නියෝජ්‍ය ඇමැති භාවිත කළ වාහනයේ පිස්තෝලයක් නියෝජ්‍ය අමාත්‍යවරයකු පරිහරනය කර නැවත බාර දී තිබු සුඛෝපභෝගී මෝටර් රථයක් තුළ තිබී රිවෝල් පිස්තෝලයක් සොයා ගත් බවත්, එය පොලිස් දෙපාර්තමේන්තුව සතු එකක් නොවන බවත් පොලිසිය කියයි. 17 July 2017
වෛද්‍යවරු රාජිත ගැන අගමැතිට පැමිණිලි කරති සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා වෛද්‍යවරුන් පිරිසක් එක්කර ගනිමින් නව වෘත්තීය සමිතියක් ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටින්නේ යයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අගමැතිවරයාට ලිඛිත පැමිණිල්ලක් කර තිබේ. 17 July 2017
පොලිසිය නොමග යැවූ නැන්දා අත්අඩංගුවට ගම්පහ නගරයේ පාළු ප්‍රදේශයක අශෝභන ලෙසින් සිටි පාසල් සිසුවියක (15) සහ සිසුවකු (17) පොලිස් භාරයට ගෙන මවුපියන් කැඳවූ අවස්ථාවේ සිසුවියගේ මව ලෙස සිසුවාගේ නැන්දා පෙනී සිටී ඇති බවත් පොලිසිය නොමැග යැවීමේ චෝදනාව මත ඇය අත් අඩංගූවට ගත් බවත් ගම්පහ පොලිසිය කියයි. 17 July 2017
පාලිත අබේකෝන් වෛද්‍ය සභාවේ මුල් පුටුව අබියස ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා ලෙස වෛද්‍ය පාලිත අබේකෝන් මහතා පත් කිරීමට රජය තීරණය කර තිබේ. 17 July 2017
පළාත් පාලන සංශෝධන පනත ලබන සතියේ මැතිසබේට ලබන ජනවාරි, පෙබරවාරි මාස වන විට පළාත් පාලන ආයතන සඳහා නගරාධිපතිවරුන්, සභාපතිවරුන් හා මන්ත්‍රී මණ්ඩල පත් වනු ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 17 July 2017
පක්ෂ තීරණයට එරෙහිවීයැයි උතුරු ධීවර ඇමැති ඉවත් කරන්න ඉල්ලයි උතුරු පළාත් ධීවර හා ප්‍රවාහන අමාත්‍යධූරයෙන් පී.ටෙනීස්වරන් මහතා ඉවත් කරන්නැයි එම අමාත්‍යවරයා නියෝජනය කරන ටෙලෝ සංවිධානය විසින්ම උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතාගෙන් ඉල්ලීමක් කරනු ලැබ තිබේ. 17 July 2017
ඕස්ට්‍රේලියා විදේශ ඇමැති හෙට ලංකාවට ඕස්ටේ්රලියා විදේශ කටයුතු අමාත්‍ය ජූලි බිෂොප් මහත්මිය දෙදින නිල සංචාරයක් සඳහා හෙට(19) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 17 July 2017
අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් පොලිස් දැලේ අංගොඩ උඩුමුල්ල ප්‍රදේශයේ වාහන අලෙවි ප්රදර්ශනාගාරයක් හිමි ව්‍යාපාරියකුගේ කාර්යාලයකට ඉකුත් (13)වැනිදා කිසියම් පුද්ගලයකු ටී 56 ගිනි අවියකින් වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාතාල නායක අංගොඩ ලොක්කාගේ ගෝලයකු මිරිහාන විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති බව පොලිසිය කියයි. 17 July 2017
සහකාර අධ්යක්ෂ වෙනුවෙන් පෙනී ඉන්න නීතීඥවරයකුට අවසර ශ්‍රී ලංකා මහා බැංකුවේ ජ්‍යෙෂ්ඨ සහකාර අධ්යක්ෂ බී.එච්. ඉන්දික සමන් කුමාර මහතා වෙනුවෙන් නීතීඥවරුන්ට බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටීමට කොමිසම අද (17) අවසර දුන්නේය. 17 July 2017
ඉන්දියාවේ ලොකුම යුද නැව නාවික හමුදාවට ඉන්දියාවේ නිෂ්පාදිත විශාලතම යුද නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මේ මස 22 වැනි දා මිලදී ගැනීමට නියමිත බව ඉන්දියාවේ ‘‘ හින්දුස්ථාන් ටයිම්ස් “ පුවත්පත වාර්තා කර සිටී. 17 July 2017
මොරටු සරසවියේ සිටි සතුන් පිටිපන ඉඩමක වළදාලා මොරටුව විශ්ව විද්‍යාල පරිශ්‍රයේ සිටියදී අල්ලා ගත් සුනඛයින් සහ බළලුන් 40 දෙනකු පමණ එම විශ්ව විද්‍යාලයට අයත් හෝමාගම පිටිපන ප්‍රදේශයේ පිහිටි ඉඩමකදී පණ පිටින් වළ දමා තිබීයදී සොයා ගැනිමට හැකි වූ බව ‘‘සත්ව අයිතීන් සුරකීමේ බළකායේ‘‘ සභාපති අමිල විජේරත්න මහතා පවසයි. 17 July 2017
රෝහල රජයට ගැනීම විසඳුම නොවෙයිලු නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමෙන් සයිටම් අර්බුදයට විසඳුමක් නොලැබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 17 July 2017
හිටපු ප්‍රවාහන ඇමැතිගේ ප්රතිශෝධන අයැදුම්පත විවාදය 20 වැනි දා අල්ලස් කොමිසමෙන් තමාට එරෙහිව පවරන ලද නඩුවේ චෝදනා පත්‍රය සංශෝධනය කිරීම ප්‍රතිශෝධනය කරන්නැයි ඉල්ලා හිටපු ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා ඉදිරිපත් කොට ඇති ප්රතිශෝධන ඇයැදුම්පත සම්බන්ධයෙන් විවාදය සැප්තැම්බර් 20 වැනි දා සිදු කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (17) තීරණය කළේය. 17 July 2017
ජනපති - අගමැති උසාවි එන්න බෑ කියති එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහි නඩුවේ සාක්කි දීමට රාජකාරීමය හේතූන් මත අද (17) අධිකරණයට පැමිණීමට හැකියාවක් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරු නීතීඥවරයෙකු මාර්ගයෙන් කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතාට අද (17) දැනුම් දුන්නේය. 17 July 2017
නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනෙයි මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමේ කටයුතු අද(17) පෙරවරුවේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම රෝහලේ දී සිදු කෙරිණි. 17 July 2017
වීරකැටියේ දෙපිරිසක් ගැටී තරුණයකු මරුට වීරකැටිය නගරයේ දී අද(17) අලුයම දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් සිදුවූ පිහි ඇනුමක දී තරුණයකු මියගොස් තවත් දෙදෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ ඇතැයි පොලිසිය පවසයි. 17 July 2017
ඉන්දීය ධීවරයින් 4ක් අත්අඩංගුවට නීති විරෝධී ලෙස මෙරට මුහුදු සිමාවේ ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 4 දෙනකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. 17 July 2017
ඉන්දියා විදේශ ඇමැතිගෙන් තමිල්නාඩු ධීවරයන්ට දොස් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් දේශසීමාව පසුකරන ඉන්දීය ධීවරයින් නිකරුණේ අත්අඩංගුවට නොගන්නා බව ඉන්දීය විදේශ කටයුතු ඇමතිනි සුෂ්මා ස්වරාජ් මහත්මිය සඳහන් කර ඇතැයි ඉන්දියාවේ පළවන ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත අද (16) වාර්තා කළේය. 16 July 2017
පුංචි ඡන්දය නොවැම්බර් අග සතියේ පළාත් පාලන මැතිවරණය නොවැම්බර් අවසන් සතියේ පැවැත්වීමට දේශපාලන පක්ෂ නායකයන් එකඟත්වයට පැමිණ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි. 16 July 2017
හොර ක්‍රෙඩිට් කාඩ් සැකසූ ලාංකිකයෙක් ඉන්දියාවේ දී දැලේ ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ්පත් උපයෝගී කර ගනිමින් අන්තර් ජාලය ඔස්සේ මුදල් වංචා කිරීමේ නිරත වූ ශ්‍රී ලාංකිකයෙකු ඇතුළු තිදෙනෙකු ඉන්දිය මධ්‍යම අපරාධ ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් බැංගලෝර් නුවරදී අත්අඩංගුවට ගෙන ඇතැයි ඩෙකෑන් හෙරල්ඩ් වෙබ් අඩවිය වාර්තා කරයි. 16 July 2017
ආණ්ඩුව අස්ථාවර වීමට ඉඩ නොතබන බව එජාපය කියයි ‘ආණ්ඩුව අස්ථාවර වෙන්න අපි කිසිසේත්ම ඉඩ තියන්නේ නැහැ. ආණ්ඩුව වට්ටන්න හිතාගෙන ආණ්ඩුවත් සමග සිටින මන්ත්‍රීවරු පිරිසක් ඉවත් කරගන්න කටයුතු කිරිමෙන් මහින්ද රාජපක්ෂ මහතාටත් සිදුවන්නේ හොඳට ලී ඉරමින් තිබූ පලංචියට නැග කූඤ්ඤය ඉවත් කළ වඳුරාට වෙච්ච වැඩේ‘ යැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා අද(16) සිරිකොතදී පැවැති මාධ්‍ය හමුවක දී පැවසීය. 16 July 2017
දෙදරු පියා වෑන් රියත් සමග අතුරුදන් වෑන් රියක් සමග දෙදරු පියකු(47) දින 5 ක් තිස්සේ අතුරුදහන් වී ඇතැයි කියමින් ඔහුගේ බිරිඳ හෙම්මාතගම පොලිසියට පැමිණිල්ලක් කළාය. 16 July 2017
ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 10 ක අවාසියක් ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමේදී ලකුණු 346 කට දැවී ගියේය. 16 July 2017
හග්ගල රක්ෂිතයේ ගින්නකින් අක්කර 40ක් වැනසේ නුවරඑළිය හග්ගල රක්ෂිතයේ හටගත් ගින්නකින් අක්කර 40ක් පමණ විනාශ වී ඇතැයි පොලිසිය පවසයි. 16 July 2017
කෙසෙල්ගමුවේ මැණික් ගැරූවැයි පහක් සැකපිට කාසල්රි ජලාශයට ජලය ගලා බසින කෙසෙල්ගමු ඔය රක්ෂිතයේ අනවසරෙන් මැණීක් ගෑරු බව කියන පස් දෙනෙකු අද (16) සැකපිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කේ.සි ධර්මපි‍්‍රය මහතා පවසයි. 16 July 2017
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ රිමාන්ඩ් යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා දැරිය ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාර ස්විස් කුමාර්ට රැකවරණය දීම සහ පැන යෑමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා ලබන 25 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. 16 July 2017
දිනේෂ් ප්‍රියන්තට රිදී පදක්කමක් එංගලන්තයේ ලන්ඩන් නුවර දැන් ක්‍රියාත්මක වන ලෝකශූරතා පැරා මලල ක්‍රීඩා තරගාවලියේ ප්‍රථම දිනයේදීම ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත හේරත් හෙල්ල විසිකිරීමේ පිරිමි ඉසව්වෙන් රිදී පදක්කමක් දිනාගැනීමට සමත්විය. 15 July 2017
ජනාධිපති සියරට පැමිණෙයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස ,සිය තුන් දින බංග්ලාදේශ නිල සංචාරය නිමා කරමින් අද පස්වරු 3.40 ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ශ්‍රී ලංකාවට පැමිණියහ . 15 July 2017
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ අත්අඩංගුවට යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා දැරිය ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ස්විස් කුමාර්ට රැකවරණය දීම සහ පැන යෑමට ආධාර අනුබල දීමේ චෝදනාවට සැකපිට මධ්‍යම සහ ඌව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ඒ ජයසිංහ මහතා මීට ටික වේලාවකට පෙර රහස් පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබීය. 15 July 2017
සිම්බාබ්වේ 356 කට දැවී යයි කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ටෙස්ට් තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි සිම්බාබ්බේ කණ්ඩායම අද පෙරවරුවේදී ලකුණු 356 කට දැවී ගියේය. 15 July 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026