(විනීතා එම් ගමගේ)
ස්ථාන මාරු ලබාදී ඇති ගුරුවරුන්ට එම මාරු දන්වා යවා ඇති ලිපිය ආයතන සංග‍්‍රහය හා ජාතික ගුරු මාරු ප‍්‍රතිපත්තිය උල්ලංඝණය කරන්නේ යැයි ලංකා ගුරු සේවා සංගමය පවසයි.
ආයතන සංග‍්‍රහය අනුව රජයේ සේවකයකුට ස්ථාන මාරුවක් ලබා දීමේ දී එම මාරුව ක‍්‍රියාත්මක වන දිනයට මාස දෙකකට පෙර ඒ බව දැනුම් දිය යුතු වේ.
ජාතික ගුරු මාරු ප‍්‍රතිපත්තිය අනුව ගුරුවරයෙක් මාරු කරන්නේ නම් එම මාරුව පිළිබඳව යම් අභියාචනාවක් සිදුකරන ගුරුවරයකුට ඒ සඳහා මාසයක කාලයක් දිය යුතු අතර එම අභියාචනාවට පිළිතුරු අමාත්‍යංශය මඟින් එවන තුරු අදාල ගුරුවරයා ට එම පාසලේම සිටින්නට දිය යුතුය. මාසයක් ඇතුළත අභියාචනයට පිළිතුරු අමාත්‍යංශයෙන් එවිය යුතුය.
මෙම නියමයන් දෙකම නොසලකා හරිමින් අධ්‍යාපන අමාත්‍යංශ්‍ය විසින් ඉකුත් 12 සහ 13 දෙදින තුළ ස්ථාන මාරු ලිපි යවා ඇත්තේ 17 වැනිදා නව රැකියා ස්ථානවලට වාර්තා කරන ලෙස නියෝග කරමින් යැයි ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවැසීය.
මෙම නීති විරෝධී මාරුවීම් ලිපිවලට එරෙහිව තම සංගමය රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පැමිණිලි කරන බවත් එම ලිපි නැවත කැඳවීමට කටයුතු නොකළහොත් වෘත්තිය කි‍්‍රයාමාර්ගවලට මෙන්ම නීථිමය පියවර ගැනීමට ද කටයුතු කරන බව ද ජයසිංහ මහතා සඳහන් කළේය.
අවුරුදු 10 ට වැඩි කාලයක් ජාතික පාසල්වල සේවය කළ ගුරුවරුන් මාරුකිරීම් මාරුමණ්ඩල මගින් නිර්දේශ කරනු ලැබු නමුත් අමාත්‍යංශයෙන් එම නිර්දේශයන් වෙනස් කර යවා ඇතැයි ද ජයසිංහ මහතා කීය.
මාරු මණ්ඩලය නිර්දේශ කළ පාසැල් වෙනුවට සමහරුන්ට වෙනත් පාසැල් ලැබී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුරු මාරු ප‍්‍රතිපත්තිය නෙවෙයි රටේ සියලුම දේවල් වලට කිසිම ප්‍රතිපත්තියක් නෑ. ඒ අයට හිතෙන දේ ඒ අය කරනවා. නීතියක් නෑ.
දරුවෝ පව්, සමහර පාසල් වල 11 පන්ති කරන ගුරුවරු ත් මේ හදිසි මාරුවට ලක් වෙලා...
බොරු කියන්න එපා මේක අධ්‍යාපන ඇමතිගේ දුරදර්ශී වැඩක්. ජාතික පාසල්වල අවුරුදු 10ට වඩා වැඩි අය මාරු කරනවා කියල දැන් මාස කීපයක්. හැම ගුරුවරයෙක්ම 10ට වැඩි මේක දන්නවා. මාරු කරලා තියෙන්නේ A /L . ඒක නිසා ළමයින්ට පාඩු නෑ. විභාගේ ඉවර නිසා. O /L අය දෙසැම්බර් වලින් පස්සේ. මේක ඉතා හොඳ දෙයක්. ජාතික පාසල් ගුරුවරු තමන්ගේ බුදලේ වගේ තමයි ඉස්කෝල වල ඉන්නේ. කට්ට කන්නේ දුර නැත්නම් පළාත් සභා පාසල් වල අය. පළාත් සභා ජාතික පාසල් වර්ග කිරීම නැති කරන්න. හොඳ ගුරුවරු සැමට හොඳ පාසලක වැඩ කරන්න දෙන්න අකිල ගොඩක් හොඳ වැඩ කරනවා. අකිල ඔබට මෙවැනි නිර්බීත තීරණ ගන්න තවත් ශක්තිය ලැබේවා. සී. ඩබ්. ඩබ්. කන්නග්ගර මහත්තයා ට පස්සේ බිහිවූ හොඳම අධ්‍යාපන ඇමති අකිල.
ගාල්ලෙ කෙනා කොළඹටයි කොළඹ කෙනා ගාල්ලටයි දැම්මම හරියට උගන්වන එක වෙන්නෙත් නැහැ. මොකද බලන් ඉන්නේ ගෙදර දුවන්න. අනික නවාතැන් ප්‍රශ්න. ඒ අයගෙත් දරුවන්ගෙ සැමියගෙ ප්රශ්නළ ප්‍රවාහන ගැටළු. ගුරුවරු තමන් ඉන්න ප්‍රදේශය අවට පාසැල් වලට දැම්මම මොකද වෙන්නේ? පරණ රාජ්‍ය සේවයේ නිති ඇයි බැරි වෙනස් කරන්න?
ගුරුවරියන්නේ රටේ වැඩි. ඒ අය අතනට මෙතනට මාරු කලාම ඒ පවුල දරුවන් අනාථ වෙන බව කාටවත් පේන්නේ නැද්ද? ඒ දරුවන් පාසැල් ගණනාවකට යන්න වෙනවා. සැමියා වෙන තැනක රැකියාව කලාම පවුල කැඩෙනවා. මේවාත් බලන්න...