අජන්ත කුමාර අගලකඩ
ශ්‍රී ලංකා නිහස් පක්ෂයේ අත්තනගල්ල ආසන සංවිධායක ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පත් කර තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම පත්වීම කර ඇත්තේ අද කොළඹ ජනාධිපති මන්දිරයේ පැවැති ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් අතරතුරදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරු මැතිනියට ජයවේවා .!!!
එක ජනාධිපති කෙනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රී වුනා කියල තව එක්කෙනෙක් ආසන සංවිධායක වෙලා.
ජයවේවා මැතිනියනි. මේ රට හොරුන්ගෙන් ගොඩ ගන්න ශක්තිය ලැබේවා
මෙයා මේ සැරේ තමයි අමතක නොවන පාඩමක් ඉගෙන ගන්නේ.
අපේ මැතිනියට ජයවේවා. බණ්ඩාරනායක නාමය දිනේවා.
ආයේ දේශපාලනේට එන්නේ නෑ කිව්වා නේද?
ඔබතුමිට අත්තනගල්ල පමණක් නොව මුළු ගම්පහ දිස්ත්‍රික්කයම ජය ගත හැකයි. අපි දිවුලපිටියේ ඔබතුමිට ජයවේවායි පතමු. නිවැරදි තීරණයක් ගත් ගරු ජනාධිපතිතුමාටත් ජයවේවා.
අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආශාවක්.
ඒකත් නරක නැහැ. එක්කෙනෙක් නිකම්ම මන්ත්‍රී අනෙක් කෙනා ආසන සංවිධායක. ඇමෙරිකාවෙත් එහෙමද?
මම හිතනවා තමන්ගේ නම්බුව තියාගෙන උපදේශක වැඩේ කරගෙන උන්න නම් මෙතුමියට වඩා හොඳයි කියල ආයේ නිකම් රැස්වීම් ගානේ ගිහින් කරදර වෙනවට වඩා.
හිනා යනවා හතර වටෙන්ම... මේවා තමයි යහපාලන විහිළු කියන්නේ...
ජයවේවා ! මැතිනියනි හොරු එළවා යුක්තිගරුක සමාජයක් වෙනුවෙන් කැපවන්න - ඔබට ජය !
විජේකුමරතුංග මහත්මයා දේශපාලනේ කරන්න ඕනේ නිසා මෙතුමියට අහු වුණා, විජේ මහතා මියගිය පසු මෙතුමිය එ්කෙන් උපරිම ප්‍රයෝජන ගත්තා, කොහොම හරි ජනතාවගේ අනුකම්පාවට ජනාදිපති වෙන්න වාසනාව ලැබුවා. එ්කෙන් රටට ලැබුණු දේ මොකක්ද? ජනතාව ගොනාට අන්දා. රටට වැඩක් කරපු ජනාධිපති කෙනෙක් මේ විදිහට විහිළුවට පත්වෙන්න ඕනෙද?, මෙතුමියටත් මේ හොරාකන විදිහ දැක්කම පිස්සු වගේ, රටට, ජාතියට වැඩ කරන්න අද ලෝකේ කිසිම කෙනෙක් බිහිවෙන්නේ නැහැ. තමන්ගේ වැඩක් කරගන්න තමා ඔය එල්ලිලා ඉන්න හදන්නේ....අපි නොදන්න චෙස්, මෙතුමිය පස්සේ යන ජනතාවට බුදුසරණයි.
පිස්සුද මේ මනුස්සයට ,කරන්න පුළුවන් දෙයක්ද? බණ්ඩාරනායක නමටත් අවනංබු කරනවා..........
එංගලන්තයේ ඇන්ඩ්ර කුමාරයට අයිති මාලිගාවක් ගත්තා කිව්වේ කොහොමද කියල කියන්න. වෝටර්ස් එජ් හෝටලය ගැනත් බාල්දියක් ඇදුනා නේද අපි දන්නා තරමින් ඔබට එංගලන්තයේ දේශපාලන රැකවරණ සහ පුරවැසි කම ලැබුනේ බොහොම ඉස්සර. එකත් තාම තියාගෙනද ඡන්දෙ ඉල්ලන්නේ. එහෙම පුරවැසි කමක් නැත්නම් ඔබ කොහොමද විජය මැරුණාම අවරුදු ගානක් එංගලන්තයේ හිටියේ. චැනල් 4 එකේ අපේ හමුදාවට ගහපු මඩ වීඩියෝ දැකලා ඔබේ පුතා 'ලංකාවේ සිංහලයෙක් වෙලා ඉපදුන එක ලැජ්ජාවක්' කිව්වා කියා ඔබ ප්‍රසිද්ධියේ කිව්වා. ඔබට ලජ්ජා නැද්ද එහෙම සිංහලුන්ගේ ඡන්දෙ අරන් පාර්ලිමේන්තු යන්න.
බණ්ඩාරනායක මැතිණියට.. අත ලකුණට ජයවේවා........
අපේ මැඩම්ට ජයවේවා!!!!!!!!!!!!!
මෙතුමිය තුලින් හොරකමින් සහ දූෂණයෙන් තොර දේශපාලනයක් ගොඩනැගිය හැකියයි සිතමි.
ඔන්න බැසිල් මහත්තයෝ අභියෝග... පුළුවන් නම් දිනලා පෙන්වන්න...
75% ක් යුද්ධය නිම කරපු මෙතුමියට ජය වේවා...!!! ගම්පහ දිස්ත්‍රික්කය සුරපුරයක් කල මෙතුමියට ජයෙන් ජයම වේවා...!!! රාජ්‍ය භාෂාව සිංහල කර තම දරුවන්ට එංගලන්තයේ උගන්වා රට මේ ආකාරයට බැබළ වූ මෙතුමියගේ පියාණන්ටද නිවන් සැප ලැබේවා...!!!
මෙතුමියව කොටින් විසින් මරන්න හැදුවා. මෙතුමිය සුදර්ශනී මැතිණියත් එක්ක එකතු වුණොත් ගම්පහ දිනුම්. මැතිණියනි, ඉදිරියට අත ලකුණ දිනවමු. අත්තනගල්ල, දොම්පේ, ගම්පහ, මහර, කැලණිය, දිවුලපිටිය, මිනුවන්ගොඩ හොඳින් සංවිධානය කර ගම්පහ දිනවමු. මැතිනිය සහ බණ්ඩාරනායක නාමය සදා දිනේවා.!!!
චෞර රැජිනගේ කෙරුවාව නොදන්නා අයට නම් මැය හොඳ වුනාට රටට ආදරයක් තියෙන ඕනෑම කෙනෙක් දන්නවා බොරුව, කුමන්ත්‍රණය, වංචාව, සමග ඉන්න කෙනෙක් කියලා.
අපි චෞර රැජිනට ! චෞර රැජින අපට !අල්ලන කුඩු කේරලා ගංජා ප්‍රතිච්ක්‍රීය කර හෝ ප්‍රති අපනයනය කර මුදල් උපයමු !සයිබර් ප්‍රහාර මධ්‍යස්ථානයක් ඇති කර විදෙශීය විනිමය උපයා අය වැය පරතරය පියවමු !