( චන්ද්‍ර සේන ගමගේ )
“හම්බන්තොටදී ජාතික සම්පත් විකිණීමට එරෙහි වූ තරුණ මන්ත්‍රීවරුන් වගේම මහමග ගිය අහිංසකයන් ද පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ලොකු අසාධාරණයක් කර තිබෙනවා.“යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
හෙට පැවැත්වෙන නඩුවේදී අධිකරණයෙන් සාධාරණයක් බලාපොරොත්තු වන බවද ඒ මහතා කීය.
රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසගේ සුවදුක් විමසීමට අද (15) තංගල්ල බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේදී ය.
“හම්බන්තොට සිද්ධියට තරුණ මන්ත්‍රී වරුන් වගේම වයසක අම්මලා කිහිප දෙනකුත් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වගේම පාසැල් යන දරුවන් තුන් දෙනෙක් ද අත් අඩංගුවට ගෙන තිබෙනවා. මුස්ලිම් ජාතිකයන් තිහිප දෙනෙක්ද ඒ අතර සිටිනවා.මේ අත් අඩංගුවට ගැනීම ඉතාමත් අසාධාරණයි. ජේ.ආර්.ගේ ප්‍රේමදාසගේ පාලන කාලයේවත් මෙහෙම දේවල් සිදු වුණේ නෑ.
සමහරු කියනවා වාරාය උඩින් චීනයෙන් අවසර නැතිව යන්න බෑ කියල .ඒක බොරුවක් මත්තල ගුවන්තොටුපොළ ඉන්දියාවට දෙන්න හදන්නේ උඩු ගුවනත් එක්ක. මේ රටේ උඩු ගුවනත් ඉන්දියාවට අයිති වෙන්න යනවා.
අපේ ආණ්ඩුව මේ රටේ මේ සම්පත් හැදුවේ අනාගත පරපුර වෙනුවෙන්.නමුත් මේ ආණ්ඩුව ඒවා විකුණාගෙන කනවා. අද බලන්න මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන හැටි. අද උතුරට එක නීතියක්. දකුණට එක නීතියක්. උතුරේ සිවාජිලිංගම්ලාට උසාවි නියෝග කඩල උද්ඝෝෂණය කරන්න පුළුවන්. නමුත් මේ රටේ දකුණේ ජනතාවට ඒ නිදහස නෑ. මේක ඉතාම කනගාටුවට කරුණක“යැයි රාපක්ෂ මහතා ප්‍රකාශ කරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විකුණනවට වඩා දෙයක් මේ යහපාලනේට කරන්න බෑ.
මේ රටම හොරාකාපු ආණ්ඩුවක් තමයි මේ තියෙන්නේ. මේ ආණ්ඩුවේ ඇමැතිවරුත් දූෂිතයි. මේ ආණ්ඩුව තමන් කරන කටයුතුවලට විරුද්ධව වැඩ කරන ජනතාව හිරේට දාලා කාලකන්නි සතුටක් ලබනවා.
ඇත්ත නේන්නම්, පහුගිය කාලේ අත්අඩංගුවට ගත්තේ නෑනේ සුදු වෑන් එකෙන් අරන් ගියා මිසක්.
කාලයක් ඔබතුමා සාධාරණය කියන වචනයවත් අඳුරන්නෙ නෑ නේඳ මහත්තයෝ.!
අතීතෙ අමතක වෙලා වගේ. අනේ, අපි දාන මේ කොමෙන්ට් මේ උත්තමවරු කියවනවානම්
මෙයාගේ කාලේ තිබුණු සාධාරණය මුළු රටම දන්නවා මේ රට කවදාවත් හැදෙන්නේ නැත්තේ ඔය පක්ෂ දෙක තියනකන්
උසාවි නියෝග නොතකා විරෝධතා කරන්න උතුරට පුළුවන්. දකුණේ කලොත් කඳුළු ගෑස්, බැටන් පොලු ප්‍රහාර සහ හිරගෙදර.
ඔබතුමා සඳහන් කරන ජාතික සම්පත් විකුණන තැනට අපේ රට ආවේ, රටේ අදායමට දැරිය නොහැකි තරම් ණය පිටරටින් ගෙන, ඔය කියන සම්පත් ගොඩ නැගීම නිසයි. තවද, නීති ගරුකව, අධිකරණයේ වාරණය පොලිසිය විසින් දැනුම් දුන්නාට පසු, විරෝධතාකරුවන් විසිරී ගියා නම්, කිසි කෙනෙක් අත් අඩංගුවට පත් වන්නට අවශ්‍ය වන්නේ නැහැ.
ඔබතුමා බලය ගැනීම සඳහා ඕනෑම වැරදි වැඩකට මිනිසුන් පොළඹවනවා නේද?. අපේ රට විනාශ කරන්න එපා. ඔබතුමාට අප තවමත් ගරු කරනවා.
ශිරාණි බණ්ඩාරනායක කියල නෝනා කෙනෙක් හිටියා මතක නැතෙයි?
පොහොට්ටුව අලියාගේ නැට්ටේ බඳිමු. අත දිනවමු.
මෙයා හිටපු ලොකු තැන නිසා නඩු දාන්න බැහැ නැත්නම් හෙල්පින් හම්බන්තොට මුදල් යටි මඩි ගහපු එකට මෙයාව මුලින්ම හිරේ දාන්න ඕනෑ. ඒ කාලේ ලංකාවට කුඩු ගෙනාවෙත් මෙයාම තමයි. දෙවැනි සැරේ ඡන්දෙ දිනුවෙත් කොම්පියුටර් ජිල්මාට් වලින් තව මොන කතාද මහත්තයෝ.
අනේ ඇත්තට? එතකොට තාජුදීන්, ලසන්ත වික්රමතුංගටත් මහත්තයෝ ඕගොල්ලෝ අධිකරණයෙන් සාධාරණයක් දුන්නද?
අනිවාර්යෙන්ම සාධාරණ විසඳුමක් ලැබෙයි. ඔබතුමාගේ රජයෙන් නම් මිනිස්සුන්ට විසඳුම් ලැබුණේ තුවක්කුවෙන්. ඔබේ පුත්තුන්ට කරදරයක් වෙච්ච ගමන් ඇස් දෙකේ කඳුළු.. ඔබ නිසා අම්මලට දරුවෝ කී දෙනෙක් අහිමි වුනාද ඔබට මතකද?
ලසන්ත, එක්නැලිගොඩ, තාජුඩින්ලාට වුණේ සාධාරණ තීන්දුවක් වෙන්න ඇති නේ .... අනේ මගේ කට.?
ඇයි මුස්ලිම් ජාතිකයන් කිහිපදෙනෙක් ඉන්නවා යැයි කියලා අමුතුවෙන් නම් කරලා සඳහන් කරන්නේ? ඊළඟ ඡන්දෙට මුස්ලිම් ඡන්ද ටික බාගන්නද?
නීතීඥයෙක් කියා ගන්නා මොහුට අමු කැවිලද මෙවැනි ගොබ්බ කතා කියවන්නේ ? අධිකරණ නියෝග නොතකා මොකොද පෙරකදෝරුවා මෙවැනි විරෝධතාවකට යැවුවේ ? ලෝයර්ලා යයි කියාගන්නා අප්පච්චිත්, ඔටුන්න හිමි නැති නාමල් බේබිත් දෙන්නම කරලා තිබෙන්නේ මේ වසරේ හොඳම මොට්ටකම නොවේද ? දැන් රට පාලනය කරන්නේ මැදමුලන කට්ටිය නොවන බව මොහුට අමතක වෙලා හැඩයි. නැව් නොඑන වරයාටත්, මොණරුන් පමණක් පියාඹන ගුවන් තොටුපොළටත් මරා රෙජීමය ගත් අති දැවැන්ත ණය කන්දරාව ගෙවාගැනීමට නොහැකිවී ඒවා චීන්නුන්ට උගස් වීමේ අවධානය අවසන් කිරීමට යහපාලන ගත් තීරණ අගය කල යුතු වෙනවා.
මහින්ද අධිකරණයෙන් සාධාරණය බලාපොරොත්තු වෙනවා කියන්නේ කටින්ද ....? මෙයාගේ කාලේදී එවැනි දේවල් මෙරටේ තිබුණාද කියා එයාට දැන් අමතක වෙලා වගෙයි..... අල්සයිමර් රෝගය වැළදිලා වගෙයි.......
"අපේ ආණ්ඩුව මේ රටේ මේ සම්පත් හැදුවේ අනාගත පරපුර වෙනුවෙන් " ඒ කියන්නෙ ඔරොත්තු නොදෙන තරම් ණය අරන් සුදු අලි (වරාය, මත්තල, ක්‍රිකට් ක්‍රීඩාංගනය, සම්මන්ත්රන ශාලාව ) හදල , ඔහේගෙ සම්පූර්න නමත් දාල, ආදායමක් නැති නිසා අනාගත පරපුර ගෙවන්න ඕන ණය, ඔහේල ගත්ත කොමිසුත් එක්ක ? මේවටද ඔහේ ජාතික සම්පත් කියන්නෙ ?
කුමාරයා විතරද පුතා ? තාජුඩීන් කාගෙවත් පුතෙක් නෙවෙයිද ?
රතු පස්වල බොන්න වතුර ටිකක් ඉල්ලපු මිනිස්සුන්ටත් අසාධාරණයක් වුණා කියලා උසාවි ගියාද මැති තුමනි?
මතක නැද්ද ඒ කාලේ ඔයාට ඕන විදියටනේ උසාවි තීන්දු දුන්නේ.
රටේ සම්පත් විකුණලා මදිවට යටි මඩි ගහගෙන උසාවියෙන් සාධාරණයක් ඉල්ලනවා. අනේ අපේ රට හරක් තවමත් මේ අයගේ කතාවලට රැවටෙනවනේ
ඔබතුමා මේ අදහස් කියවන්න. අපිට හැමදාම රජ වෙන්න බෑ හැමදාම පරදින්නත් බෑ.
යහපාලන තේමා ගීතය "කෑමෙන් හොද කෑම විකුණාගෙන කෑම " හෙට අනිද්දා වෙනකොට මේ යමපලකයෝ අම්ම තාත්තවත් විකුණාගෙන නොකැවොත් තමයි පුදුමේ.
තමන්ගේ දරුවෙක් අත්අඩංගුවට පත්වීමේදී දෙමාපියන්ට වේදනාවක් ඇතිවීම සාධාරණය.ඒ ගැන අපිද කණගාටු වෙන්නෙමු. එහෙත් දෙමාපියන් විසින් තම දරුවන් උතුරේ "සිවාජිලිංගම්" ගේ අඩිපාරේ යවා පසුව උතුරේ පුළුවන් නම් දකුණේ නොහැකි වන්නේ කෙසේද යන්න ඇසීම අවස්ථාවාදියෙක්ගේ ප්‍රකාශයක් නොවන්නේද? මම හිටපු ජනාධිපති කෙනෙක් නොවුනත්, මා කියන්නේ උසාවි නියෝග කඩ කරන ඕනෑම තරාතිරමක පුද්ගලයෙක්ට නීතිය ක්‍රියාත්මක විය යුතුය යන්නය. නීති කඩ කිරීමට දකුණේ රාජකීයන්ටවත්, උතුරේ සිවාජිලිංගම්ට වත් නිදහසක් තිබිය යුතු නැත.
මහනුවර රගර් මැච් එක දිනුවහම පුතාල පැරදුන කියලා ගැහුවා මතකද? ඒවා සාදාරණද. .අර සහෝදරයෝ කල වැඩ හරිද? ඔබ තුමා දැන් ඔය පොහොට්ටුවක් හදා ගෙන ශ්‍රීලංකා නිදහස් පක්ෂයට ද්‍රෝහී වීම සාධාරණද ?
ඔබතුමාගේ කාලයේ වත් තිබුනේ නැති අධිකරණයේ සාධාරණය දැන් කොහොමද ඔබතුමා ඉල්ලන්නේ අධිකරණයෙන්.
අනේ මැතිතුමනි, බලයේ සිටි කාලයේ අධිකරණයෙන් කීදෙනෙකුට සාධාරණය ඉටුවුනාද? ශිරාණි බණ්ඩාරනායක ,එක්නැලිගොඩ.තාජුදීන්, ලසන්ත වික්‍රමතුංග , සරත් ෆොන්සේකා , රතු පස්වල බොන්න වතුර ටිකක් ඉල්ලපු මිනිස්සුන්ට යන අයට සධාරණය ඉටුවුනාද? තමන්ගේ ලග තිබුනේ නැති දෙයක් කොහොමද ඉල්ලන්නේ?
ඇත්තටම ඔබ තුමාගෙන් එකක් අහන්නේ. පොඩ්ඩක් තමන්ගේ යටි හිතට තට්ටු කරලා අහන්නකො. මේ ඔයාමද අහන්නේ කියල. අනේ චුට්ටක් ..එක පාරක්. ඔන්න එක සැරයක් වත් .එදා ඔහොම හිටිය නම් මිනිස්සු ඔයාව පරදන්නේ නැහැනේ . කන්න ඕනේ ඕනේ නම් ..කියනවනේ..
'...අද උතුරට එක නීතියක්. දකුණට එක නීතියක්....' මම හිතුවා බොහොම දෙනෙකුට ඕන එහෙම කියල.
රුවන් මේ ලංකාවේ හිටපු ඕනෑම කෙනෙක් දන්නවා 2015 ට කලින් කුඩු ගෙනාවේ කවුද කියල දන්නේ නැත්නම් පාර්ලිමේන්තු හැන්සාඩ් කියවලා බලන්න කඩේ යන්නේ මම නෙවෙයි පා.ම. මහින්දට කඩේ යන්නේ ඔයායි.
රුවන් තවද සමන්ගේ අදහසද හොඳටම ඔබගේ ප්‍රශ්නයට උත්තරයක් වනු ඇත. සමන් මහතාණෙනි, මහින්දගේ කාලයේ සිදුවීම් මතක් කර දුන් ඔබට ස්තුතියි.
අපෝ ඔබතුමා අධිකරණයෙන් සාධාරණය බලාපොරොත්තු උනොත් වෙන්නේ මාර විනාසයක්!
මුළු උසාවියම කාලා දැන් නීතිය ගැන කියවනවා ...