(විනීතා එම් ගමගේ)
පොලිතින් තහනමට ජනතාව අතරින් 95%ක් සහය පළ කරන බව මධ්‍යම පරිසර අධිකාරිය කළ අධ්‍යයනයකදී හෙළි වූ බව එහි සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා ප්‍රකාශ කරයි.
ඉකුත් සැප්තැම්බර් පළමුවැනිදා පොලිතින් තහනම් කිරීමත් සමඟ ගෙවුණු සති හයේ දී මධ්‍යම පරිසර අධිකාරිය මඟින් මෙම අධ්‍යයනය සිදුකර ඇත.
පිටකොටුව, බත්තරමුල්ල හා බෝමිරිය නියැදි ලෙස ගෙන මෙම අධ්‍යයනය සිදුකළ බවත් පොලිතින් තහනම ගැන ජනතාව කොතරම් දැනුවත් ද යන්න සොයාගැනීම සඳහා මෙම අධ්‍යයනය සිදු කළ බවත් හෙතෙම කීය.
පොලිතින් තහනම ගැන සියයට 93 ක් දෙනා දන්නා බවත්, තහනම් කර ඇත්තේ මොනවාදැයි දන්නේ සියයට 75 දෙනා පමණක් බවත් සභාපතිවරයා කීය.
අධ්‍යයනයේ දී ප්‍රශ්නාවලියට පිළිතුරු දුන් අය අතරින් සියයට 63 ක් දෙනා පොලිතින් බත් කොළවල ආහාර ගෙනයාම ඉවතලා ඇතැයි පැවසූ ධර්මසිරි මහතා සිලි බෑග් ඉවතලා විකල්ප කරා යාමට හුරු වූ පිරිස සියයට 65 ක් බව හෙළිවී යැයි ද ප්‍රකාශ කළේය.
මේ වනවිට පොලිතින් නිෂ්පාදකයන් ද විකල්ප කරායාමට සුදානමින් සිටිතැයි ද හෙතෙම කීය.
මහාචාර්යවරයා මේ අදහස් පළ කළේ මධ්‍යම පරිසර අධිකාරියේ අද (12) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
ළමයින් අතර ඇති කරන දැනුවත් භාවයෙන් පොලිතින් භාවිතය අවම කිරීමට කටයුතු යෙදේ. එමෙන්ම පොලිතින් වෙනුවට යොදා ගත හැකි විකල්ප නිශ්පාදන ප්‍රචලිත කිරීමට කටයුතු යොදන බව ද මෙම මාධ්‍ය හමුවේ දී හෙලිවිය. විකල්ප නිශ්පාදනවලට යොමුවීමට පොලිතින් නිශ්පාදකයින් 27 දෙනෙක් එකඟ වී ඇති අතර පෞද්ගලිකව මේ පිළිබඳව ඔවුන් අවධානය යොමු කර ඇති බව ද අධිකාරිය පවසයි.
ජෛව හායනයට ලක්වන, පරිසරයට හානි නොකරන හා ක්ෂුද්‍ර ජීවි ක්‍රියාකාරීත්වය හේතුවෙන් දිරායන විකල්ප වලට යොමුවීමේ අවශ්‍යතාව මතු කරමින් කටයුතු කරන බව ද එහි දී ප්‍රකාශ කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජෛව හායනයට ලක්වන, පරිසරයට හානි නොකරන හා ක්ෂුද්‍ර ජීවි ක්‍රියාකාරීත්වය හේතුවෙන් දිරායන කිසිසේත්ම පොලිතීන් අඩංගු නොවන ඉතා අගනා විකල්ප නිෂ්පාදනයක් දැනට වසර 10 ට අධික කාලයක් තිස්සේ මෙරට නිෂ්පාදනය කරන බව බොහෝ දෙනෙක් නොදනී. හේතුව ඊට රාජ්‍ය අනුග්‍රහය නොලැබීමයි. නිෂ්පාදකයාට ඉන් හානියක් සිදු නොවුනි. යුරෝපා සංගමය සහ එංගලන්තය මේ භාණ්ඩ ඉතා අගය කොට මහා පරිමාණයෙන් මිලදී ගන්නා බැවිනි. ඔවුන් අවශ්‍ය ප්‍රමිතිය සහතික කර ඇත. පොලිතීන් නිෂ්පාදන හා තරඟකාරී මිලකට හා ප්‍රමිතියකට නිපදවයි. අපි කතාවට දක්ෂයි. ඒත් වැඩ බාලයි.
පොලිතින් තහනමට මමත් කැමතියි. නමුත් ඒ සඳහා නියම විකල්පයක් තවමත් හරි හැටි ක්‍රියාත්මක නොවෙන එක ගැන කණගාටුයි. වැඩි දෙනා භාවිතා කරන විකල්ප සෞඛ්‍යයට හානිකරයි. බොහොමයක් කඩවල ආහාර වර්ග විකිනීමේදී කඩදාසි කවර භාවිතා කරනවා. මේ කවර තනා තිබෙන්නේ පරණ පාසල් අභ්‍යාස පොත්, සඟරා පිටු ආදියෙන්. ඒවායේ තිබෙන කුණු දූවිලි, තීන්ත වර්ග ශරීරයට අහිතකරයි. පැටිස්, රෝල්ස්, සැන්විච් වගේ ආහාර කෙලින්ම මේ කවර වල දමා අලෙවි කරනවා. ඉතින් අර කියපු විෂ බීජ සහ, නොයෙකුත් විෂ වර්ග අපිටත් නොදැනීම ශරීරයට ඇතුළු වෙනවා ඔය ආහාර අනුභව කිරීමෙන්. කෙසෙල් කොළ, නෙලුම් කොළ හෝ වෙනත් ශාක පත්‍ර වල ආහාර ඔතන එකත් ඔය වගේම අනතුරු දායකයි, ඒවා හරි හැටි පිරිසිදු නොකරන නිසා. ගෙදරදී මව හෝ බිරිඳ කෙසෙල් කොලයක් ආහාර එතීමේ කටයුත්තට පිළියෙළ කරන ආකාරය ඉතාමත් ආරක්ෂිතයි. ඒ නිසා නිසි විකල්ප ඉදිරිපත් නොකර යමක් එක්වරම තහනම් කිරීම නිසා බලාපොරොත්තු නැති ප්‍රශ්න මතු වෙනවා.
මේක නම් බොහොම හොඳ දෙයක්...
පොලිතීන් වෙනුවට එන ආදේශක වල මිල දෙගුණයකින් වැඩි නිසා ඉදිරියේදී භාවිතය අවම විය හැකි වුවත්, පාරිභෝගිකයින්ට වෙනත් විකල්පයක් නොමැති නිසා වෙනදා රු. 125 - 190ක් දීලා ගන්න වෙන ලන්ච් ශීට් රු.450ක් විතර දීලා ගන්න වේවි. එ්ත් කමක් නැහැ පරිසරය රැකෙනවා නම්...