(අමල් වික්රමරත්න)
ගාල්ල මාගාල්ල අනුලාදේවි විදුහල අසල මාර්ගයේ දුම්රිය ගේට්ටුකරු ගේට්ටුව වැසීමට යාමේදී දුම්රියේ හැපීමෙන් බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බව පොලිසිය කියයි.
මෙම ගේට්ටුව අනාරක්ෂිත දුම්රිය ගේට්ටුවක් වන අතර එහි සේවයේ යෙදී සිටි 73 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ තුවාල ලබා ඇත. ගේට්ටු මුරකරුට දුම්රිය පැමිණෙන බව දැනගැනීමට ලැබෙන්නේ දුම්රිය ඉතාම ආසන්න වීමත් සමගම වන අතර වරකට එක් සේවකයකු පමණක් සේවයකරන මෙම ගේට්ටුවේ ගේට්ටු දෙකම වසාදැමීමට ඔහුට සිදුවේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කණගාටුවක් ඇතිවුණු පුවතක්. මොහු මටත් මෙම තැනදී දුම්රිය එන බව දන්වලා තියෙනවා. ඔහුට නිවන් සුව ලැබේවා!!! අනාරක්ෂිත දුම්රිය ගේට්ටු පිළිබඳව ඉක්මන් විසඳුම් ලබාදිය යුතුයි.
කාලය ආවහම කාටත් මේ ටික තමයි. කරපු දෙයක් ඉතිරි වේවි. මම පැතුවට නිවන් ලැබෙන්නේ නැහැ. එකට වීර්ය කරන්න ඕනේ තමාම.
මේ මහත්මයාට යලි උපදින ආත්මයක සැපවත් ජීවිතයක් ලැබේවායි පතමු ...
ශ්රී ලංකාවේ විශ්රාම යන වයස කීයද? මෙයාගේ වයසේ හැටියට මෙවැනි භාරදුර, අනතුරුදායක රාජකාරියක නියත වීම අතිශයින්ම අපහසු දෙයකි. පවුලේ ආර්ථික ප්රශ්න නිසා සමහරවිට මේ රැකියාවට මොහු යෙදුනා වෙන්නත් පුළුවන්. මේ අකාල මරණයට වග කිව යුත්තේ කවුද කියා සොයාබලා, පවුලේ අයට වන්දියක් ලබා දුනහොත් පින් සිදු වෙනවා !
මේවට කවුද වග කියන්න ඕන.