(විනීතා එම් ගමගේ)
පළාත්පාලන ඡන්ද විමසීම් (සංශෝධන) පනත අඟහරුවාදාවත් ගැසට් කරන්නේ නම් 19 වැනිදා පැවැත්වෙන මැතිවරණ කොමිෂන් සභා රැස්වීමේ දී නාමයෝජනා නිකුත් කරන දිනය ගැන තීන්දුවක් ගත හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා ප‍්‍රකාශ කළේය.
එම පනත කතානායවරයා විසින් අත්සන් කරනු ලැබ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා වෙත එවා ඇතැයි ද ඒ මහතා කීය.
පළාත් පාලන ඡන්දය ඉක්මණින් පැවැත්වීම තමන් ගේ අරමුණ බවත් ඒ සඳහා වන ඡන්ද හිමි නාමලේඛනය සකස්කර මේ වන විට සහතික කර ඇති බවත් ඒ මහතා පැවැසීය.
ඒ මහතා මේ බව පැවසූවේ පළාත් පාලන හා පලාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා මැතිවරණ කොමිෂන් සභාවේ දී අද (13) හමුවූ අවස්ථාවේ දීය.
පළාත් සභාවක අන්තර්ගත විය යුතු බලප‍්‍රදේශ සහ කොට්ඨාශ පදනමින් සහ පොදු ලැයිස්තුව තුළින් තේරී පත්විය යුතු මන්ත‍්‍රීන් සංඛ්‍යාව ඇතුළත් සංස්ථාපන නියමයන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා වෙත භාර දීම මෙහි දී අමාත්‍යවරයා අතින් සිදුවිය.
“මේ කෙටුම්පත ප‍්‍රකාශයට පත්කිරීම අමාත්‍යවරයාගේ කටයුත්තක්. මේක අපේ දැන ගැනීමට දීපු එක ගැන අපි සතුටු වෙනවා.
ඡන්ද හිමි නාමලේඛනය සකස් කර ඊයේ දිනයේ දී සහතික කර තියෙනවා. ඊළඟට ඡන්ද හිමි නාමලේඛනය ඒ පළාත් පාලන ආයතනවල කොට්ඨාශවලට වෙන් කරන්න සතියක විතර කාලයක් යනවා. ඊට අමතරව අපි පරිපූරක නාමලේඛනයක් හදන්න ඕන. ගැසට් නිවේදනය නිකුත් කරන එක මේ මාසය තුළ කරගන්න පුළුවන්. නමුත් මට තනියම ඒක කියන්න බැහැ. කොමිෂන් සභා රැස්වීමේ දී තමයි තිරණය කරන්න ඕන.
අපේ විශ්වාසය තියෙනවා ඡන්ද විමසීම ලබන වසරේ ජනවාරියේ තියන්න පුළුවන් වේවි කියලා. දැනට තියෙන ප‍්‍රශ්නය ඒක කලින් තියන්න බැරි ඉස්කෝලවල විභාගය පැවැත්වෙන නිසා දෙසැම්බර් 21 වැනිදා දක්වා. දෙසැම්බර් අවසාන භාගයේ දි රාජ්‍ය ආයතනවල ගිණුම් පියවන නිසා ඔවුන්ට මේ කටයුත්තට හිර වෙන්න බැහැ.
අපි කැමතියි ඡන්ද විමසීම ඉක්මණින්ම තියන්න. දැන් තියෙන්නේ පන්දුව ඇමතිතුමා අතේ.’’ යැයි ද දේශපි‍්‍රය මහතා ප‍්‍රකාශ කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්ද අපට තේරෙන වයසේ සිට ඔය කියන පන්දුවේ අඩුපාඩු සහ එහාට මෙහාට මාරුකළා හැර අපගේ මවුබිමට නම් වුණු සේවය කුමක්ද යන්න පන්දුව හැමදාම අතේ තියාගෙන ඉන්න අය ක්‍රීඩකයන්ගෙන් දැන ගත යුතුය.
සභාපතිතුමනි, ඔබතුමා මැතිවරණය තියන්න කලබල වෙන්න එපා. මොකද රටේ ජනතාවට හදිසි නැහැ. නමුත් යමක් කිරීමේදී එය පිළිවෙළට කරන්න ඕනෑ. නැතිනම් ඔබතුමාටම තමා නරක නාමය එන්නේ...
මැතිවරණ පන්දුව තියෙන්නේ ඇමැතිතුමා අතේ.
මේ ආණ්ඩුවේ ඉන්නේ බෝල අල්ලන කට්ටිය පමණි. මොකද 3/4 කට විකට් පොලු නැත. එමනිසා තමයි රටකට මෙසේ සිදුවී ඇත්තේ.... දෙයියන්ගේම පිහිටයි... !!! දැන් අපේ රට බැංකු හොරුන්ගෙන් පිරිලා...
සමන් සහෝදරයා, රටක මැතිවරණ තියන්නේ රට පවතින තත්වය අනුව බවත් ඔය කාටවත් ඕන ඕන වෙලාවල් වල මැතිවරණ තියන්න බැහැ. බලයට කෑදර අයට හා හොරුන්ට තමයි. හදිසි නැතිනම් රටේ ජනතාවට මැතිවරණ කරන්නට කාලයක් නැහැ. ජනතාවට ඕනෑ එදා වෙලා හොයාගන්න එක ගැන හිතන්න. එ්ක නිසා මම කියන්නේ ඔබට මතකද ඕන ඕන වේලාවල්වල මැතිවරණ තියන්න ගිහින් තියන එකත් නැතිකරගත් ඔබ කියන මහරජාට වුණු දේ... ඒ වගේම අපි දැක්කේ නැහැ ජනතාව මැතිවරණ ඉල්ලා පාරට බැහැල ඉන්නවා. ඔය හොරු රැලක් නම් ටිකක් දඟලනවා අපි දැක්කා... ජනතාවට ආදරේට ද? නැහැ... මගේ අදහස ඔය කියන මැතවරණ සිතියම 2025 වනතුරු, හකුලා දන්න කියලයි.
මැකෝ පුස් වෙඩිල්ලක් කියල තෙරෙන්නෙ දැන් තමයි .නිකං බෙලෙක් සද්දෙ විතරයි .
අර පන්දු , මේ බෙට් එක, ඔය පිච් එක වැඩක් නෑනේ, ඕනේ ඡන්දය තියන එක. ඇමතිතුමෝ, මැකෝ වැඩේට බහින්න. අපි ජනතාව ටික බලා ගන්නම්.