(විනීතා එම් ගමගේ)
මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ දී ජලවහන පද්ධතියට හානිවන හා ගංවතුර ඇතිවන ස්ථානවල දී පස් පිරවීම වෙනුවට කණුමතින් මාර්ගය ඉදි කිරීමට උපදෙස් දී ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
එම අධිවේගී මාර්ගය වෙනුවෙන් මේ වනවිට මධ්‍යම පරිසර අධිකාරිය ජලවිද්‍යාත්මක අධ්‍යයනයක් කරමින් සිටින බව ද එම අධිකාරිය කියයි.
කඩවත හා දඹුල්ල අතරද පොතුහැර හා ගලගෙදර අතර ද මාර්ගය වෙනුවෙන් මාර්ග සංවර්ධන අධිකාරිය මේ වනවිට පරිසර අධ්‍යයන වාර්තාවක් ඉදිරිපත් කර ඇතැයි මධ්‍යම පරිසර අධිකාරියේ අද (12) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එහි නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් කාන්ති ද සිල්වා මහත්මිය පැවැසුවාය .
මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් කළ පාරිසරික අගැයිම් වාර්තාව මධ්‍යම පරිසර අධිකාරිය විසින් අධ්‍යයනයට ලක්කළ බවත් ඒ අනුව මධ්‍යම පරිසර අධිකාරියේ කොන්දේසිවලට යටත්ව ඉදිකිරීම් සිදුකිරීමට අවසර දුන් බවත් ඇය කීවාය.
විශේෂයෙන් ගංවතුර තර්ජන ඇතිවිය හැකි ස්ථාන හා ජනතා දේපළ වැඩි වශයෙන් හානි සිදුවිය හැකි ස්ථාන පිළිබඳ අවධානය යොමු කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරියට උපදෙස් දුන් බව කී සිල්වා මහත්මිය පොතුහැර හා ගලගෙදර අතර භූමියේ නායයෑම් වැනි ආපදාවන්ට ලක්විය හැකි බැවින් අවධානය යොමු කරන ලෙස ද දැනුම් දුන් බව සඳහන් කළාය.
කෙසේ වෙතත් කණු මතින් මාර්ගය ඉදිකිරීම වඩාත් පරිසර හිතකාමි වන්නේ යැයි ද ඇය තවදුරටත් පැවැසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඬන්න ඕනේ කිරි එරෙන්න. විරෝධය දැක්වූ සැමට ජය.
මේක ඉතා කාලෝචිත මෙන්ම අවම පරිසර හානිය සිදුවන ක්රමවේදයයි. කටුනායක අධිවේගී මාර්ගයටත් මේ යෝජනාව ගෙනාවා. පවතින කොළඹ කටුනායක දුම්රිය මාර්ගය උඩින් කණු මත හදන්න. එසේ කලානම් ඉඩම් අත්පත් කරන්න ඕන වන්නේ ඉතා අවම ප්‍රමාණයක්. පරිසර හා ජන ජීවිත හානිය ඉතාමත්ම අල්පයි. අපිට නොතේරෙන හේතුවක් නිසා එය ප්‍රතික්ෂේප වුණා.
කණු මතින් අධිවේගී මාර්ග සැදීම සැමවිටම හොඳයි, නමුත්, එය වියදම් අධික ඇති විකල්පයක්. ඒ අධික වියදම, අවසානයේ ණයක් බවට පත් වී, මහජනයාගේ කර පිටම වැටෙයි.
මධ්‍යම පරිසර අධිකාරියේ එම නියෝගය ඉහලින්ම අගය කරමි.
අනේ ඔන්න ඔහොම කොස්වත්තේ ලාෆ් වාහන හෝදන අංගනයේ හෝදන වාහන වල තෙල් ටික ලඟින්ම තියෙන කාණුවට හරවන එක නවත්වන්නකෝ. මේ එක තැනක් ,බොහොමයක් වාහන හෝදන තැන් එහෙමයි
සුදුසු තැන කණු මත ඉදිකිරීම වියදම් අධික නොවේ.