(සිතුම් චතුරංග)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යාපන සංචාරය අතරතුර දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නැයි ඉල්ලමින් විරෝධතාවක් පැවැත්වූ අතර ඒ අසලින් ගමන් ගත් සිරිසේන මහතා මදකට නතර වී එම විරෝධතාකරුවන් හමු විය.
නඩු නොමැතිවම රිමාන්ඩ් කර වවුනියාව බන්ධනාගාරයේ සිට අනුරාධපුර බන්ධනාගාරයට යවා තිබෙන දෙමළ සිරකරුවන් තිදෙනකු යළිත් වවුනියාව බන්ධනාගාරයට ගෙන එන ලෙස ඉල්ලමින් පිරිසක් අද දිනයේ යාපනයේදී උද්ඝෝෂණයක නිරත වූහ.
නඩු නොමැතිව සිර බාරයේ සිටින සිරකරුවන් නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස විරෝධතාකරුවෝ ජනපතිවරයාගෙන් ඉල්ලූහ.
එහිදී ජනපතිවරයා පැවසුවේ ඉක්මණින් සාකච්ඡාවක් ලබා දෙන බවයි.
ඊට පිළිතුරු දෙමින් විරෝධතාකරුවන් පැවසුවේ නඩු කිහිපයක් සම්බන්ධයෙන් මේ වන විට සත්‍යග්‍රහයක නිරත වන තිදෙනා සම්බන්ධයෙන් මුලින් විසඳුමක් ලබා දෙන ලෙසයි.
ජනපතිවරයා හින්දු විද්‍යාලය වෙත පැමිණෙමින් සිටි මග දෙපස කළු කොඩි ඔසවමින් රැඳී සිටි මෙම පිරිස අතරට ගිය ජනපතිවරයා ප්‍රකාශ කළේ උතුරේ වේවා දකුණේ වේවා ඕනෑම අයෙකුට ප්‍රශ්න තිබේනම් එකම මේසයක වාඩිවී සාකච්ඡා කිරීමට තමා සූදානම් බවයි.
එම විරෝධතා සම්බන්ධයෙන් අධිකරණයෙන් තහනම් නියෝගයක් පනවා තිබූ අතර යාපනය අධිකරණය ,යාපනය හින්දු විද්‍යාලය හා යාපනය ආණ්ඩුකාර කාර්යාලය අසල විරෝධතා පැවැත්වීම තහනම් කරමින් එම අධිකරණ නියෝගය පනවා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කට්ටිය අත්අඩංගුවට නොගන්නේ ඇයි ? උද්ඝෝෂණය කරන පොදු විපක්ෂයේ කට්ටිය විතරද තහනම් නියෝග කැඩුවා කියල අත්අඩංගුවට ගන්නේ? මේකද යහපාලනය?
උතුරේ විරෝධතාකරුවෝ හමුවෙනවා. දකුණේ විරෝධතා කරුවෝ හිරේ දානවා. අපූරු යහපාලනේ....
කට කහනවාට මොනවා හරි කියන, අඩුම තරමින් දෙමල ඩයස්පෝරාවට බන්දේසියේ තියලා දෙන්න යනවා වත් කියන, අර්ථ ශුන්‍ය අදහස් දමන, නම දාගන්න දඟලන කොමෙන්ට්කාරයෝ තවම මේක දැකලා නැති එකයි පුදුමේ!!! මේ සිද්ධියත් එක අතකින් ඇතැමුන්ට පුදුම උපදවන්නක් වෙයි.
ජනාධිපති හම්බන්තොට විරෝධතාකරුවන් හමුවෙන්නේ කවදාද?
...ඒ අසලින් ගමන් ගත්..... කීවේ ළඟදී පත්තර බලලා නැහැ වගේ. මොකුත් දන්නෙම නැතිව අසලින් ගිහින් තියෙන්නේ. මොකද යාපනේ විරෝධතාවය ගැන අපි නම් පත්තර, රුපවාහිනී බලලා දැනුවත් වෙන තරමින් වත් මෙයා දැනුවත් වෙලා නැහැ වගේ. රටේ අනිත් පැතිවල ආපදා විපත් වෙනවා. එතකොට ඒ අසලින් ගමන් ගන්නවත් කව්රුත් නැහැ. තොත්ත බබා.
දකුණේ විරෝධතා කරන අය අතරටත් ගිහිල්ලා ඒ යටත් ප්‍රශ්න වලට විසඳුම් දුන්නොත් කොච්චර වටිනවද.? එහෙම නැති වුණොත් අපිට හිතේවි " ඒ අයට රජෙක් ඇත්තේ අපට එහෙම නැත්තේ කියලා "
අධිකරණ තහනම් නියෝග කඩකරපුවාම අත්අඩංගුවට ගන්නේ දකුණේ විතරද?
කලින් කිවුවා වවුනියාව අධිකරණයෙන පමණක් නඩු දන්නා කියල, දැන් කියනවා වවුනියාව බන්ධනාගාරයට යවන්න කියල, මොකද වවුනියාවම ඉල්ලන්නේ ? . ලොකු සැඟවුණු හේතුවක් ඇති ඒකට..............
මස් රාත්තලම දීලා චන්ද ටික ගන්නයි තියෙන්නේ.
අනේ බොරු කියන්න එපා. ඔයා එයාලට බයයි නේද?
මාව මරන්න ආපු කෙනාවත් මම නිදහස් කළා. ඔයාලව මරන්න ආපු කොටින්වත් මම නිදහස් කරනවා. මම යහපාලනයේ හොඳේ...
සිංහලයන් ගැන බලන්නේ නැත්තේ ඒ අය කෑලි කෑලි වලට බෙදිලා ඉන්න නිසා අනෙක් අය ඒ වගේ බෙදිලා නැහැ. ඉතින් චන්ද බලල වැඩ කරනවානම් මේක තමයි නියම ක්‍රමය. ඔබ අපි විරුද්ද වුන කියල වැඩක් නැහැ.