දීර්ඝ කාලීන සාමයට බාධා කරන ආණ්ඩුවේ පිරිස්වලට ඉඩ දෙන්න එපා දීර්ඝ කාලීන සාමයක් උදා කරගැනීමට සහ වාර්ගික අර්බුදයට විසඳුමක් දීම සඳහා කරගෙන යන ක්‍රියාවලිය අනෙක් අතට හැරවීමට උත්සාහ කරන ආණ්ඩුව තුළ සිටින ඇතැම් කොටස්වලට ඉඩ නොදීමට ශ්‍රී ලංකා රජය හා ජනතාව කටයුතු කළ යුතු යැයි මානව හිමිකම් සහ ත්‍රස්තවාදය පිටු දැකීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත බෙන් එමර්සන් මහතා අද (14) ප්‍රකාශ කළේය. 14 July 2017
ඇමති විජයදාස සහ එජා නියෝජිතයා උණුසුම් විවාදයක ශ්‍රී ලංකාවට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සහ ත්‍රස්තවාදය පිටු දැකීම පිළිබඳ විශේෂ නියෝජිත බෙන් එමර්සන් මහතා සහ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අතර උණුසුම් විවාදාත්මත තත්ත්වයක් හටගෙන තිබේ. 14 July 2017
පැඟිරි තෙල් ගාගන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශය කියයි රෝහල්වල ප්‍රතිකාර ලබන ඩෙංගු උණ රෝගීන්ට සහ රෝහල් කාර්ය මණ්ඩලයට පැඟිරි තෙල් ශරීරයේ ගල්වා ගන්නැයි සෞඛ්‍ය අමාත්‍යශංය උපදෙස් ලබා දී තිබේ. 14 July 2017
ජොන්ස්ටන්ගේ නඩුවක නියෝගය අගොස්තු 25 දා අල්ලස් පනතේ ”දූෂණය” නම් වරද සිදුකළැයි චෝදනා ලැබ සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනකු සම්බන්ධ නඩුවේ චෝදනා සංශෝධනය පිළිබඳ නියෝගය අගෝස්තු 25 වැනිදා ලබාදීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද (14) තීරණය කළේය. 14 July 2017
වරාය නගරයට එරෙහි පෙත්සමට මූලික විරෝධතා තුනක් කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියේ (පෝට් සිටි) ඉදිකිරීම් කටයුතු අත්හිටුවන සහ අවලංගු කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සමට එරෙහිව මූලික විරෝධතා තුනක් නීතිපතිවරයා විසින් අද (14) අභියාචනාධිකරණය හමුවෙහි ගොනු කළේය. 14 July 2017
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ගිවිසුම් රැසක් බංග්ලාදේශයේ තෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා මහත්මිය අතර නිල හමුව අද (14) පෙරවරුවේ සිදු විය. 14 July 2017
හිටපු එජාප මන්ත්‍රීගේ පුතා අභිරහස් ලෙස මියගිහින් එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ පුත්‍රයකු මාතර මඩිහ ප්‍රදේශයේ හෝටලයක කාමරයක් තුළ අභිරහස් ලෙස මිය ගොස් සිටියදී අද(14) උදෑසන සොයා ගත් බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි. 14 July 2017
අභයාරාමයේ දේශපාලන කටයුතුවලට අතුරු තහනමක් නාරාහේන්පිට ශ්‍රී අභයාරාම පුරාණ විහාරස්ථානයට අයත් තෙමහල් ගොඩනැගිල්ල දේශපාලන කටයුතු සඳහා යොදා ගැනීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද (14) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. 14 July 2017
රූපවාහිනී හිටපු සභාපති සමාව ගනී රූපවාහිනි සංස්ථාවේ වැඩසටහන් නිෂ්පාදකවරු තිදෙනෙකුට බැන තර්ජනය කළැයි කියන සිද්ධියකට අදාලව එම සංස්ථාවේ හිටපු සභාපති මහාචාර්ය ආරියරත්න ඇතුගල ඇතුළු තිදෙනෙකු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා ඉදිරියේ ඔවුනට සිංහල ක්‍රමයට ආචාර කර සමාව ගනු ලැබීය. 14 July 2017
නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක රිමාන්ඩ් සිසුන් අතුරුදන් කළැයි සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී.දසනායක ජූලි 19 තෙක් රිමාන්ඩ් කරන ලෙස කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද(14) නියෝග කළාය. 14 July 2017
සිම්බාබ්වේ පිල ලකුණු රැස්කිරීම තෝරාගනී ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (14) ආරම්භ වූ ටෙස්ට් තරගයේදී කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. 14 July 2017
’දෙසැම්බර් 31 තෙක් මා සමඟ ඉන්න’ ලබන දෙසැම්බර් 31 වැනිදා තෙක් තමා සමඟ ආණ්ඩුවේ සිටින්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමෙන් ඉල්ලීමක් කර ඇත. 14 July 2017
කතක් පැදවූ ලොරියට යටවී අයෙක් මරුට කොළඹ හලාවත මාර්ගයේ නයිනමඩම පල්ලිය හන්දිය ප%දේශයේදි කාන්තාවක් විසින් පැදවු ලොරියක හැපී පුද්ගලයකු මියගොස් ඇතැයි වෙන්නප්පුව පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ නයිනමඩමේ පදිංචි වර්ණකුලසූරිය අඩප්පගේ එව්සස් ඇන්ටනි ප්‍රනාන්දු නමැති අවිවාහකයෙකි. 14 July 2017
මින්නේරියේ පාසලකට බඹර ප්‍රහාරයක් මින්නේරිය ජාතික පාසලේ සිසු සිසුවියන් 18 දෙනෙකු සහ ගුරුවරියන් දෙදෙනෙකු අද (14) පාසලට පැමිණි අවස්ථාවේ බඹර ප්‍රහාරයකට ලක් වී ඇතැයි හිඟුරක්ගොඩ පොලිසිය කියයි. 14 July 2017
ඩෙංගු බලන්න ගිහින් මන්නා පහර කාලා ඩෙංගු මර්දන වැඩසටහනකදී නිවාස පරීක්ෂාවේ යෙදී සිටි කටුනායක පොලිසියට අනුබද්ධිත සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයකු මන්නා පිහි පහර කෑමකට ලක්ව බරපතළ තුවාල ලබා තිබේ . 14 July 2017
ගොකරැල්ල පොලිසියේ 15 කට ස්ථාන මාරු ගොකරැල්ල පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරින් 15 කට වහාම කි‍්‍රයාත්මක වන පරිදි ස්ථාන මාරු ලබාදිමට කටයුතු කර ඇතැයි පොලිස් මාධ්‍යය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි. 14 July 2017
පොලිතින් තහනම ආපසු හරවන්න එපා - ආනන්ද සාගර හිමි පොලිතින් භාවිතය තහනම් කිරීමට රජය ගෙන ඇති තීරණය වලක්වාලීම සඳහා පොලිතින් නිෂ්පාදකයන් ඇතුළු පිරිසක් කටයුතු කරමින් සිටින බව පරිසරවේදී පාහිංගල ආනන්ද සාගර හිමියෝ කියති. පොලිතින් භාවිතය නැවැත්වීමේ තීරණය ආපසු හැරවීමට පියවර ගන්නේ නම් ඊට එරෙහිව ජනතාව පෙළගස්වන බව ද ඒ හිමියෝ පවසූහ. 13 July 2017
කුමාර වෙල්ගමගේ පෙත්සම කල් යයි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් තමා අත්අඩංගුවට ගැනීම වලක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ලබන නොවැම්බර් 07 වැනිදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) තීන්දු කළේය. 13 July 2017
ෆුල්ෆේස් තහනමට එරෙහි වාරණය අගෝස්තු 08 තෙක් යතුරුපැදිකරුවන් සඳහා ආරක්ෂිත හිස් වැසුම් (හෙල්මට්) සැකසීම ගැන නව රෙගුලාසි මාලාවක් සම්පාදනය කර ඇති බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. 13 July 2017
නෙවිල් ප්‍රනාන්දු රෝහල සඳුදා රජයට පවරාගනී මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල ලබන සඳුදා (11) රජයට පවරා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි කියයි. 13 July 2017
ඇමැති ස්වාමිනාදන්ට එරෙහිව මන්ත්‍රී සුමන්තිරන්ගෙන් පෙත්සමක් උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල පෙරසවි වානේ නිවාස 65,000 ක් සෑදීමේ ව්‍යාපෘති අත්හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ එම් ඒ සුමන්තිරන් මහතා අද (13) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. 13 July 2017
අධ්යක්ෂවරයා කාමරයක කොටු කළැයි හාඩි ආයතනය වහයි අම්පාර හාඩි උසස් තාක්ෂණ ආයතනයේ නේවාසික සිසුන් පිරිසක් විසින් එහි අධ්යක්ෂවරයා ඔහුගේ කාර්යාලයේ සිර කර තැබීමේ සිදුවීමකින් පසුව හාඩි උසස් තාක්ෂණ ආයතනය දින නියමයක් නැතිව වසා දමා තිබේ. 13 July 2017
අංගොඩ වාහන අලෙවිසලකට වෙඩි ප්‍රහාරයක් අංගොඩ උඩුමුල්ල ප්‍රදේශයේ වාහන අලෙවිසලකට මීට ටික වේලාවකට පෙර වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි පොලිසිය කියයි. 13 July 2017
අධිකරණ ඇමැති ගැන කියන වීඩියෝවක් ගැන පරීක්ෂණයක් ඉල්ලයි ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් නීතිය ඉදිරියට පමුණුවාලීම වැළැක්වීමට අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා මැදිහත්වූ බව කියමින් පුද්ගලයකු සමාජය මාධ්‍ය වෙත මුදා හැර ඇති වීඩියෝවක් ගැන පරීක්ෂණ පවත්වන ලෙස ඉල්ලමින් ජාතික බල සේනාවේ මහ ලේකම් වටරැක විජිත හිමියෝ අද පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කළහ. 13 July 2017
ලක්සලේ හිටපු සභාපතිටත් නොතිසි ප්‍රසම්පාදන කි‍්‍රයාවලියට පටහැනිව ජාතික කෞකුකාගාර භූමිය තුළ ‘ලක්සල අලෙවිසැල්’ ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුවක් පෞද්ගලික ආයතනයකට ලබා දීමෙන් අල්ලස් පනතේ දුෂණය නම් වරද සිදු කළැයි ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ (ලක්සල) හිටපු සභාපති අනිල් කොස්වත්ත මහතා සහ එම මණ්ඩලයේ අධ්යක්ෂවරුන් තිදෙනකුට එරෙහිව අල්ලස් කොමිසම අද (13) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය. 13 July 2017
හිටපු බ්‍රසීල ජනපතිට වසර නවයක සිර දඬුවමක් හිටපු බ්‍රසීල ජනපති ලුවිස් ලුලා ද සිල්වා මහතා විසින් සිදු කරන ලදැයි සැලකෙන දුෂණ වලට වරදකරු වීම හේතුවෙන් ඔහුට බ්‍රසීල අධිකරණය විසින් වසර නවයහමාරක සිරදඬුවම් නියම කර ඇතැයි වාර්තාවේ. 13 July 2017
හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ගැන තීන්දුව වත්තල අධිකරණයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත් හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කෝමදෝරු ඩී.කේ.පී දසානායක නාවික හමුදා රෝහලේ දී පරික්ෂාවට ලක් කර සුදුසු නියෝගයක් ලබා දෙන ලෙස කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද(13) වත්තල මහේස්ත්‍රාත් පුර්ණිමා පරණගමගේ මහත්මියට දැනුම් දුන්නාය. 13 July 2017
අලුත් පක්ෂ හයක් ලියාපදිංචි කරයි නව දේශපාලන පක්ෂ 6 ක් පිළිගත් දේශපාලන පක්ෂ වශයෙන් ලියාපදිංචි කළ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. 13 July 2017
බලහත්කාරයෙන් විශ්වාස භංගයක් න්‍යාය පත්‍රයට පළාත් ආණ්ඩුකාර පි.බී.දිසානායක මහතා විසින් පළාත් සභා ලේකම්වරයා බලහත්කාරයෙන් පළාත් ආණ්ඩු කාර්යාලයට ගෙන්වා ගෙන තමන්ට විරුද්ධව විපක්ෂයේ මන්ත්‍රිවරුන්ට ඉදිරිපත් කර ඇති විශාවාශභංග යෝජනාව ජුලි 18 වැනි දා පැවැත්වෙන පළාත් සභා රැස්විමේ න්‍යාය පත්‍රයට ඇතුළත් කොට ඇතැයි උතුරු මැද පළාත් සභාවේ සභාපති ටී.එම්.ආර්.සිරිපාල මහතා පවසයි. 13 July 2017
පල්ලෙබැද්දේ උද්ඝෝෂණයට මැර ප්‍රහාරයක් විදේශයෙන් ගම්මිරිස් ගෙන්වීම වහාම නවත්වා දේශීය ගම්මිරිස් සඳහා නිසි මිලක් ලබා දෙන්නැයි ඉල්ලමින් ඇඹිලිපිටිය රත්නපුර ප්‍රධාන මාර්ගය හරස්කර අද(13) පල්ලෙබැද්ද නගරයේ පැවති උද්ඝෝෂණයකට මැර ප්‍රහාරයක් එල්ල විය. 13 July 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026