අජන්ත කුමාර අගලකඩ
නාවලපිටිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක මහින්දානන්ද අලුත්ගමගේ සහ මතුගම ශ්‍රීලනිප ආසන සංවිධායක කුමාර වෙල්ගම මහත්වරුන් එම සංවිධායක ධුරවලින් ඉවත් කර තිබේ.
ඒ අනුව මතුගම නව ආසන සංවිධායකවරිය ලෙස හිටපු ඇමැතිනි සුමිත්‍රා ප්‍රියංගනී අබේධීර සහ නාවලපිටිය නව සංවිධායක ලෙස මධ්‍යම පළාත් සභා මන්ත්‍රී එච් ඒ රණසිං මහතා පත් කර තිබේ.
ඔවුහු අද රාත්‍රීයේ දී කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපතිවරයා අතින් සිට පත්වීම් ලබා ගත්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොම වුනත් වෙල්ගම මහත්තයා ස්වාධිනව ඉල්ලුවත් මතුගම මිනිස්සු ඡන්දය දෙනවා. සංවිධායකකම් ඕන නැහැ.
ශ්‍රීලනිප ය පිරිසිදු කරන්න ඔහොම හරි උත්සාහ කරන එක හොඳයි.
ඔවු ඉතින්, ඕනෑම පක්ෂයක ප්‍රතිපත්ති විවේචනය කර කර පක්ෂයේ සංවිධායකකමක් දරන්නේ කොහොමද කියන ලොකු ප්‍රශ්නයක්. තව විදියකින් කිවොත් කකුළුවා ඇදේට ගිහින් පැටියට කෙලින් යන්න කියන්න කොහොමද?.
ඉස්සා ඔලුවේ අසුචි තියාගෙන මම සුදනා ..මම සුදනා කියා කියා සිටිනවාලු නේ. මොනවදෝ නොගැලපෙන දේවල් කරලා සුදනෝය කියා ගන්නා මෙයාලට දැන් ඇම්බැට්ටයින් හැර සෙසු ඡන්ද දායකයෝ ඉදිරියේදී සලකන හැටි පෙනෙයි නේ.
මේ දෙදෙනාම ඉන්න ඕන බන්ධනාගාර රෝහලේ .
හරියට හරි ජනාධිපතිතුමනි ....ඩබල් ගේම් ලා හදුනා ගන්න..ඉවත් කරන්න... නියම සුදුස්සන් පත්කරන්න ඉදිරි මැතිවරණයේ ජයනියතයි. මහජනයා ජනාධිපතිතුමා සහ පවතින රජය සමගයි...ජයවේවා !!!
එන්නකෝ පොහොට්ටුවෙන්.. අපි හොඳට සලකලා යවන්නම්.
සිරිසේනගේ වෛරය ඉස්මතු වන තවත් අවස්ථාවකි. ආප්ප කාලා පක්ෂේ හැර දාලා රට විනාශ කරන නඩේ එක්ක එකතු වෙලා මෙයා මොකක්ද කරන්නේ? ලැජ්ජා නැති නිවට දේශ ද්‍රෝහීන් සමග පක්ෂයත්, රටත් විනාශ කරනවා වගේ...
අදහස් දාල තියෙන සියලුම නෝනා මහත්වරුන්ට අමතක වුණු දෙයක් තියෙනවා හදිසියෙවත් වෙල්ගම මහත්තයා ආණ්ඩුවට හේත්තු වුණානම් මේ වෙනකොට කැබිනට් ඇමතිකෙනෙක් නේද. මහත්වරුනේ හොදට මතක තියාගන්න මේක ලංකාව.
හොර වැඩ ගැන ලියපුවා මේ තීරයේ පල කරන්නේ නැත. සලුසලෙන් ගසා කාපු කෙනෙක්ව මතුගම කන්න දාන්න එපා. මොනවා වුනත් වෙල්ගම මහතා මිනිස්සුන්ව පිටරට අරිනවා කියලා සල්ලි අරන් කණු තිබ්බේ නැහැ.