(මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
පර්පචුවල් ටේරෂරීස් සමාගම සම්බන්ධයෙන් කිසිඳු පරීක්‍ෂණයක් නොපවත්වා බැඳුම්කර ගනුදෙනු කිරීමට තම සමාගමට දී තිබු බලපත‍්‍රය මහ බැංකුවේ මුල්‍ය මණ්ඩලය විසින් අත්හිටුවීමෙන් තමන්ගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇතැයි පවසමින් පර්පචුවල් ටේරෂරීස් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරීවරයා පවරා ඇති පෙත්සමේ වගඋත්තරකරුවන්ගේ නම් සංශෝධනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය එම සමාගමට අද (13) අවසර දුන්නේය.
පර්පචුවල් ටේරෂරීස් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ගාමිණි මාරපන මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් ඒ සඳහා අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම ලබන 19 වැනි දා විභාග කිරීමට තීරණය කළේය.
අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප් සහ ප්‍රියන්ත ජයවර්ධන යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවන ලදී.
පර්පචුවල් ටේරෂරීස් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී අර්ජුන් ඇලෝසියස් මහතා විසින් ගොනු කොට ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව එහි අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරුන් තිදෙනා, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය මණ්ඩලය සහ නීතීපතිවරයා නම් කොට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත මොකක් වුණත්, වංචාවක් ලෙස සමාජ ගත වුණත් මෙම බැඳුම්කර ගනුදෙනුව සිදුවී ඇත්තේ ලංකාවේ මුදල් රෙගුලාසී වලට අනුකුලව නීත්‍යානුකුල ආකාරයටයි. ඕනෑම ආයතනයක් උත්සාහ කරන්නේ උපරිම ලාභ ලබා ගැනීමටයි. අන්තිමේදී නටපු නැටුමකුත් නැ බෙරේ පලුවකුත් නැහැ.
ජයම්පති, ඔයාගේ ඔලුව කොහේ හරි වැදුනද? නැතිනම් කවුරුන් හෝ සල්ලි ගෝනියකින් ගැහුවාවත්ද?
මම බැඳුම්කරයට පක්ෂව කතා කරනවා නෙමෙයි., මම කියන්නේ අන්තිමට වෙන දෙය. ඕක තමයි මාස ගානක් ඇදගෙන ගිහිල්ලා ලැබෙන උත්තරය.... ඇයි ඔය කවුරුවත් අපේ රටේ සිදුවෙන දේවල් දැකලා නැත්ද ?
"මම බැඳුම්කරයට පක්ෂව කතා කරනවා නෙමෙයි.,"ජයම්පති ඔව් ඔබ බැඳුම්කරයට පක්ෂව කතා කොරන්නේ නැත නමුත් බැඳුම්කර ඉදිරිපත් කල ආයතනයට පක්ෂව කතා කරනවා නේද? ඒ නිසානේ ඔබ මෙහෙම කීවේ " මෙම බැඳුම්කර ගනුදෙනුව සිදුවී ඇත්තේ ලංකාවේ මුදල් රෙගුලාසී වලට අනුකුලව නීත්‍යානුකුල ආකාරයටයි. ඕනෑම ආයතනයක් උත්සාහ කරන්නේ උපරිම ලාභ ලබා ගැනීමටයි. "