(චන්ද්‍රසේන ගමගේ සහ පද්මසිරි ගාර්දියවසම්)
‘ජාතික සම්පත් සුරකිමු-දේශාපාලන දඩයම නවතනු‘ මැයෙන් හෙට (15) තංගල්ල නගර ශාලාවේදී පැවැත්වීමට නියමිත සම්මන්ත්‍රණයෙන් අනතුරුව තංගල්ල නගරයේ පැවැත්වීමට සූදානම් කර තිබූ නිහඬ විරෝධතාවට තංගල්ල මහේස්ත්‍රාත් මහී ඩිරේරත්න මහතා නියෝග කිහිපයක් පැනවීය.
තංගල්ල මූලස්ථාන පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් හෙට්ටිආරච්චි මහතා තංගල්ල අධිකරණයෙන් කළ ඉල්ලිමකට අනුව මෙම නියෝග නිකුත් කර ඇත්තේ දකුණු පළාත් සභා මන්ත්‍රීවරුන් වන ඩී.වී උපුල් හ අජිත් රාජපක්ෂ යන අයටයි.
විරෝධතාව අතරතුරදී තංගල්ල මහවෙල මාර්ගය ,බෙලිඅත්ත මාර්ගය හා කතරගම මාර්ගය අවහිරවන සේ විරෝධතාවය දැක්වීම හා මහජනයාට පීඩා සිදුවන ආකාරයට විරෝධතාවයේ යෙදීම තහනම් කරමින් මෙම නියෝග පනවා ඇත.
එම නියෝගය ඩී.වී උපුල් මහතාගේ නිවසටද අජිත් රාජපක්ෂ මහතාගේ නිවසටද බාර දුන් බව තංගල්ල පොලීසිය පවසයි.
තංගල්ල නගරශාලාවේ පැවැත්වෙන සම්මන්ත්‍රණය සදහා ඒකාබද්ධ විපක්ෂයේ ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ ,ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ රෝහිත අබේගුණවර්ධන පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් සහභාගි වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට උසාවි නියෝග අහන්න එදත් පුරුදු නෑ. අදත් එහෙමයි, හෙටත් 10-12ක් ඇතුලේ...
නීති කැඩුවොත් කවුරු වුණත් කමක් නැහැ ඇතුලට දාලා දඬුවම් දෙන්න ඕනෑ. නායකයෝ වුණාම කවුරු වුණත් නීතියට ගරු කල යුතුයි. එතකොට තමයි ගෝලයෝ හැදෙන්නේ.
දැන් ඉතින් ඒ අයගේ "නීතිඥ" නාමල් බේබිත් අධිකරණ නියෝග කඩකර පාච්චල් වෙලා ඉන්න නිසා මේ රංචුව ටිකක් පරෙස්සමෙන් හිටියොත් හොඳයි. මහජනයාගේ එදිනෙදා කටයුතු වලට බාධාකිරීම් වැලැක්වීම පොලිසියේත්, අධිකරණයේත් වගකීම බව මේ ගොල්ලෝ දැනගන්න ඕන නේද?
ඔය නියෝග උතුරේ උද්ඝෝෂණ කරන අයට නැත්තේ යහපාලනය නිසාද?
අධිරාජ්‍යවාදී රටවල් වල උසාවි සහ විනිසුරුවන් පෙනී සිටින්නේ පාලකයන් වෙනුවෙන් මිස සාමාන්‍ය මහ ජනයා වෙනුවෙන් නොවේ.
ජනාධිපතිතුමා උතුරේදී කියනවා උද්ඝෝෂණය කරන්න අයිතිය තියනවා කියල. එතකොට දකුණටත් ඒ අයිතිය දෙනවාද?