(ඉන්දිකා රාමනායක)
හම්බන්තොට විරෝධතාවක් අතරතුරදී අත්අඩංගුවට ගත් තරුණයකුට ප්‍රසිද්ධියේ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට සහකාර පොලිස් අධිකාරි තුෂාර දළුවත්ත මහතා වහාම කි‍්‍රයාත්මක වන පරිදි මාතර කොට්ඨාසයට මාරුකර ඇත.
පොලිස් කොමිසමේ නියෝගයක් මත මෙම මාරුවීම දී ඇතැයි වාර්තා වේ.
හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපොළ දීර්ඝ කාලීන බදු පදනම යටතේ ඉන්දියාවට පැවරීමට එරෙහිව හම්බන්තොට දී ඉකුත් 6 වැනි දා මෙම විරෝධතාව පැවැත්විණි
මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් ගාල්ල නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ පරීක්ෂණ ආරම්භ කර ඇති අතර එම පරික්ෂණය සිදුකරන අතරතුර මෙම ස්ථාන මාරුවීම ලබා දී ඇති බව පොලිසිය කියයි
මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට ප්‍රකාශ කිහිපයක් ම සටහන් කරගෙන ඇති අතර සහකාර පොලිස් අධිකාරි තුෂාර දළුවත්ත මහතාගෙන් ද ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව එම පරීක්ෂණ වාර්තාව පොලිස්පතිවරයා වෙත ලබාදීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්ථාන මාරුවක් කියන්නේ දඩුවමක් නෙවේ. මොහුට විමර්ශනයෙක් පසු වරදකරුවෙක් වුනොත් අමතක නොවන දැඩි දඩුවමක් ලබා දිය යුතුය
පුද්ගලයෙකු අත්අඩංගුවට තැනීමේ දී පිළිපැදිය යුතු අපරාධ නීතියේ මුලීකාංග අමු අමූවේම උල්ලංඝනය කර ඇත. පොලිස් නිළධාරියා නීතිමය වරදක් කර ඇති බවට ප්රත්යක්ෂ සාක්ෂිද තිබේ. ඔහුව අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත්ට ඉදිරිපත් කල යුතුය. නීතිය , නීති පොත් වලට පමණක් සීමා කල යුතු නැත.
මාරු කලාම හරිද ඒකද මානව හිමිකම් කියල කෑ ගහන්නේ
ඒ වගේම, අධිකරණයෙන් නිකුත් කල වාරණය නොතකා, කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයින්ටත්, තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කල යුතුයි.
ඔහුව මාරු කරන්න තිබුනේ උතුරට.
පොලිසි නිලධාරී තුමා හොඳ මහතෙකි. දැන් මෙතන උද්ගෝෂණය කරපු අය හරිද? පොලිසිය එක්ක ගැටෙද්දී මෙවැනි දේවල් සාමාන්‍ය දෙයකි. අනික උපාසක මහතෙකුට ගැහුවේ නැහැනේ.
රාලහාමිලාට බැටන් පොලු දීලා තියෙන්නේ පොල් ලෙලි තලන්නද? මිනිස්සු නීතියට පිටින් ගොස් කලහාකාරී ලෙස හැසිරෙනකොට හොඳින් කියනකොටත් අහන්නේ නැත්නම් බැටන් පොල්ලට ඉඩ දෙන්න ඕනේ. මෙතන මේ රාලහාමි තමාගේ රාජකාරියයි කලේ.
ස්ථාන මාරුව තනිකරම ප්‍රෝඩාවක්
මෙහෙම ගියොත් රටේ තිබෙන නීති විරෝධි ක්‍රියාවන් නතර කරන්න පොලිස් නිලදාරින්ට නොහැකි වෙනවා. විරෝධතා මෙහයවන අය මිනිසුන්ට පොවන්නේ නීතිවිරෝධි එතනෝල්. ඒවා බිවැයින් පස්සේ පොලීසියට ඒ අයව පාලනය කරන්න බැහැ. ඉතින් මොකද කරන්නේ ? සහකාර පොලිස් අධිකාරී තුමාට මගේ ප්‍රණාමය.
සාක්කි තියෙද්දී පරීක්ෂණයක් පවත්වා සේවයෙන් ඉවත් කරන්න ඕනේ ඔයවගේ අය. නැත්නම් මුළු පොලිස් දෙපර්තමේන්තුවම බල්ලට යනවා.
පිටිගල, මිලානෝවල එහෙමද වෙන්නේ?
මෙතන සාධාරණ වන්නේ දළුවත්තගේත් කන පලා මාරුවීමක් දුන්න නම් තමයි.
සාමාන්‍ය මිනිහෙක් තව කෙනෙක්ගේ කනට ගැහුවොත් මොකද කරන්නේ? අල්ලල රිමාන්ඩ් කරනවා. ඕනෑම පොලිස් කාරයෙක් ඒක දන්නවා. ඉතින් මෙයාටත් ඇයි එහෙම කරන්න බැරි?