ආනමඩුව නවගත්තේගම විද්‍යාලයේ ගුරුවරියක දණගැස්වීයැයි වැරදිකරු වූ දේශපාලකයකුට මෛත්‍රීපාල සිරිසේන මහතා ආසන සංවිධායක ධුරයක් පිරිනැමීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව ලංකා ගුරු සංගමය කියයි.
ගුරුවරියකට අඩත්තේට්ටම් කිරීම නිසා එම දේශපාලකයාට දෙවසරක අත්හිටවූ සිරදඬුවමක් සහ දඩ නියම වූ බවත්, එවැනි පුද්ගලයකු ආසන සංවිධායකයකු ලෙස පත් කිරීම වැරදි පූර්වාදර්ශයක් බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.
ගුරු විදුහල්පතිවරුන්ගේ විරෝධය මත මහින්ද රාජපක්ෂ මහතා පවා ඔහුට නාම යෝජනා නොදුන් බව කී ස්ටාලින් මහතා යහපාලනය තුළ මෙවැනි පත්වීම් සිදුකිරීම විහිළුවක් බව ද ප්‍රකාශ කළේය. මෙම පත් කිරීමට එරෙහිව ලංකාවේ සෑම පෙදෙසකම සිටින ගුරුවරුන් හා විදුහල්පතිවරුන් පෙළගස්වන බව ද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ වැඩ කරනවා නම් තිබුණු ආණ්ඩුව මීට වඩා හොඳයිනේ...
රටේ ජනාදිපති වුණාට වැඩක් බුද්ධිමත් තීරණ ගන්න බැරිනම්... ඔය වගේ වැඩ කරද්දී රටේ ජනතාව වර්ජන, පිකටිං, උද්ඝෝෂණ කරන එක සාධාරණයි. මෙහෙම අයට ආසන සංවිධායකකම නෙවෙයි ප්‍රජා අයිතියත් අහෝසි කරන්න ඕනෑ. බැලුවම මිනිස්සු ප්‍රිය කරන දේ නෙවෙයි හැම දේශපාලකයෙක්ම කරන්නේ ඒ අයට ඕන දේ විතරයි.
පළමුව ජනපතිතුමා මීට කටයුතු කළ යුතුයි.
මේ වගේ 8පාස් දේශපාලකයෝ ඉන්න රටක ඉපදුණු එකත් පාපයක්...
හත්වලාමේ මේ අර " කිතුල් ගස්" කලන්තේ හැදුනු කෙනෙක් නේද? මේ අයව ආපසු රඟමඬලට එන්න අනිත් මෝඩයින් උදවු කරනවා නේද? අනේ අප ලක්මවට මොවුන් කරන විනාශය...
අසරණ වෙලා ඇත නිදහස් පක්ෂෙ අද... බණ්ඩර මැතිඳු නැත අද එහි ඔබේ තෙද … ආණමඩුවේ නිසිකෙනෙකුන් නොමැතිසඳ … අහෝ අපොයි මැරයන් පත් කරන ලෙද …
නූගත් රිලවෙකුට අපේ මනාපෙට... පැන්නා නේද ගුරුතුමියගේ කර උඩට ..... කීවත් මිනිසුන් බහින්න කියලා බිමට..... රිලවා නොවේ ගත්තේ එය ගණනකට.....
යහපාලනය තුළ මෙවැනි පත්වීම් සිදුකිරීම විහිළුවක්.
ජනාධිපතිතුමාට ජය වේවා. යහපාලනේට ජයවේවා !!!
අද ලංකාවේ දේශපාලකයා සක්කිලි ගති ඇත්තෙකි.
විහිළු කියන වචනයට තවත් අර්ථ කතනයක් තිබෙනවාද මීටත් වඩා....
මේ ජනාධිපතිතුමාගේ උගත්කම හා සදාචාරාත්මකකම විදහා පෑ තවත් පැතිකඩක් පමණි. අනිච්ඡං සංසාරේ.....
ජනාධිපතිගේ මේ දියෙන් කිරි වෙන්කර ජනතාවට ඉදිරිපත් කිරීමට ඇති සුවිශේෂී හැකියාව ගැන ජනාධිපති දුවට ඇයගේ දෙවැනි පොතට එක්කල හැකි තාත්තාගේ තවත් සුවිශේෂ චරිත ලක්ෂණයකි. අනේ දෙවියනේ.. මක්කරන්නද රටට යනකලක්....
යහපාලනය රට කනවා. අනේ ජනතාවනි මීට පස්සේ වත් මොලේ තියෙන නායකයෙක් රට පාලනය කිරීමට පත් කරගන්න ඉන්න එක බලේ ඉඳං කෝවිල් ගානේ යන ගමන් පාතාලයෝ ආසන සංවිධායකයෝ කරගෙන ලෑස්තිවෙන්නේ රට විනාස මුඛයට ගෙනියද්දී. අනේ මොලේ තියෙන කොන්ද පන තියෙන නායකයෙක් පත් කරගන්න. රටේ මොන ප්‍රශ්නේද විසඳුවේ. හොරු නිදැල්ලේ. මිනීමරුවෝ බන්ධනාගාරේ සුරසැප විඳිනවා. සයිටම් එක ලොක්කගේ යහළුවන්ගේ මෝඩ ළමුන්ව දොස්තරලා කරවන්න නීතිගත කරන්න දඟලනවා. ඒ අතරේ බලේට ආපු පක්ෂයේ නායකයාට ලංකාවේ පුරවැසි භාවයවත් නැහැ..
සුද්ද රට යනකොට කවුද ඉතින් උඩ යන්නේ?
මෙයාට සංවිධායක කම දීපු එක නම් සම්පුර්ණයෙන්ම වැරදි වැඩක්.
ඔව් රෝහණ, සම්පුර්ණයෙන්ම වැරදි වැඩක්.
ජෝශප් මහත්තයෝ, ගැත්තාට අනුකම්පා කරනු මැනවි... අපිට ඉන්නේ මේ වගේ අය විතරයිනේ දැන්.
මොනවා කලත් එතුමා අවසානේ මන්ත්‍රී වෙනවා වෙනවමයි... ඕං කිව්වා.. ඇයි ලංකාවේ නෙමෙයිද ඉන්නේ?
මේ තමයි යහපාලනයේ බලු පාලන ක්‍රියාවලි කියලා කියන්නේ....
මේ රටට වෙලා තියෙන ලොකුම හෙණය, බොරු කියන්නයි, පව් කරන්නයි මිනිසුන් ළඟ තිබුන ලජ්ජා භය දෙක ඉතාමත් දරුණු ලෙස සෝදා පාළුවකට ලක්වීමයි . රටක ආර්ථිකය ගොඩ දැමීම වැදගත් තමයි. නමුත් සදාචාරයෙන් තොර ආර්ථික දියුණුවකින් වැඩක් තියේවිද? අටවත් පාස් නැති පාරිමේන්තු කාරයෝ ලජ්ජා නහරය කපා ගෙන සභා ගැබට ආවට අපට කමක් නැහැ. නමුත් රටේ මුල්ම පුර වැසියාගෙන් අප මීට වඩා යමක් බලාපොරොත්තු වෙනවා.
මෙයාට ජනාධිපති උපදේශක කමක් දෙන්න තියෙන්නේ.
මෙවැනිම මිනිසුන් කොට්ටාශයක් තමයි , දැන් ඔය පාර්ලිමේන්තුව නියෝජනය කරමින් ඉන්නේ,.. ජනතාව කොපමණ හර්තාල් කලත්, ඒ අයට මොලයක් කියලා එකක් නැත්නම් දෙයියනේ මොනවා කරන්නද? නැට්ටක් තිබුණා නම් මසටවත් දෙන්න තිබුණා, කරන්න තියෙන්නේ එකම එක දෙයයි, හැංගිලා ඉඳලා හොඳ තිරිවාන ගල්ගේඩියක් අරන් ගැහුවා නම් හරි.. ඔය මොන ස්ට්‍රයික් එකක්වත් වැඩක් නැහැ. සදාචාරයක් නැති, කිසිම ගණගරුක භාවයක් නැති, අසමජ්ජාති අය, ප්‍රාදේශීය සභාවට නොවෙයි, ගෘහමුලිකයාටවත් සුදුසු නැත.
ආනමඩුව නව සංවිධායක ධුරය සඳහා වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර මහතා පත්කල බව වෙනත් ප්‍රවෘත්තියකින් කියවේ. ගුරුවරිය දණගැස්වූ දේශපාලකයා එයාමද?
ජනාදිපතිතුමනි, මෙවැනි " දේශපාලන අම්බරුවන් " නෙරපා හරින්න. මේ අයට ඡන්දය දෙන ජනතාව ආනමඩුවේ ඉන්නවද?
මේ ජාතියේ පළමු කෙනාත්, අවසාන කෙනාත් නෙමෙයි. අනික මේ ජාතියේ අය කීයක් දැනට ඕක ඇතුලේ ඉන්නවද? අපි ඉතින් කොමෙන්ට් දම දමා බලන් ඉඳිමු !!!
සංවිධායක කමකටවත් හොඳ මිනිහෙක් හොයාගන්න කට්ටිය මේ අයට නෑ. ඉතිං යන එන මං නැති අය හරි හොයාගෙන මේවා පුරවන්න එපැයි. කොහොමද විනාශයේ වෙනස?
ඉතාම වැරදි තීරණයක් සහ වැරදි ආදර්ශයක්. මෙයා ඡන්දෙට ආවොත් ආණමඩුවේ ජනතාව හරි තීරණයක් ගනීවි කියලා මම හිතනවා.
ප්‍රධාන පිටුවේ සිරස්තලය සමග ගුරුවරියගේ ඡායාරූපය යෙදීම සදාචාර සම්පන්න නෑ නේද?
එ්කෙන්ම පේනවා නේද රාජපක්ෂ, සිරිසේන දෙන්නම එක වගේ කියලා, ශ්‍රී ලංකා කාරයෝ ඔක්කොම එකයි. අපි රට බාර දෙමු තනි යූඑන්පි රජයකට...
මුළු රටම මීට විරුද්ධව නැගී සිටිය යුතුයි. මේ වගේ පහත් වැඩ කිරීමට ජනපතිට වුණත් ඉඩක් නොතැබිය යුතුයි.
විශිෂ්ඨයි, උත්කෘෂ්ටයි, අනර්ඝයි ජනාධිපතිතුමනි. මේ වගේ සමාජ ගහලයින්ව තව තව පිළිගැනීමෙන් ලෝකයේ උතුම් පුරවැසියන් ඔබගේ මුණුබුරු, මිණිබිරියන් බවට පත්වේවි. !!!
අහෝ...මෙතරම් ඛේදජනක තත්වයක් මේ ලංකාවට උරුම වුනේ ඇයි? මේ කගේ ශාපයක්ද? අපි විසින්ම ඇතිකරගත්තු ශාපයක් නොවේද? මොලේ තියෙන බුද්ධිමත් නායකයෙක් අපිට කවදා බිහිවෙයිද? නූගත්තු, සමහර අවයව අඩු අය, කම්බා හොරු, මානසික රෝගීන්, සල්ලාලයෝ, මිනීමරුවෝ, සොභනකාරයෝ, රජකරන පාර්ලිමේන්තුවක් ලෝකේ තියෙන්නේ කොහේද? ඒ තමා ඉන්දියන් සාගරයේ මුතුඇටේ අනාගතයේදී තමිල්නාඩුවට අයිති වෙන්න යන ලංකාවේ ගුරුවරියක් දණගස්සපු අය අපිට මොනවා නොකරයිද? මේ ඔක්කොම ගැන පොතක් ලියන්න ඕනේ ගොන් නාම්බා සහ රැල කියලා. ජනතාවට බුදුසරණයි !!!.
අර කැලණියේ ආචාරයතුමාට නැවත සංවිධායකකම දුන්නා කියලා දුක් වෙන්න එපා හොඳේ !!!
ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සුනේ අනේ...?
මේ කෙනාට ආයෙත් බලතල දුන්නද ..? ...අයියෝ සිරිසේන ...,
ආනමඩුව කියන්නේ ගෝත්‍රික මට්ටමේ ප්‍රදේශයක්. එහෙ ජනතාව ඒ වගේ මිනිහෙක් හිටියේ නැත්නම් ඡන්දෙ දෙන්නේ නෑ.
මේ කලේ ගුරුවරුන්ට අපහාසයක්. කරුණාකර මේ පත්වීම අවලංගු කරන්න. විශිෂ්ටයි, උත්කෘෂ්ටයි, අනර්ඝයි ජනාධිපතිතුමනි.
කවුද දන්නේ මේ තනතුරට ඉල්ලුම් කරපු ලිස්ට් එකේ ඉන්න අනිත් පුද්ගලයින්ගේ කැරැට්ටුව මීටත් වැඩිය නරකද කියලා?
නමට මෛත්‍රි වුණාට ඒ වගේම පොරක් නේද?
මේක තමයි වසරේ විහිළුව !!!
මම තවමත් ඉන්නේ මෛත්‍රි හරි කියන මතයේ. හේතුව අනිත් අය ඊටත් වඩා පහත් නිසා. සරත් කුමාරට මනාප නොදී අත ලකුණට ඡන්දේ දෙමු.
රටේ මිනිස්සුන්ගේ හැටියටනේ ඒ රටේ නායකයෝ පාලකයෝ බිහි වෙන්නේ. එහෙම බැලුවාම, ඔය පුද්ගලයා සංවිධායක කමකට විතරක් නොවෙයි රටේ පාලකයා වෙන්නත් සුදුසුකම් තියනවා. අනික ඉතින් මදාවි රෑනක් වටකරගෙන ඉන්නවා නම්, ඒ පුද්ගලයා මහා වීරයෙක් ලෙස හඳුනා ගන්න මිනිසුන් ඉන්න සමාජයකනේ අපි මේ ජීවත් වෙන්නේ...
දැන්වත් තේරෙන්නේ නැද්ද රැවටුනා ඇති කියලා?
කසිප්පු කාරයින්ට, කුඩ්ඩන්ට, හොරුන්ට, වංචාකාරයින්ට, චන්දෙ දීල පාර්ලිමේන්තු යවන රටේ ඕකත් මහා කජ්ජක්ද?
මාව මානසිකව වට්ටන්න එපා. එතකොට නැගිටින්නේ යක්ෂය බව මතක තිය ගන්න....
මේ කරන්නේ අපේ රට අස්ථාවර කිරීමයි. මේ හේතුව නිසාත් ආයෙත් මිනිස්සු පාරට බහිනවා. උපවාස කරනවා. එවිට පොලිසිය පහරදී අත්අඩංගුවට ගන්නවා . "ඔන්න ඉතින් එතකොට යහපාලනය දොරේ ගලනවා "
ඒ වගේම පාපතාරයෝ කැමති ඒ වගේ අයටම තමයි. අපිට ඒ මිනිස්සුන්ගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. මිනිස්සු දැනගන්න ඕනේ ඒක. මේවා අපේ පව්.
සම්මුඛ පරීක්ෂණයේදීවත් වගතුග හෙළිවුනේ නැද්ද? ඒත් වෙන කෙනෙක් ඇත්තෙම නැත්නම් මොනවා කරන්නද?
ගුරු වෘත්තියට නිගා දෙන මේ වගේ අයට අත්හිටවු සිර දඬුවම් නොව බරපතල සහිත සිර දඬුවම් දිය යුතුයි.