(කේ බුද්ධික කුමාරසිරි )
හෝමාගම විවිධ සේවා සමුපාකාර සමිතියට අයත් පාදුක්ක කුරුගල ග‍්‍රාමීය බැංකුව අද (13) සම්පූර්ණයෙන් මුහුණු ආවරණය කරන ලද ආරක්ෂිත හිස් වැසුම් පැළඳි යතුරුපැදිකරුවන් දෙදෙනකු විසින් කොල්ල කා ඇතැයි පාදුක්ක පොලිසිය කියයි.
සැකකරුවන් එහි සේවිකාවන්ට ගිනි අවි පෙන්වා බිය කර බැංකු ලාච්චුවේ තිබූ රුපියල් 50000කට ආසන්න මුදලක් රැගෙන පලා ගොස් ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි
කොල්ලකරුවන් මුදල් හා රන් භාන්ඩ ඉල්ලා ඇති අතර එම අවස්ථාවේදී මුදල් කවුන්ටරයේ සිටි සේවිකාව ලාච්චුවේ තිබූ මුදල් පමණක් ලබා දී එහි තිබූ ලක්ෂ දෙකකට ආසන්න මුදල් ඉවතට දැමීමට කටයුතු කිරීම නිසාවෙන් එම ලක්ෂ දෙකක මුදල බේරා ගැනීමට හැකි වී ඇතැයි ද පොලිසිය කියයි
එම අවස්ථාවේදී එක් බැංකු සේවිකාවක තම සොහොයුරා සමග දුරකථන ඇමතුමක සිටි බැවින් දුරකථනයෙන් අදාළ සිදුවීම ඇසුණු සොහොයුරා එම අවස්ථාවේදීම පාදුක්ක පොලිසිය දැනුම්වත් කර තිබේ.නමුත් පොලිසිය පැමිණෙන විට සැකකරුවන් ලියන්වල ප‍්‍රදේශයට පලා ගොස් තිබූ බවද පොලිසිය පවසයි.
සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර සැකකරුවන් පලා ගිය මාර්ගයේ සවිකර ඇති ආරක්ෂිත කැමරා නිරීක්ෂණය කර අදාල සැකකරුවන් අත් අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායක් පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෆුල් ෆේස් හෙල්මට් තහනම් කරන්න දෙන්නේ නැත්තේ මේ හොරු තමයි.
ෆුල් ෆේස් හෙල්මට් තහනම් කිරිම නෙමෙයි, ෆුල් ෆේස් හෙල්මට් දාගෙන කඩ බැංකු ඇතුළට ගන්න එකයි වැරැදි...
මංකොල්ලයක් සිදුවෙන විටදී සේවකයන්ට වීරයෝ වෙන්න යන්න එපා කියලයි කියන්නේ. එය මරණයට අත වැනීමක් ..
ෆුල් ෆේස් හෙල්මට් හෝ ඕනෑම වර්ගයක හෙල්මට් ඔඵවෙ දමාගෙන ඇවිදීම තහනම් කල යුතුයි.. බයිසිකලයෙන් බහිද්දී අතට ගත යුතුයි..