(මනෝප්රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
විනිසුරුවරුන් හා නීතීඥවරුන් බහුතරයක් දුෂිත බව මාධ්‍ය හමුවේ පැවසීමෙන් අධිකරණයට අපහාස කර ඇති බවට චෝදනා ලැබ සිටින සමාජ සවිබල ගැන්වීම් හා සමාජ සුභසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට ලබන 25 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියම කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) සිතාසි නිකුත් කළේය.
මෙවැනි ප්‍රකාශයක් කර අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගෙන් නිදහසට කරුණු විමසීම සඳහා ඔහු අධිකරණයට කැඳවන්නැයි පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රසික දිසානායක මහතා කළ ඉල්ලීමක් පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය මෙලෙස සිතාසි නිකුත් කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෲ සහ අනිල් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් විසින් සිතාසි නිකුත් කරන ලදී.
මාගල්කන්දේ සුදන්ත හිමියන් සහ විශ්‍රාමික හමුදා නිලධාරීයකු වන සුනිල් පෙරේරා යන අය මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇති අතර එහි වගඋත්තරකරු වශයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා නම් කර ඇත.
රාමනායක මහතා විනිසුරුවරුන් හා නීතීඥවරුන් බහුතරයක් දුෂිත බව මාධ්‍ය හමුවේ පැවසීමෙන් අධිකරණයට අපහාසයක් කර ඇති බව චෝදනා කරමින් කරුණු ඉදිරිපත් කරන පෙත්සම්කරුවෝ මේවැනි ප්‍රකාශයක් කර අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රාමනායක මහතාට දඬුවම් නියම කරන ලෙස ඉල්ලා සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රන්ජන් රාමනායක කියල තියෙන්නේ ඇත්තනේ. ඔහු විතරක් නොවෙයි රටේ බහුතරයක් දන්නවා සමහර විනිසුරුවරුන් සහ නීතීඥවරුන් දුෂිත බව
මගේ හොද ගෞරවයක් තිබන කෙනෙක්
රන්ජන් රාමනායකට ජය වේවා! මොහුව රටේ අධිකරණ ඇමති කල යුතුයි.
අපහාස කල යුත්තේ අධිකරණයට නොව අධිකරණයට බලපෑම් එල්ල කරන දේශපාලකයින්ටය. දේශපාලකයෝ අධිකරණයට බලපෑමක් කරන්නේ නැත්නම් අධිකරණය ස්වාධින වේවි.
අධිකරණයට අපහාසය කොහොම වෙතත් අධිකරණයේ ගෞරවය රැකගැනීමට කරන ලද ප්‍රකාශයකි. පෙත්සම්කරුවන් සිතන පරිදි අධිකරණය සුදෝ සුදුම වුනේනම් රටම දුෂිතයන්ගේ පාරාදීසයක් වන්නේ නැත. දේශපාලන වේදිකාවේ බහුතරය නීතිඥයන් වීම රටම දුෂණයට ලක්වීමට හේතුවී ඇත. ඇත්ත කතාකරන රාමනායක මහතා ගැන අපි ආඩම්බර වෙමු.
නීති වේදීන්ගේ අදායම් ගැන සොයා බලා බදු පැනවිය යුතුයි..
රන්ජන්ගේ කීම සනාථ කිරීමට හොඳ සාක්ෂියක් හිටපු අගවිනිසුරුම සපයලා තිබෙනවානේ. මේ නඩුව ඇදිලා එන එක හොඳයි එවිට සියලුම දුෂණයන් සාක්ෂි සහිතව ඔප්පු කර පෙන්වන්න ඔය අධිකරණ ක්ෂේත්රය තුලින් සොයා ගත හැක.
රන්ජන් කියපු දේ හරි.
පසු ගිය කාලය තුලදී අග විනුසුරු ඇතුළු විනුසුරුවන්ගේ හැසිරීම දුෂිත බව පෙන්නුම්කරයි. රන්ජන් රාමනායකගේ ප්‍රකාශය නිවැරදියි. උදාහරණ දිය හැකිය. අධිකරණය පිරිහෙමින් පවතී. බන්ධනාගාරය අති දුෂිතයි. පරිපාලන සේවය දුෂිතයි ගුණාත්මක බාවය ප්‍රමිතියක් නොමැත. පොලිස් සේවය ප්‍රමිතිය කඩාවැටී ඇත. නියොජ පොලිස්පතිවරු කීදෙනෙක් චෝදනා ලබා සිටිනවාද. බැංකුවල මුල්‍ය විනයක් නැත. මේ සියලු ආයතන ප්රතිසංශෝධනය කල යුතුයි
නිවැරදි දේ විතරක් කලාම මිනිස්සුන්ගේ හිතේ ගෞරවය නිකන්ම ඇති වෙනවා.
ඇමතිතුමනි ඔබ හොදට හෝ නරකට කියපු කතාව මම අගය කරනවා මෙරටේ නිතිය තියෙන්නත් බල පුළුවන්කාරින්ට, මේගොල්ලෝ නීති ගරුක නම් දුෂිත නැත්නම් මෙරටේ මෙතරම් අපරාද සිදුවන්නේ නැහැ. මේ අයත් කරන්නේ මුදල් වෙනුවෙන් නිතිය බල්ලට දාලා තමයි කටයතු කරන්නේ. ඇමතිතුමනි ඔබ හොරු අල්ලන වැඩේ ඉදිරියටම කරගෙන යන්න. ඔබට විතරයි ඒක කරන්න පුළුවන්. ඇත්ත හෙළිකරලා ඔබ හිරේ ගියත් ඔබට සතුටු වන්න පුළුවන් රටට වැඩක් කලා කියලා හැබැයි ඔබත් නිවැරදි වන්න
මොන බොරුද රන්ජන් මහතා කියල තියෙන්නේ ලංකාවේ සියලුම ක්ෂේත්‍ර දූෂිතයි අධිකරණ හැර
රන්ජන්ට ජයවේවා. මේ තත්ත්වය ජනතාව තේරුම් ගැනීම වැදගත්.