(රංජිත් රාජපක්ෂ )
මධ්‍යම කඳුකරයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමගම නාවලපිටිය නගරයේ කොටසක් ජලයෙන් යට වී තිබේ.
මේ හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා පැමිණ තිබිණි.නාවලපිටිය නගරයේ තැපැල් කාර්යලය ඉදිරිපිට නාවලපිටිය මහනුවර ප්‍රධාන මාර්ගයේ කොටසක් මෙලෙස ජලයෙන් යටවී තිබිණි.
වැසි ජලය ගලා බසින කාණු පද්ධතිය නිසි ලෙස නඩත්තු නොකිරිම නිසා වැසි ජලය ප්‍රධාන මාර්ගයේ එක් රැස් වී ඇතැයි ප්‍රදේශවාසීහු පැවසූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්දානන්දව අයින් කළා විතරයි නේද?
ඊයේ පෙරේදා සංවිධායක තුමත් අයින් කලානේ... ඒකට දෙවියන් පවා කුපිත වෙලා මගේ හිතේ..
දම්මික මහත්තයෝ ,සංවිදායක කමත් සමග තිබුන කුණු සියල්ල හේදියනවා ,මේක සාපයක් නොව අශිර්වාදයක් කියල හිතන්න වැහි දෙවියන් පවා දන්නවා වෙලා තිබුන අපරාදය හා හොරකම් ඕක තමා සොබාදහමට බොරු කරන්න බැහැ, අනික වෙනත් රටවල ජනතාව හොරු එලවන්න පෙලගැහෙන විට අපේ රටේ හොරු රකින්න ජනතාවක් ඉන්න එක ගැන අපි ආඩම්බර වෙන්න ඕන, මොකද දුක් වෙලා වැඩක් නැහැ ,ඔහෙලවගේ මිනිස්සු ඉන්න තුරු ,
රාහුල්, අනිවාර්යෙන්ම, මොකද? නීතිය තුල මොන සෙල්ලම් දැම්මත්, සොබාදහමට අවනත වෙන්න අපි කාටවත්ම බැහැ. ඒ සඳහා ඉතිහාසය බොහෝ සාක්ෂි දරනු ඇත. හැබැයි දින වකවානු කියන්න බැහැ.