට යෝජනා රාශියක් ඉදිරිපත් කර ඇති අතර, බොහෝ යෝජනා මේවනවිට ක්‍රියාත්මක කරමින් පවතින බවත් හෙතෙම පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි කොණ්ඩේ බඳින්නේ නැහැ. කොණ්ඩේ බැඳපු අයට ඔය කතාව හරියයි.
තව තව අනන්නේ නැතිව සියලන්ටම ගැලපෙන විදියක් හිතන්න. මේ රටේ ළමයින්ට අනාගතයක් ගැන හිතන්න ඉඩ තියන්න. ඔය 225 ම කටවහගත්තොත් රටේ අනාගතය සුබවෙවී.
ඔය පීඨය සම්පූර්ණයෙන් රජය යටතට පවරාගන්න.50%ක් ඇතුල්වීම් උ.පෙළ විභාග ප්‍රතිඵල මත පමණක් තීරණය වන කිසිදු අයකිරීමක් තොර ඒවා විය යුතුය.ඉතිරි 50%ද උ.පෙළ ප්‍රතිඵල මත තීරණය විය යුතුය.එනම් s සාමාර්ථ 3 ළමයින් නොව,එම වසරේ අයදුම් කරන හොදම සුදුසුකම් තිබෙන අය. ඉගෙනීමට ආසාව ඇති,මුදල් නොමැති දරුවන්ට ණය ක්‍රමයක් හදුන්වා දෙන්න ඉගෙනගන්න කාලය තුල කිසිදු බරක් නොපැටවෙන ලෙසට.එම පීඨයේ සිසුන් ඇතුලත් කරගන්නා තොරතුරු අවශ්‍ය විටක මහජනයාට දැනගත හැකි වනසේ සකසන්න.එමෙන්ම දැනට තිබෙන යල් පැනගිය නීති වෙනස්කොට ඉල්ලුම් කිරීමට අවශ්‍ය අවම උ. පෙළ ප්‍රතිඵල හැම පාඨමාලාවකටම ගැලපෙන සේ සකසන්න.දැනට පවතින පීඨ වල මෙම ගෙවලා ඉගෙනගන්න ක්‍රමය ගෙන එන්නෙ නැතිබවටත්,එම පවතින පීඨ වල සිටින ආචාර්යවරුන්ට හිමි වරප්‍රසාද පමණක් මෙම ගෙවලා ඉගෙනගන්න පීඨයේ ආචාර්යවරුන්ට ගෙවන බවටත්, අනෙක් රජයේ පීඨ තුල මේතරමක් ආචාර්යවරු අනිවාර්යයෙන් රදවා ගන්නවා යැයිද නීති සංශෝධන ගෙන එන්න.තවද ඉදිරියට රජයේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමේදී නොගෙවා ඉගෙනගන්න සහ ගෙවා ඉගෙනගන්න සිසුන් අතර අනුපාතය මෙය ඉක්මවා නොයා යුතු ලෙස අගයක් සම්මත කරගන්න.
මෙතන සල්ලි ගෙවා ඉගෙන ගැනීමෙන් මොකක්ද වෙන්නේ යැයි තර්ක කල සියළු දෙනා එක්වී පුළුවන් නම් මහපොළ වැනි තවත් අරමුදලක් පිහිටුවන්න. ආර්ථික පහසුකම් නැති,ඉගෙනීමට ආසාව ඇති,සුදුසුකම් ඇති දරුවකුට මම යෝජනා කල ක්‍රමය ඔස්සේ ඒ සිහිනය සැබෑ කරගන්න.අවසානය අන්තර්ජාතික පාසල් ළමයින්ට ශ්‍රී ලංකා සා.පෙළ හා උ.පෙළ කිරීමට අවස්ථාව දෙන්න.
එ් කියන්නෙ නරියට සිංහ හම පොරවන්න හදන්නෙ. එතකොට මම සයිටම් වෙනුවෙන් පෙනී සිටින අයගෙන් අහන්නෙ. ඔබ තුමන්ලා සයිටම් හරි කියලා දොස්තරලටයි. අන්තරේටයි, අාචාර්යවරුන්ටයි දෙහි කැපුවා නේද. එ්ත් දැන් අාණ්ඩුව ඔවුන් ඉදිරිපත් කළ තර්ක පිළිගන්න වෙලා තියනවා නේද? ඔබලා කියපු විදියට. උසාවිය කියපු විදියට සයිටම් නීතිගත කලානම් කෝහොමද?
තවත් දහන් ගැටයක් තමයි ඔය. ඔච්චර දගලන්න දෙයක් නැහැනෙ ඕක රජයට පවර ගත්තනම්.
වෛද්‍ය සභාවේ එකඟතාව අනුව සයිටම් වෛද්‍ය සිසුන්ට ලියාපදිංචිය පිරිනැමීමේදී අතිරේක විභාගයකට මුහුණ දීමට නියම කිරීම හෝ සායනික පුහුණුව ලබන කාලය දීර්ඝ කිරීමටද යෝජනා කර ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවත් ඔවුන්ට විභාගයක් සහ අමතර පුහුණුවක් යන දෙකම අනිවාර්ය කල යුතුවේ . මින් ඉදිරියට ඇතිකරන සියලු පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වල උපාධියෙන් පසු වෛද්‍ය සභාව මගින් වෙනම පරීක්ෂණයක් පවත්වා සමත් වන අයට පමණක් වෙදකම් කිරීමට ඉඩ දිය යුතුවේ . සයිටම් එකේ අයගේ අඩුපාඩු තියෙන බව GMOA /SLMC ඇතුළු හැමෝම කියන නිසා සයිටම් එකේ අයට පිටරට ගිහින් උපාධි අරන් එන අය කරන ACT 16 (ERPM ) විභාගයට පෙනී සිටින්න කියන්න ඕන .නැත්නම් අසරණ ලෙඩ්ඩු අමාරුවේ වැටෙන්නේ. ERPM කියන්නේ වෛද්‍යවරයෙක් වශයෙන් වැඩකරන්න සුදුසුද කියල බලන්න තියෙන ඉතා හොඳ විභාගයක් . ඒකට වෛද්‍යවරයෙකුගේ දැනුම බලන්න විභාගයක් සහ සම්මුඛ පරීක්ෂණයක් යන දෙකම අන්තර්ගතයි.
ඉතා හොඳ අදහසක්. ඉක්මනින් ක්‍රියාත්මක වෙනවනම් කොච්චර හොඳද.
මට පැහැදිලි නැත්තේ ලාබ නොලබන ආයතනයක හිමිකරුවන් වීමට කවුද කැමති වෙන්නේ කියල.
ඉතාම හොඳ යෝජනාවලියක්. ඒත් රජයෙන් නිකන් ගන්න බලන් ඉන්න අය ඕකටත් විරුද්ධ වෙයි. සයිටම් එක රජයට පවරා ගත්තොත් රජයට ඒක අමතර බරක් විතරක් නෙමෙයි වෙනත් ක්ශේත්‍ර වලට ආයෝජනය නොවී වෛද්‍ය ක්ශේත්‍රයට පමනක් සලසනවා වෙනවා.
සයිටම් හොර කඩේ රජයට පවරා ගෙන නියම ප්‍රමිතියෙන් යුතු රාජ්‍ය විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීම පමණයි විසඳුම වෙන්නේ...
තවතවත් සයිටම් වගේ කඩා ඇති කරන්න ඕනේ. එතකොට ඔය දොස්තරලා පාඩමක් ඉගෙන ගනීවි.
රජයට ගත්තම ප්‍රශ්ණෙ විසඳෙනවා නම් 1980 ගණන්වල රජයට අයිති රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරුද්ධ වුණේ මොකටද? නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයක්...
ගැටලුව ව්සදිය යුතුය බොරු වැඩ හෙළා දැකීම අවශ්‍ය නැත... මැතිසබේ තිදෙනෙක් හැර බහුතරය සයිටම් වලට විරුද්දය. මෙතුලින් මුළු ජාතියටම සෙතක් වන විසදුමක් ඕනේ.