(ආරියරත්න රණබාහු)
පළාත් පාලන මැතිවරණය ලබන ජනවාරි 20 වැනි දා පැවත්වනු ඇතැයි ශ්‍රී ලංකා නිදහස් තරණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පවසයි.
ඒ අනුව ලබන දෙසැම්බර් සිට නාම යෝජනා කැඳවීමට ඉඩ ඇතැයි කී ඒ මහතා මේ සම්බන්ධව අදාල නෛතික රාමු මේ වන විට සකස් වෙමින් පවතින බවද කීය.
කොට්ඨාස සහ අනුපාත ක්‍රමය යටතේ පැවැත්වෙන මෙවර පළාත් පාලන මැතිවරණයේ දී තනි කේවල කොට්ඨාස සංඛ්‍යාව 4836 ක් වන බව කී ශාන්ත බණ්ඩාර මහතා ජනවර්ග දෙකක් සිටින කොට්ඨාස 122 ක් ද ජනවර්ග 3 ක් සිටින කොට්ඨාස 4 ක් ද වශයෙන් වෙන් කර ඇති අතර ඒ අනුව සමස්ත ඡන්ද කොට්ඨාස ගණන 496 ක් වන බව කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාන්ත බණ්ඩාර නව මැතිවරණ කොමසාරිස්ද?
දැන් මැතිවරණ දින නියම කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පෙරමුණේ සභාපතිද ? මේ තනතුර මැතිවරණ කොමසාරිස්ට ඉහල ද ? නොදන්නා කමටයි අහන්නේ. නැකැත් එහෙමත් බලලා වෙන්න ඇති දින නියම කළේ. මේකත් අලුත් ප්‍රවණතාවයක් වගේ.
ශාන්ත, නිකන් මිනිසුන් අන්දන්න හදන්න එපා. මොකද එතකොට ඔයගේ හෙළුවයි පෙනෙන්නේ.