තරිඳු ජයවර්ධන
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන නඩු නොපවරා දීර්ඝ කාලයක් තිස්සේ රඳවාගෙන සිටින සිරකරුවන් හැකි ඉක්මණින් නිදහස් කරන ලෙස දෙමළ ජාතික සන්ධානයේ නායක සහ විපක්ෂ නායක ආර් සම්බන්දන් මහතා ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ.
ජනතා විමුක්ති පෙරමුණ විසින් ඇතිකරන ලද කැරලිවලදී අත්අඩංගුවට ගත් පුද්ගලයන්ට ද පොදු සමාව ලබා දී නිදහස් කරනු ලැබූ බවත්, එම ප්රතිපත්තියම මෙම සිරකරුවන් සම්බන්ධයෙන් අනුගමනය කළ නොහැකි වන්නේ මන්ද යන්න තමාට තේරුම් ගත නොහැකි බවත් සම්බන්දන් මහතා ජනාධිපතිවරයාට යොමු කළ ලිපියේ සදහන් කර තිබේ.
අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් රදවාගෙන සිටින බොහෝ දෙනකුට එරෙහිව ඇති එකම සාක්කිය ඔවුන්ගේ කැමැත්තෙන් තොරව ලබා ගත් පාපොච්චාරණ බව ද, සාමාන්‍ය නීතිය යටතේ ඒවා පිළිනොගන්නාමුත් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ඒවා පිළිගන්නා බව ද, එහෙයින් එම පනත යටතේම සැකකරුවන් සිරකර තිබෙන බව ද විපක්ෂ නායකවරයා සදහන් කරයි.
මෙම නඩු තුළ යම් දේශපාලන පැතිකඩක් ඇති බවත්, ඒවා හුදෙක් නීතිමය කරුණු වශයෙන් ආමන්ත්‍රණය කළ නොහැකි බවත්, ශ්‍රී ලංකාවේ ජාතික ගැටළුවට නිසි කාලයේදී සාධාරණ විසදුම් ලබා දී තිබුණේ නම් සිරභාරයේ සිටින බොහෝ පුද්ගලයන් අද මේ රටේ ඉතා වැඩදායී පුරවැසියන් වශයෙන් සිටිනු ඇති බවත් විපක්ෂ නායක ආර් සම්බන්දන් මහතා ජනාධිපතිවරයාට දන්වා තිබේ.
මෙම ගැටළුව දේශපාලන කරුණක් සේ සලකා විසදුම් ලබා දීම ජනාධිපතිවරයාගේ යුතුකමක් බව ද, මෙම ගැටළුවට විසදුම් ලබා නොදුනහොත් එය සංහිදියාවටද දැඩි බාධාවක් වනු ඇති බව ද කියන සම්බන්දන් මහතා තවදුරටත් ප්‍රමාද නොකර මෙම සිරකරුවන් නිදහස් කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා ඇත.
සම්බන්දන් මහතා ජනාධිපතිවරයාට යොමු කළ ලිපියේ පිටපත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ද, අධිකරණ ඇමැති තලතා අතුකෝරල මහත්මියට සහ නීතිපතිවරයාට ද යොමු කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් ඒක වැරදිද?
ඔව් ඒක වැරදියි බූරු ගහන, කසිප්පු බොන හොර අඹුවෝ ඉන්න තාත්තා ගේ විකුණන්න හදනකොට පුතා තාත්තත් එක්ක රණ්ඩුවෙලා අම්මාගේ නමට ගෙදරට හොර ඔප්පුවක් ලියාගන්න හදන එකයි... අල්ලපු කාමරේ කුලියට ඉන්න කෙනා පාතාලයත් එක්ක එකතුවෙලා අම්මා, තාත්තා මරලා හොර ඔප්පු හදල ගේ අයිතිකරගන්න හදන එකයි සමාන වෙන්නේ කොහොමද ? දෙකම වුණේ එකම වහල යට. පුතයි කුලියට ඉන්න කෙනයි දෙන්නම එක වයසේ. දැන් තාත්තා මැරුණට පස්සේ කුලියට හිටපු කෙනා අම්මගේ අනියම් සැමියා වෙලා පුතත් එක්ක කුඩු ගහමින් ගෙට රිංගනවට කාමරයක් ඉල්ලනවට නංගි විරුද්ධයි.
මම හිතනවා මේක සාධාරණ ඉල්ලීමක් කියලා. සිංහල අයට එක නීතියකුත් දෙමල අයට තව නීතියකුත් තියෙන්න බැහැ නේ.
එතකොට 87-89 දී දීපු කෑමත් දෙන්න ඕන නේද? දෙනවා නම් හැම දේම දෙන්න ඕන නේ.
හපොයි මේ රට දැන් අපායක් වෙලා. බලන බලන පැත්තේ යහපාලන රජයේ නින්දා සහගත ක්‍රියා වැඩි වෙලා. රට පීචන් වෙලා ගිහින් කියලයි අපිට නම් හිතෙන්නේ. හැමදේම අවුල් ජාලාවක් කරගෙන ඉන්නේ. කිසිම දේකට විසඳුම් නැහැ. තිබ්බත් ඒවා කරන්න වගකීමක් ගන්න කෙනෙක් නැහැ. හැමදේම අස්ථාවර වෙලා. මොකක්ද මේ රටට වෙන්නේ?
ජවිපෙට 87-89 දීපු ටයර් මාලෙයි කටුකම්බි හොද්ද ආයිත් ඕනෑද?
අපේ මිනිස්සුන්ට ඉතින් අද වුණු ටික හෙට අමතකයිනේ... ඒ කාලේ කොටි කළ ම්ලේච්ඡ ඝාතන, බස් බෝම්බ දැන් අමතකද? ඔය ඇතුලේ ඉන්න තොත්ත බබාලා නෙමෙයි. ඔය සැමට සාධාරණයක් ඉල්ලන අය අපේ මියගිය රණවිරුවන්ගේ පවුල් ගැන කතා නොකරන්නේ ඇයි? කොටි ත්‍රස්තවාදය තුරන් නොකලා නම් ඔය ලොකුවට කඳුළු හලන අය නිදහසේ බය නැතුව ගෙයින් එළියටවත් බහිනවද? අපේ රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් කළ කැප කිරීම හෑල්ලුවට ලක්කරන්නේ අඥාණයෝ තමයි.